2026 වසරේ සංචාරක පැමිණීමේ නවතම මංසළකුණක් පසුකරමින් විසිලක්ෂයක සංචාරක ඉලක්කය සපුරා ගැනීම අද (20) පෙරවරුවේ සිදුවිය.
ඒ තිදෙනෙකුගෙන් යුතු රුසියානු ජාතික පවුලක් මෙරටට පැමිනීමත් සමඟිනි. එහි දී රුසියානු ජාතිකයෙකු වන සර්ජි සිය බිරිඳ නතාලියා සහ දියණිය ඇනා සමඟින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ශ්‍රී ලංකාවට ඔවුන් පැමිණ ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා අද (20) දින පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ, ගෝලීය අභියෝග මධ්‍යයේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් ශක්තිමත් වෙමින් පවතින බවයි. එසේම ගෝලීය අර්බුද රැසක් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සිය ප්‍රගතිය අඛණ්ඩව පවත්වාගෙන යාම රටේ සංචාරක ක්ෂේත්රය කෙරෙහි පවතින ජාත්‍යන්තර විශ්වාසය පිළිබිඹු කරන බවයි.
අද දෙරණ
