
ටයිල්, බාත්වෙයා සහ උපාංග පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නිෂ්පාදකයා වන රොසෙල්, 2026 ගෝලීය කාර්යසාධන විශිෂ්ටතා සම්මානයේ (GPEA) “Best in Class” සම්මානය දිනාගනිමින් සිය ආයතනික ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත.
ආසියා පැසිෆික් තත්ව සංවිධානය (APQO) විසින් පිරිනමනු ලබන GPEA සම්මානය යනු ආසියා-පැසිෆික් කලාපය පුරා ක්‍රියාකාරීත්වය සහ ව්‍යාපාරික විශිෂ්ටත්වය අගයමින් පිදෙන කීර්තිමත් ජාත්‍යන්තර සම්මානයකි. නායකත්වය, උපායමාර්ගික සැලසුම්කරණය, පාරිභෝගික අවධානය, මිනුම්කරණය, විශ්ලේෂණය, දැනුම කළමනාකරණය, සේවක සහභාගීත්වය සහ මෙහෙයුම් ක්‍රියාවලි ඇතුළු දැඩි නිර්ණායක මත පදනම්ව ආයතන මෙම සම්මානය සඳහා ඇගයීමට ලක් කෙරේ. මෙයට අමතරව, උසස් තාප ප්‍රතිසාධන පද්ධතියක් ස්ථාපනය කිරීම හරහා උදුන් (Kilns) වලින් නිකුත් වන අපතේ යන තාපය නැවත භාවිතයට ගැනීමට රොසෙල් දැක්වූ ඉංජිනේරුමය දක්ෂතාව අගයමින් International Best Practice Gold Award ද හිමි වී තිබේ. මෙය සමාගමේ තිරසාරභාවය සහ නවෝත්පාදනය වෙනුවෙන් ඇති කැපවීම පිළිබඳ කදිම සාක්ෂියකි.
“Best in Class” නාමයට සහ International Best Practices රන් සම්මානවලට හිමිකම් කීම හරහා රොසෙල්, ශක්තිමත් කළමනාකරණ පද්ධති, සුවිශේෂී කාර්යසාධන ප්රමිතීන් සහ තිරසාර ව්‍යාපාරික භාවිතයන් ප්‍රදර්ශනය කරන ජාත්‍යන්තරව පිළිගත් කීර්තිමත් ආයතන අතරට එක් වේ. මෙම ඇගයීම මඟින් ගෝලීය මට්ටමේ නිෂ්පාදන, තාක්ෂණික දියුණුව, නවෝත්පාදනය සහ පාරිභෝගිකයන්ට සුවිශේෂී වටිනාකමක් ලබා දීම සඳහා රොසෙල් නිරන්තරයෙන් දක්වන කැපවීම මනාව පිළිබිඹු වේ.
ආයතනික විශිෂ්ටත්වය සඳහා GPEA අනුගමනය කරන පරිපූර්ණ ප්රවේශයේ වැදගත් අංගයක් වන, තිරසාර ව්‍යාපාරික භාවිතයන් සඳහා රොසෙල් සතු කැපවීම ද මෙමඟින් තවදුරටත් තහවුරු වේ. වගකීම්සහගත සම්පත් භාවිතය සහ පරිසර හිතකාමී නිෂ්පාදන හරහා තිරසාරභාවය යනු රොසෙල් ආයතනයේ දෛනික මෙහෙයුම්වල සහ අගය නිර්මාණය කිරීමේ මූලිකම අංගයකි. භාවිතයෙන් පසු ආරක්ෂිතව නැවත සොබාදහමට මුසු වන සහ නැවත භාවිත කළ හැකි නිෂ්පාදන බිහිකිරීමේ අරමුණින්, ස්වාභාවික සම්පත් වගකීමෙන් යුතුව භාවිත කිරීමට සමාගම සැමවිටම මුල්තැන දෙයි. මෙම කැපවීමේ කොටසක් ලෙස, තම නිෂ්පාදන ක්‍රියාවලීන්හි අපද්‍රව්‍ය සහ ජලය 100%ක් ප්‍රතිචක්‍රීකරණය කිරීම කරා රොසෙල් ක්‍රමයෙන් ඉදිරියට යමින් සිටී. මෙම වැඩපිළිවෙළ හරහා සම්පත් භාවිතයේ කාර්යක්ෂමතාව උපරිම කිරීමටත්, පාරිසරික බලපෑම අවම කිරීමටත්, සම්පත් වගකීම්සහගත ලෙස පුනර්ජනනය කිරීම ප්‍රවර්ධනය කිරීමටත්, එමඟින් පරිසර හිතකාමී නිෂ්පාදන සහ දිගුකාලීන තිරසාරභාවය වෙනුවෙන් තමන් සතු කැපවීම තවදුරටත් ශක්තිමත් කිරීමටත් සමාගම අපේක්ෂා කරයි.

මෙම විශිෂ්ට ජාත්‍යන්තර ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් රොසෙල් හි කළමනාකාර අධ්යක්ෂ අරවින්ද පෙරේරා මහතා මෙසේ පැවසීය. “GPEA 2026 – Best in Class සම්මානයෙන් සහ APQO International Best Practice රන් සම්මානයෙන් පිදුම් ලැබීම අපගේ කණ්ඩායමේ නොපසුබස්නා උත්සාහයට සහ විශිෂ්ටත්වය වෙනුවෙන් ඇති කැපවීමට ලැබුණු ආඩම්බරකාරී ඇගයීමකි. රොසෙල්හි අපි සැමවිටම උත්සාහ කර ඇත්තේ නිර්මාණශීලීත්වය, නවෝත්පාදනය සහ ගුණාත්මකභාවයේ සීමා මායිම් ඉක්මවා යමින්, ශ්‍රී ලාංකීය සන්නාමයකට ලෝකයේ හොඳම සන්නාම සමඟ කරට කර නැගී සිටිය හැකි බව පෙන්වා දීමටයි. ගෝලීය විශිෂ්ටත්වය පිළිබඳ අපගේ දැක්ම යථාර්ථයක් බවට පත්කිරීම සඳහා කැපවී ක්‍රියා කළ රොසෙල් පවුලේ සෑම සාමාජිකයෙකුටම මෙම සම්මානය හිමියි.”
වසර ගණනාවක් පුරා, ලෝක මට්ටමේ ජීවන රටා විසඳුම් හඳුන්වා දෙමින්, ඉහළ තත්ව සහ පරිසර ප්රමිතීන් පවත්වා ගනිමින්, දිවයින පුරා විහිදුණු ප්රදර්ශනාගාර ජාලය හරහා සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් ලබා දෙමින් රොසෙල් දේශීය ක්ෂේත්රයේ විශාල පරිවර්තනයක් සිදු කර ඇත. මෙම නවතම ගෝලීය ඇගයීම හරහා සමාගමේ තිරසාර ව්‍යාපාරික වර්ධන උපායමාර්ගය තවදුරටත් තහවුරු වන අතර, නිෂ්පාදන විශිෂ්ටත්වය සහ ජාත්‍යන්තර තරඟකාරීත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාවට හිමි වී ඇති කීර්තිනාමය තවදුරටත් ඉහළ නංවයි.
