ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ උසස් ප්‍රමිතීන් ඇති කිරිමෙහිලා Swisstek Ceylon PLC සහ චමරි අතපත්තු හවුල්කාරිත්වයකට

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වසර 50කට එහා ගිය ඉතිහාසයකට උරුමකම් කියන පුරෝගාමී ආයතනයක් වන Swisstek Ceylon PLC, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව සහ ලොව ප්‍රමුඛ පෙළේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවක් වන චමරි අතපත්තු සමඟ හවුල්කාරිත්වයකට එළඹෙනු ලැබීය. Swisstek Ceylon PLC, Tile Adhesive සහ Tile Grout නිෂ්පාදනයේ වෙළඳපොළ ප්‍රමුඛයා වන අතර සිය වෙළඳපොළ කාණ්ඩයේ SLS ප්‍රමිති සහතිකය දිනාගත් ප්‍රථම සන්නාමය ද වේ. ඉහළ තත්ත්වයේ  ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා සමාගමේ කැපවීම මෙමඟින් මනා ලෙස අවධාරණය කරයි.

වැඩි වශයෙන් පිරිමි මූලික කරගත් ක්ෂේත්‍රයක් වන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනය සඳහා කාන්තා චරිතයක් යොදා ගැනීම තුළින් Swisstek Ceylon PLC සුවිශේෂී පියවරක් ගෙන තිබේ. සිය ක්ෂේත්‍රයන්හි ඉහළම ප්‍රමිතීන් පිහිටුවා ඇති Swisstek Ceylon PLC සහ චමරි අතපත්තු, නායකත්වය, විශිෂ්ටත්වය සහ තීරණ ගැනීම යන මූලික වටිනාකම් වලට අනුකූලව කටයුතු කරයි.

මෙම හවුල්කාරිත්වයේ මූලික අරමුණ වන්නේ පාරිභෝගිකයින්ගේ ආයෝජනයන්ට වටිනාකමක් ලබාදෙමින් සිය නිවාස, ආරක්‍ෂිත සහ කල්පවතින ආකාරයෙන් නිමකිරීමට අවශ්‍ය උසස් තත්ත්වයේ ඉදිකිරීම් ද්‍රව්‍ය වන Swisstek Tile Adhesive, Skim Coat සහ Waterproofing Solutions වැනි දෑ නිවැරදිව තෝරා ගැනීමේ ඇති වැදගත්කම පිළිබඳව කාන්තා සහ පිරිමි දෙපාර්ශවයම වැඩි වැඩියෙන් දැනුවත් කිරීමයි.

Swisstek Ceylon PLC හි ප්‍රධාන විධායක නිලධාරී දමින්ද පෙරේරා මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “චමරි අතපත්තු වැනි සුවිශේෂී චරිතයක් සමඟ මෙවැනි හවුල්කාරිත්වයකට එළඹීමට ලැබීම අපට විශාල ගෞරවයක්. අප සමාගම ගොඩනැගී  තිබෙන වටිනාකම් සියල්ලක්ම පාහේ ඇයගේ නායකත්වය තුළින්ද අපට දැකගන්නට ලැබෙනවා. අප සමාගම සතු විශිෂ්ටත්වය, අවංකභාවය සහ කැපවීම ඉන් කිහිපයක්. ඇයත් සමඟ දිගුකාලීන හවුල්කාරිත්වයක් ගොඩනැගීමට අප බලාපොරොත්තු වෙනවා.”

“කර්මාන්තයේ ප්‍රමුඛයෙකු වන Swisstek Ceylon PLC සමඟ මෙම හවුල්කාරිත්වයට එළඹීමට ලැබීම පිළිබඳව මම බෙහෙවින් සතුටට පත්වෙනවා. සමානාත්මතාවය සහ නවෝත්පාදනය කෙරෙහි ඔවුන් දක්වන කැපවීම අන්කිසිවෙකුටත් දෙවැනි නැහැ. මෙම හවුල්කාරිත්වය හරහා සමාජය තුළ ධනාත්මක වෙනසක් ඇති කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.” ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මහත්මිය මෙසේ සිය අදහස් දැක්වීය.

Swisstek Ceylon PLC සහ චමරි අතපත්තු එක්ව සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ පොදු දැක්මෙන් යුතුව කටයුතු ක‍රන අතර එහිදී සුවිශේෂී කාර්යභාරයක් ඉදිකිරීම් ක්ෂේත්‍රය සිදුකරනු ලබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top