
මෙවර අයවැයෙන් රු. මිලියන 20,000ක මුදලක් ශ්‍රීලංකන් ගුවන්සේවය වෙනුවෙන් වෙන්කරනු ලබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. 2025 වසර සඳහා වන අයවැය කථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා අද (17) දිනයේ දී මේ බව කියා සිටියේය.
අදාළ ප්‍රකාශයේ වැඩිදුටරත් මෙසේ සඳහන් වේ.
ශ්‍රීලංකන් ගුවන් සමාගම ගුවන් මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ ප්‍රමුඛතම සේවාවක් ඉටු කරනවා. තවද, පසුගිය රජයන් රාජ්‍ය අයිතිය ඉවත් කර පුද්ගලික ආයෝජන ආකර්ෂණය කර ගැනීමට ගත් උත්සාහයන් ද අසාර්ථක වුනා.
මේ අනුව, රජය එම බැංකු සමඟ ගිවිසුමක් අත්සන් කර 2025 වසරේ දී ණය ආපසු ගෙවීම සඳහා මිලියන 10,000 ක් මෙන්ම පොලී ගෙවීමට රුපියල් මිලියන 10,000 ක් වැය කිරීමට නියමිතය. කලක් තිස්සේ පවතින මෙම ණය සේවා පිරිවැය රජය විසින් පියවා ගත් පසු මෙහෙයුම් ලාභදායිත්වය සහතික කිරීම සඳහා ගුවන් සමාගම සම්පූර්ණ වගකීම දරනු ඇත. මේ සඳහා සමාගම විසින් නව මධ්‍ය කාලීන උපාය මාර්ගික සැලැස්මක් සකස් කරමින් සිටී. ඒ අනුව මේ සඳහා රුපියල් මිලියන 20,000 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.