ජනශක්ති ලයිෆ්, රක්ෂණ වාරික ආදායම්වල 45%ක සහ අනෙකුත් මෙහෙයුම් ආදායම්වල 111%ක වර්ධනයක් වාර්තා කරයි

රක්ෂණ වාරික ආදායම්වල 45%ක සහ අනෙකුත් මෙහෙයුම් ආදායම්වල 111%ක වර්ධනයක් වාර්තා කිරීමට ජනශක්ති ලයිෆ් සමත් වේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සැපයුම්කරු වන ජනශක්ති ලයිෆ්, 2024 වසරේ පළමු අර්ධ වාර්ෂිකය සඳහා විශිෂ්ට මූල්‍ය ප්‍රගතියක් වාර්තා කිරීමට සමත් වී ඇත. 2023 වසරට සාපේක්ෂව දළ ලිඛිත වාරිකයෙහි (GWP) 45% ක කැපී පෙනෙන වැඩිවීමක් සමඟින් ප්‍රධාන කාර්ය සාධන දර්ශක වල වාර්තාගත වර්ධනයක් අත්පත් කරගැනීමට සමාගමට හැකිවී තිබේ. මෙම වර්ධනයන් තුළින් සමාගමේ ස්ථාවර වර්ධනය සහ පුළුල් වන පාරිභෝගික පදනම මනාව පිළිබිඹු කරයි.

GWPහි ආකර්ෂණීය වර්ධනයට අමතරව, අනෙකුත් මෙහෙයුම් ආදායම්ද පෙර වසරට සාපේක්ෂව 111%කින් ඉහළ ගොස් ඇති අතර සමාගමේ වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය ද 2023 වසරේ පළමු අර්ධ වාර්ෂිකයට සාපේක්ෂව මෙම වසරේ 43% කින් වැඩිවී ඇත. මෙම මූල්‍ය ජයග්‍රහණයන් තුළින් පිළිඹිබු වන්නේ සමාගමේ උපාය මාර්ගික ආයෝජන, විවිධාංගීකරණය වූ ආදායම් මාර්ග සහ ආයෝජකයින්ගේ අඛණ්ඩ විශ්වාසයයි.

පළමු කාර්තු දෙක තුළ, සිය රක්ෂණ ඔප්පු හිමියන්ගේ වගකීම් සහ අපේක්ෂාවන් ඉටුකිරීම සඳහා රුපියල් බිලියන 2.2 කට අධික රක්ෂණ හිමිකම් ද ආයෝජකයින්ට සහ අනෙකුත් පාර්ශවකරුවන්ට ප්‍රතිලාභ වශයෙන් රුපියල් බිලියන 3ක ලාභාංශ ද ජනශක්ති ලයිෆ් විසින් ලබා දී ඇත. එය සමාගමේ මූල්‍ය ස්ථාවරත්වය සහ කැපවීම තවදුරටත් විදහා දක්වයි. 

“රක්ෂණ වාරික, අනෙකුත් ආදායම් සහ වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයේ හිමිකරගත් වර්ධනයත්, රක්ෂණ හිමිකම් ගෙවීම් සහ ලාභාංශ ගෙවීම් වල සිදූවූ වැඩිවීමත් අපගේ පාර්ශවකරුවන්ට වැඩි වටිනාකමක් ලබා දීමට අපි දරන උත්සාහය පිළිබඳ කදිම සාක්ෂියක්.” යැයි ජනශක්ති ලයිෆ් හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා පැවසීය.” අපිට මෙම මූල්‍ය වර්ෂය සඳහා අරමුණුගත සැලසුම් තිබෙනවා වගේම ඒවා සාක්ෂාත් කරගැනීමට අපි කැපවී සිටිනවා.” ඔහු තවදුරටත් පවසන ලදී.

“ජීවිත නඟා සිටුවීම සහ සිහින සවිබල ගැන්වීම”යන ආයතනික අරමුණ පෙරදැරි කරගත් ජනශක්ති ලයිෆ්, සදාචාරාත්මකව සහ විනිවිදභාවයෙන් යුතුව සිය පාර්ශ්වකරුවන් වෙත වැඩි වටිනාකමක් ලබා දීමට නිරන්තරයෙන් උත්සාහ කරයි. තවද පාරිභෝගික ජීවිතයේ සෑම අදියරකදීම වර්ධනය වන විවිධ පාරිභෝගික අවශ්‍යතා සපුරන විශිෂ්ට රක්‍ෂණ විසඳුම් සහ සේවාවන් තුළින් සිය ගනුදෙනුකරුවන් වෙත විශාල දායකත්වයක් ලබාදෙයි. මෙම අරමුණ පුළුල් ලෙස සමාජයට ව්‍යාප්ත කරමින් සමාජ තිරසාරභාවය සඳහා වැඩි දායකත්වයක් ලබා දීමට ජනශක්ති ලයිෆ් අපේක්ෂා කරයි.

වසර 29කට අධික කාලයක් පුරාවට රක්ෂණ ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කරමින් ඉදිරියටම ගමන් කිරීමට ජනශක්ති රක්ෂණ සමාගම සමත්ව ඇත. ශාඛා 79කින් යුතු දීප ව්‍යාප්ත ශාඛා ජාලය සෑම තරාතිරමකම පුද්ගලයන්ට එහි අද්විතීය රක්ෂණ විසඳුම් වෙත ප්‍රවේශ වීමට හැකියාව ලබා දෙයි.

අවසානයි.

ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී පිළිබඳ:

1994 වසරේදී ජීවිත රක්‍ෂණ සමාගමක් ලෙස ආරම්භ කරන ලද ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී (ජනශක්ති ලයිෆ්) වසර 29 ක කාලය තුළ රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ නවොත්පාදකයෙකු මෙන්ම ජනප්‍රියතම සන්නාමයක් බවට පත්ව ඇත. දීප ව්‍යාප්ත ශාඛා 79ක් සහ පාරිභෝගිකයින් වෙනුවෙන් කැපවූ ඇමතුම් මධ්‍යස්ථානයක්ද සමාගම සතුව පවතී. “ජීවිත නඟාසිටුවීම සහ සිහින සවිබල ගැන්වීම” යන අරමුණ පෙරදැරිව සිය ගනුදෙනුකරුවන්ට සහ පාර්ශවකරුවන්ට රක්ෂණයෙන් ඔබ්බට සේවාවක් ලබා දෙමින් ජීවිත රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයා වීමට ජනශක්ති ලයිෆ් කැපවී සිටී. තවද ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී යනු රක්ෂණ, මූල්‍ය සහ ආයෝජන යන අංශවල සිය මෙහෙයුම් කටයුතු සිදුකරන ජනශක්ති සමූහයේ සාමාජිකයෙකි.

ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලයට ප්‍රකාශ් ෂාෆ්ටර්, රවී ලියනගේ, රමේෂ් ෂාෆ්ටර්, වරිනි ද කොස්තා, අන්නිකා සේනානායක, සිවක්‍රිෂ්ණරාජා රෙන්ගනාදන්, ආචාර්ය. නිශාන් ද මෙල්, ආචාර්ය ගෙහාන් ගුණතිලක සහ දිලිප් ද එස්.විජයරත්න යන අය ඇතුළත් වේ. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top