ශ්‍රී ලංකාවේ දේපළ ක්ෂේත්‍රය අදටත් ඉහළ පෙළ විදේශීය සෘජු ආයෝජන (FDI) ඇද ගැනීමට පසුබට නොවී ඇත , එය තවදුරටත් ආකර්ෂණයක් වශයෙන් පවතියි.

කොළඹ පදනම්කරගෙන ක්‍රියාත්මක වන අපගේ Research Intelligence Unit හි දේපළ පර්යේෂණ අංශය පෙන්වා දෙන ආකරයට, රටේ දේපළ අංශය යළිත් විදේශ ආයෝජකයන්ගේ අවධානය දිනා ගනිමින් පවතියි. එවන් පසුබිමක, Baili Investments Lanka Pvt Ltd සමාගමහි Country Head / Director (අධ්‍යක්ෂක) ලෙස කටයුතු කරන Mr Tristan Wu සමඟ අප කළ විශේෂ සාකච්ඡාවක් මෙමගින් ඔබට ඉදිරිපත් කරන්නෙමු.

1. රාජගිරියේ විශාලතම නේවාසික දේපළ සංවර්ධනයක් ඔබ ආයතනය  මගින් සිදු කරනු බව නිසැකය. මෙම ව්‍යාපෘතියට පාදක වූ කරුණු මොනවාද?

Baili Investments Lanka Pvt Ltd වන අපට  මේ සඳහා මූලික අභිප්‍රේරණය සැලසූයේ අලංකාරය, ශක්තිය, පහසුව, නවීකරණය, නාගරිකත්වය, සන්සුන් වටපිටාව යන සියලු කරුණු එකට කැටිවූ අවකාශයක් ලබා දීම මූලික කර ගත් සංකල්පයක් තුලිනි. රාජගිරියේ මධ්‍යභූමියේ පිහිටි අප ව්‍යාපෘතිය නූතනත්වය මුසු , සාම්ප්‍රදානුකූලික පරිවර්තනයන් සමගද මුසුකරමින් සැලසුම් කර ඇත.

ශ්‍රී ලාංකීය සංස්කෘතියේ සදාකාලික අලංකෘත්‍යය හා නූතන ජීවිතයේ පහසුව අරභයා, නාගර්‍ර්කරණයවූත්, සුවපහසුවූත් ජීවන රටාවක් මෙම ව්‍යාපෘතිය මගින් ලබා දීමට බලාපොරොත්තු වෙමු.

2. මහල් නිවාස 1062 ක් සහ ඉහළ මට්ටමේ (Retail mall) වෙළඳ සංකීර්ණයක් සහිත මෙම සංවර්ධනය ඉතා වැදගත්ය. ඔබේ ව්‍යාපෘතිය අනෙකුත් සංවර්ධන වලින් වෙන්කර හඳුනා ගන්නේ කෙසේද?

අපගේ දැක්ම සාමන්‍යයි, නමුත්  නිර්භීතයි. කොළඹ දේපළවල “සුඛෝපභෝගීත්වය” නැවත අර්ථ දක්වමින්, එය ව්‍යූහ නිර්මාණවල පෙනුමට එහා ගිය ජීවන රටාවක් ලොවට ලබා දීම අපි අපේක්‍ෂා කරනවා. තවද අපි නිවාස, වෙළඳ හා විවේක වැඩසටහන් එකිනෙක ගලපමින් නව ගමනාන්තයක් නිර්මාණය කරනවා. එය ඔබ සමඟ එකට වැඩෙන, උරුමයක් තියාගෙන යන අවකාශයක්. ඔබ ආයෝජනය කළත්, ජීවත් වූවත්, ව්‍යාපාරයක් ආරම්භ කළත්, “Silk” ලෙස නම් කළ මෙම ව්‍යාපෘතිය කාලය අභිබවා යන අත්දැකීමකට ඔබට ආරාධනා කරයි.

3. ඔබ හොංකොං පදනම් කරගත් සංවර්ධිතයකු ලෙස ශ්‍රී ලංකාවේ නගර සංවර්ධනයේදී, එම අත්දැකීම් මොන ආකාරයෙන් මුසුකරගන්නේද?

ලෝකය පුරා ගගනරේඛා (sky scraper) වේගයෙන් වෙනස් වෙමින් පවතින අතර, කොළඹද මේ වෙනස්කම් වල මධ්‍යස්ථානයකි. අප Baili වෙතින් කොළඹ නගර විකාශනයේ තවත් එක් ප්‍රතාපවත් හිමිකරුවෙකු වන අතර , අපි ගගනරේඛාව වෙනස් කරන ගොඩනැගිල්ලක් පමණක් නොව, නව අර්ථකථනයක්ද ගෙන එනවා.

