HNB Finance යාළු දස්කම් චිත්‍ර වැඩමුළුව මෙවර හෝමාගම ජනාධිපති විද්‍යාලයේදී…

පාසල් දරුදැරියන්ගේ  නිර්මාණාත්මක කුසලතාවන් හා ආකල්ප සංවර්ධනය අරමුණු කර ගනිමින් HNB Finance PLC හි ආයතනික සමාජ වගකීම් ව්‍යපෘතියක් ලෙස සංවිධානය කරනු ලබන ‘‘HNB Finance යාළු දස්කම්‘‘චිත්‍ර වැඩමුළුව මෙවර හෝමාගම ජනාධිපති විද්‍යාලයේ හතර වෙනි ශ්‍රේණියේ දරුවන් හා ඔවුන්ගේ දෙමව්පියන්ගේ සහභාගීත්වය ඇතුව  පවත්වන ලදි. HNB Finance “යාළු“ ළමා ඉතුරුම් ගිණුම මෙම වැඩමුළුව සඳහා පූර්ණ අනුග්‍රහය දැක්වීය.

අධ්‍යාපන අමාත්‍යංශයේ චිත්‍ර කලා විෂය පිලිබඳ හිටපු  උපදේශක, ලලිතකලාවේදී  දයාවංශ කුමසාරු මහතා  විසින් මෙහෙයවන ලද මෙම වැඩසටහනේදී දරුවන්ට  නිර්මාණාත්මකව සිතීම, හැඩතල භාවිතය  සහ වර්ණ ගැන්වීම පිළිබදව වූ  මූලික කරුණු රැසක් පිළිබ‍දව අවබෝධයක් ලබාදුන් අතර දූදරුවන් විසින් වැඩමුළුව  අවස්ථාවේ  අදින ලද චිත්‍ර පිළිබදව දෙමාපියන් හමුවේ ඇගයීමක්ද සිදු කරන ලදි. වැඩමුළුව සදහා සහභාගී වූ සියළුම දූ දරුවන්ට වටිනා තිළිණ සහ  සහතික පත්‍ර  තිළිණ කිරීමට HNB Finance  සමාගම කටයුතු කරන ලද අතර දරුවන් අතර ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කරලීමේ අරමුණෙන් මූල්‍ය තැන්පතුවක් සහිතව HNB Finance  ‘‘යාළු‘‘ ළමා ගිණුමක් වැඩමුළුව සදහා සම්බන්ධ වූ සෑම දරුවකු වෙනුවෙන්ම  විවෘත කරදීමට සමාගම කටයුතු කරන ලදි.

HNB Finance චිත්‍ර වැඩමුළුව පිළිබඳව අදහස් දැක්වූ HNB Finance හි ප්‍රධාන කළමනාකරු – ආයතනික සන්නිවේදන, උදාර ගුණසිංහ මහතා “HNB Finance හි ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘති අතර ප්‍රමුඛතම වැඩසටහනක් වන මෙම චිත්‍ර වැඩමුළුව දරුවන් අතර කලා කුසලතාවන් හඳුනාගැනීමට සහ වර්ධනය කිරීමට ප්‍රශස්ත දායකත්වය දක්වනු ඇති බව අපගේ විශ්වාසයයි. එබැවින් මෙම වැඩසටහන ඉදිරියේදීද දීපව්‍යාප්තව පාසල් මට්ටමින් පැවැත්වීමට අප විසින් සැලසුම් කර තිබෙනවා.” යනුවෙන් පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *