
දකුණු අප්‍රිකාවේ සාර්ථක සහ ජනප්‍රියතම ග්‍රිල් චිකන් සන්නාමය වන ගැලීටෝස් (Galitos), ග්‍රිල් චිකන් සහ මිරිස් රසැති සෝස් සමඟ සමඟින් ශ්‍රී ලාංකික රස අංකුර ප්‍රබෝධමත් කිරීමට සූදානම් වේ.
අබ්දුල් අසීස් බ්‍රදර්ස් පුද්ගලික සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ අබ්දුල් අසීස් මොහොමඩ් හිල්මි මහතා සහ ගැලීටෝස් ජාත්‍යන්තර සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී Louis Germishuys අතර ගැලීටෝස් හඳුන්වාදීම සඳහා වන ගිවිසුම් අත්සන් කරන ලද අතර, එමඟින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින වෙත සන්නාමයේ නිල ප්‍රවේශය සඳහා මඟපාදනු ලැබුවේය.
1996 දී දකුණු අප්‍රිකාවේ නෙල්ස්ප්‍රූට් නම් කුඩා නගරයෙන් ආරම්භ වූ ගැලීටෝස්, දකුණු අප්‍රිකාවේ ගෘහ නාමයක් ලෙස ඉක්මනින් ප්‍රසිද්ධියට පත් විය. එහි සැබෑ ලෙස ග්‍රිල් කළ රසය හඳුන්වාදෙන අතර සැබෑ ඖෂධ පැළෑටි, සුදුලූනු, ලෙමන් සහ අප්‍රිකානු මිරිස්වලින් සාදන ලද නැවුම්ව සකස් කරන ලද පෙරී-පෙරී සෝස්වල රසය ඇතුළත් කර තිබේ. වසර ගණනාවක් පුරා, ගැලීටෝස් සන්නාමය වේගයෙන් ව්‍යාප්ත වී ඇති අතර, දැන් කෙන්යාව, කැනඩාව, සර්බියාව සහ බංග්ලාදේශය ඇතුළු දකුණු අප්‍රිකාවෙන් පිටත රටවල් 17කට වැඩි ගණනක වෙෙළඳසැල් 260ක් සමඟ ගනුදෙනුකරුවන්ට සේවය ලබාදෙමින් සිටී. ආහාර ලෝලීන්ට නිර්භීත දකුණු අප්‍රිකානු රසයන් අත්විඳීමට අවස්ථාවක් ලබා දෙමින් ශ්‍රී ලංකාව මෙම ගෝලීය පියසටහනට එක්වන නවතම ගමනාන්තයයි. ගුණාත්මකභාවය, රසය සහ නවෝත්පාදනය කේන්ද්‍ර කරගත් විචිත්‍රවත් භෝජන අත්දැකීමක් පාරිභෝගිකයින්ට ලබා දෙමින් ඉදිරි වසර තුළ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ස්ථානවල ගැලීටෝස් අලෙවිසැල් දෙකක් විවෘත කිරීමට නියමිතය.
උපුටා ගැනීම: dinamina.lk
