NDB මූල්‍ය වංචාවෙන් පසු EY විගණකවරුන්ට මහ බැංකුවෙන් තහංචියක්

NDB බැංකුවේ සිදුව ඇති රු. බිලියන 13.6ක මූල්‍ය වංචාව අනාවරණයෙන් පසු එහි විගණක ආයතනය වූ Ernst & Young (EY) partners හට බැංකු විගණනයන් සිදුකිරීම මේ වන විට තහනම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

පසුගිය (05) දා රැස් වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (CoPF) හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආර්. ආර්. එස්. ද සිල්වා ජයතිලක මහත්මිය මේ බව අනාවරණය කළාය.

අදාළ විගණක ආයතනයට එරෙහිව දැනටමත් නියාමන පියවර ගෙන ඇති අතර ඊට සම්බන්ධ වූ ආයතනයට මින් ඉදිරියට බැංකු විගණන කටයුතුවල නිරත විය නොහැකි බවත් ඇය එහිදී වැඩිදුරටත් කියා සිටියාය.

ඊට අමතරව, මහ බැංකුව නියෝග පරිදි NDB බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව ද මේ වන විට වෙනස් කර තිබේ.

අද දෙරණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top