
2026 SLIM ජාතික අලෙවිකරණ සම්මාන උළෙලේ දී (NSA) විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් (Pelwatte Dairy Industries Limited) සමාගම සමත් විය. දිවයිනේ ප්රමුඛ පෙළේ අලෙවි වෘත්තිකයන් අතරට එක්වෙමින්, ක්ෂේත්‍ර හතරක් ඔස්සේ රිදී සම්මානයක් සහ කුසලතා සම්මාන තුනක් දිනා ගැනීමට එහි අලෙවි කණ්ඩායමේ සාමාජිකයින් සිව්දෙනෙකුට හැකියාව ලැබිණි.
ශ්‍රී ලංකාව පුරා පිහිටි විවිධ ආයතන නියෝජනය කරනු ලබන අලෙවි වෘත්තිකයන් 1,500කට අධික සංඛ්‍යාවක් අතුරින්, විධායක අලෙවි, ප්‍රදේශ කළමනාකරණ, අලෙවි සහායක සහ ප්‍රාදේශීය කළමනාකරණ යන ක්ෂේත්රයන් හි දක්වන ලද විශිෂ්ට දක්ෂතා වෙනුවෙන් පැල්වත්ත සමාගම වෙත මෙම සම්මාන හිමි විය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මඟින් සංවිධානය කරනු ලබන මෙම ජාතික අලෙවිකරණ සම්මාන උළෙල හරහා විවිධ කර්මාන්තයන්හි නියැලී සිටින අලෙවි වෘත්තිකයන්ගේ දක්ෂතා ඇගයීමට ලක් කරනු ලැබීය.
මෙහිදී Sales Executive (FMCG – ආහාර) අංශයෙන් අයි. ඒ. දමිත් නිරෝෂන් පෙරේරා මහතා රිදී සම්මානයෙන් පිදුම් ලැබූ අතර, Territory Manager (FMCG – ආහාර) අංශයෙන් අමිල ප්‍රසංග මාසච්චි මහතා කුසලතා සම්මානයක් දිනා ගැනීමට සමත් විය. එමෙන්ම Other Sales Support Staff – Manager & Above අංශයෙන් අධීෂ මලිත් වැලිවිට මහතා කුසලතා සම්මානයක් හිමිකර ගත් අතර, Regional Sales Manager අංශයෙන් යූ. ඒ. චන්න දමයන්ත බණ්ඩාර මහතා ද කුසලතා සම්මානයෙන් පිදුම් ලැබීය.
පාරිභෝගික සබඳතා වර්ධනය කිරීම, සමාගමේ වෙළඳපල නියෝජනය ශක්තිමත් කිරීම සහ ව්‍යාපාරික වර්ධනයට සහාය වීම වෙනුවෙන් පැල්වත්ත අලෙවි කණ්ඩායම දක්වන දායකත්වය මෙම ඇගයීම හරහා පිළිබිඹු වේ. දිවයින පුරා සිටින පාරිභෝගිකයින්, බෙදාහරින්නන් සහ වෙළඳ පාර්ශවකරුවන් සමඟ සමීපව කටයුතු කරමින් සමාගමේ ව්‍යාප්තියට සහ කිරි නිෂ්පාදන පාරිභෝගිකයා වෙත පහසුවෙන් සමීප කිරීමට මෙම කණ්ඩායම සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි. මීට අමතරව, ශ්‍රී ලාංකේය වෙළඳපලට උසස් තත්ත්වයේ කිරි නිෂ්පාදන ලබා දීමට පැල්වත්ත සමාගම සතු කැපවීම සඳහා ද ඔවුන්ගේ මෙම උත්සාහය බෙහෙවින් උපකාරී වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කිරි නිෂ්පාදකයෙකු වන පැල්වත්ත සමාගම තුළ, සිය සාර්ථකත්වය සහ වෙළඳපල ස්ථාවරත්වය පදනම් වී ඇත්තේ තම සේවකයින්ගේ හැකියාවන් සහ කැපවීම මත බව විශ්වාස කරයි. ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට උසස් තත්ත්වයේ කිරි නිෂ්පාදන ලබාදීමේ අරමුණ සහ සමාගමේ වර්ධන ගමන සක්‍රීයව සවිබල ගන්වන විශිෂ්ට අලෙවි වෘත්තිකයන් බිහි කිරීම වෙනුවෙන් කරනු ලබන අඛණ්ඩ ආයෝජනය මෙන්ම සමාගමේ මානව සම්පතට මුල්තැන දෙන සංස්කෘතිය ද මෙම සම්මාන හතර හරහා මැනවින් ප්‍රදර්ශනය වේ.
මෙම ජයග්‍රහණය මඟින් අලෙවි ක්ෂේත්රයේ දක්ෂතාවන් ඇගයීමේ සහ වර්ධනය කිරීමේ වටිනාකම ඉස්මතු වන අතරම, පැල්වත්ත සමාගමේ අඛණ්ඩ වර්ධනය උදෙසා සහ ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය තුළ එහි ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා එහි කාර්ය මණ්ඩලය ඉටුකරන කාර්යභාරය ද මනාව පැහැදිලි කරයි.
END.