අපේ සැලසුම සමතුලිත දෘශ්‍යයක්; එහිදී අපි නිවාස, වෙළඳ අවකාශ සහ සුහදතා පහසුකම් එකට මුසු කරමින්, සමබර වූ පද්ධතියක් නිර්මාණය කරන්නෙමු. අපි නිවසක් පමණක් ලබා නොදෙයි; තවත් ජීවන මධ්‍යස්ථානයක් හා නව ජීවන රටාවක් ලබා දීමට අපේක්‍ෂා කරයි.

අපේ ව්‍යාපෘතියේ තවත් වටිනාකමක් වන්නේ කොළඹ නගරයට පහසු පිවිසුමක් ඇති නමුත් නගරයේ තදබදයෙන් පිටුපස තනි සන්සුන් තැනක් ලබා දීමයි. නාගරික උද්යෝගය සහ පුරවැසි සන්සුන්භාවය අතර මනා සම්බන්ධයක් අපි ගොඩනගනවා.

4. ඔබේ හොංකොං අත්දැකීම් සහ සාර්ථකත්වය ශ්‍රී ලංකාවේ ඔබට කොහොම ප්‍රයෝජනවත් වෙයිද?

Baili යනු උරුමය මත පදනම් වූ, සමාජය සමඟ ගැඹුරු සම්බන්ධතාවයක් ඇති වෙළඳ නාමයකි. පරම්පරාවෙන් පරම්පරාවට මානසික හා ආර්ථික වටිනාකම රැඳවිය හැකි කාලාත්මක ගොඩනැගිලි නිර්මාණය අපේ ආශාවය.

අපේ බුද්ධිමත් නිර්මාණ තුලින් සෞඛ්‍යය මුල් තැන තබනවා. ස්වාභාවික වාතාලේඛනය, නිර්දේශිත සෞඛ්‍ය අවකාශ සහ මනෝසංයමය වර්ධනය කරන මූලද්‍රව්‍ය අපේ සැලසුම්වල අත්‍යවශ්‍ය කොටසක්. බොහෝ සම්භාව්‍ය ගොඩනැගිලිවල නොසලකා හැරෙන කරුණු මෙහි විශේෂයෙන් සලකා බලනවා.

හොංකොං යනු අධික ඝනත්වය සහ කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් ලෝකයේ මිනුම් සලකුණය. ශ්‍රී ලංකාවේ Baili හි පළමු ව්‍යාපෘතිය නම් හොංකොං, චීනය සහ කොළඹ එකට ගෙන එන ගෝලීය සහයෝගීතාවයකි. සැලසුම්වලදී සෑම විස්තරයකටම අවධානය යොමු කර ඇත – ආලෝකය, වාත ගමනය, හරිත අවකාශ සහ ගොඩනැගිලි කාර්යක්ෂමතාව ආදී වශයෙන්.

මෙම ව්‍යාපෘතිය කොළඹ නගරයේ මිනුම් සලකුණු වෙනස් කරන නව මට්ටමක් බවට පත් වන අතර, අනෙකුත් සංවර්ධකයින්ටත් ආදාර්ශයක් වෙයි. එය දේපල වටිනාකම ඉහළ නැංවීමත්, නව ජීවන හා වෙළඳ අත්දැකීම් ගෙන ආත්, නගරය නව ගමනකට ගෙන යනු බව නිසැකය.

5. නව තාක්ෂණ හා වෙනස්වන ජීවන රටා අතර, Baili අනාගතය ගැන සිතන්නේ කොහොමද?

අපේ ගොඩනැගිලි අදට නොව, අනාගතය සඳහා ගොඩනගනවා. නගරය සහ එහි රිද්මය සමග පරිණත විය හැකි පරිදි අපේ විශේෂාංග, පහසුකම් හා නිර්මාණ සැලසුම් කර ඇත.

ඒ නිසා, අපේ ව්‍යාපෘතිය ගෙන එන්නේ ගැලපීම,   අලංකෘතභාවය, සමාජීය සජීවිකරණය සහ විශ්වාසදායක සන්සුන්භාවය එකට ගැළපුූ අත්දැකීමකි. ගෝලීය ආදර්ශවලින් ආවේනික වුවත්, කොළඹ මූලාරම්භය සමග ගැඹුරින් බැඳී සිටින අත්දැකීමක්.

6. ඔබේ වෙළඳ ප්‍රතිපත්තිය පිළිබඳව මඳක් පැවසුවොත්  .

අපේ වෙළඳ ප්‍රදේශ දෛනික ජීවිතයේ රිද්මය බවට පත් වෙනවා. උදෑසන ලබා ගන්නා කෝපි කෝපයද , දහවල් කාලයේදී කරගත යුතු කාර්යයන් ඇතුළුව ද, සවස විනෝදය සහ සති අන්ත විනෝදාස්වාදය — මේ සියල්ල එකම ස්ථානයක, දැකගත හැකි වෙනවා.

මෙය කොළඹ නගරය සහ පරිපාලන නගරය එකට  යා වෙන අලුත් මධ්‍යස්ථානයක්. එය කොළඹ රිද්මය එකතු කරමින්, වෙනසක් ඇති සාප්පූ සoකීර්ණ අත්දැකීමක්ද ගෙන එන බවයි අපේ විශ්වාසය හා අපේක්ෂාව.

7. ඔබේ පාරිභෝගිකයන් හා ආයෝජකයන් ගැන ඔබගේ අදහස කුමක්ද?

අපගේ ව්‍යාපෘතිය දිගු කාලීන මූල්‍ය වර්ධනය, ඉහල කුලී ආදායම් සහ මුදල් වටිනාකම සොයන අදහස් ඇති මිලදීගන්නන්ට විශේෂශයෙන්ම ආකර්ෂණීය වේ. සූව පහසුව සහ තත්වය සලකා බලන ගැනුම්කරුවන් ආකර්ෂණය කර ගැනීම අපගේ අරමුණයි. අපි විවිධ ගැනුම්කරුවන් විවිධ අංශ වලින්  මේ සදහා ආයෝජනය කිරීමට ආරාධනා කරන්නෙමු.

Research Intelligence Unit විසින් සකස් කළ දත්ත මඟින් පෙන්වා දී ඇති පරිදි, කලාපයේ නිවාස වලට ආයෝජනය කළ ආයෝජකයන්ට මෑතකදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය දුර්වල අවස්ථාවලදීද, විශාල , ප්‍රතිලාභ ලැබී ඇති අතර, එබැවින් අපගේ පාරිභෝගිකයන් හා ආයෝජකයන් real estate ක්ෂේත්‍රයේ විශාල වටිනාකමක් සහ අත්‍යවශ්‍ය භූමිකාවක් ඇති බව දැනටමත් හඳුනාගෙන ඇත.

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳපල පිළිබඳ අපගේ RIUNIT දත්ත සහ market intelligence ඔබ පරිශීලනය කරන බව අසන්නට ලැබීම ඉතාමත් සතුටුයි.

8. දිවයිනේ ආර්ථිකයට අනාගතයේ ඔබ බලන සන්දර්භය කුමක්ද?

ශ්‍රී ලංකාව නව පරිණාමයකට පිවිසෙමින් තිබේ. IMF සහාය ලබන සංශෝධන මඟින් මුදල් විනය තහවුරු වෙමින්, ආයෝජක විශ්වාසයද ඉහළ යමින් තිබේ. විදේශ වෙළඳ හවුල්කරුවන්ටත් රටේ අනාගතය පිළිබඳ විශ්වාසය ඇතිව තිබේ.

සංචාරක කර්මාන්තය වේගයෙන් ඉදිරියට යන අතර, විදේශ ආයෝජනද වැඩිවෙමින් පවතිනවා. මේ සියල්ල ශ්‍රී ලංකාවට ධනාත්මක පසුබිමක් ගෙන එනවා.

ශ්‍රී ලංකාව සරල ප්‍රතිසාධනයක් නොව, නව ප්‍රතිනිර්මාණයකට පිවිසෙමින් ඇත. කොළඹ දැන් ඊයේ දිනයේ තිබූ නගරය නොව, පරිවර්තනය වෙමින් පවතින ජාතියක අත්‍යවශ්‍ය කොටසක් බවට පත් වී ඇත. එහි නව ගගනරේඛාව (sky scraper) සහ වැඩිවෙන නගරීය නවීනත්වය සමග, රාජගිරිය මෙම නව අදියරේ මධ්‍ය ලක්ෂ්‍යය වී සිටී. එම වෙනස්කමේ කොටසක් වී, රටේ සංවර්ධනයට දායක වීම අපට අභිමානයකි. අපේ සභාපතිතුමා සෑමවිටම විශ්වාස කරනන්නේ — ශ්‍රී ලාංකිකයන්ට මීට වඩා උතුම් ජීවිතයක් හිමි විය යුතු බවය.

ඔබේ ව්‍යාපෘතිය හා ශ්‍රී ලංකාව පිළිබඳ ඔබගේ අදහස් හා දැක්ම බෙදා ගැනීම සදහා එක්  වූවාට බෙහෙවින් ස්තූතියි. විදේශ ආයෝජකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සහ වර්ධනයට දායක වන ඔබට, මෙම ව්‍යාපෘතිය සහ අනාගත ව්‍යාපෘති සියල්ලට ජයම වේවා යැයි අප ප්‍රාර්ථනා කරමු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top