
උදා වන උත්සව සමය තව තවත් කළඑළි කරමින්, සෑම මිලදී ගැනීමක්ම වඩාත් ප්‍රතිලාභදායක කිරීම සඳහා මෙවරත් SampathCards තම ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට ආකර්ෂණීය දීමනා රැසක් පිරිනැමීමට සූදානම් වේ.
ඒ අනුව එළැඹෙන දෙසැම්බරයේ උත්සව සමය සඳහා සම්පත් බැංකුව, 2025 නොවැම්බර් 20 දා සිට දෙසැම්බර් 31 දා තෙක් තෝරා ගත් වෙළෙඳසැල් වෙතින් 60% දක්වා සුවිශේෂී වට්ටම් ලබා දීමට කටයුතු යොදා තිබේ.
මෙම ප්‍රවර්ධන වැඩසටහන තුළින් පාරිභෝගිකයින්ගේ ජීවන රටාවන්ට වැඩි වටිනාකමක් එකතු කරන පාරිභෝගික කේන්ද්‍රීය සන්නාමයක් ලෙස සම්පත් බැංකුවේ ස්ථාවරත්වය වැඩිදුරටත් කැපී පෙනේ. එමෙන්ම බෙදාහදා ගැනීම් සහ සාමුහික අවස්ථාවන්ගෙන් හැඩ වන මෙම උත්සව සමයේ දී සාප්පු සවාරි, ආහාරපාන සහ නිවාඩු අත්දැකීම් පහසුවෙන් විඳගැනීමට ඇති වඩාත් ප්‍රියතම ගෙවීම් තේරීම වශයෙන් SampathCards පාරිභෝගිකයින්ගේ නොමඳ විශ්වාසය දිනාගනු ඇත.
මේ පිළිබඳව අදහස් දැක්වූ සම්පත් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී – දත්ත විශ්ලේෂණ, දර්ශින් පතිනායක මහතා මෙසේ පැවසීය. “මිහිරිතම මතකයන් සදා මතකයේ රැදෙන්නට යන තේමාව පාදක කරගනිමින් මෙම උත්සව සමයේදී අපගේ ගනුදෙනුකරුවන්ට අමතක නොවන අත්දැකීමක් ළඟා කර දීම සම්බන්ධයෙන් අප සතුටට පත් වෙනවා. උත්සව සමය අවසන් වූ පසුවද බොහෝ කාලයක් මතකයේ රැදෙන්න ප්‍රීතිමත් අවස්ථාවන් බෙදා හදා ගැනීමට සහ ගොඩනගා ගැනීමට හැකි වන බව අප විශ්වාස කරනවා. සෑමවිටම අප මෙවැනි උත්සව දීමනාවන් ලබා දීමට මුල පුරන්නේ අපගේ විශ්වසනීය ගනුදෙනුකරුවන්ගේ සුවපහසුව පෙරදැරි කරගෙනය. එබැවින් මෙම උත්සව සමයේ දී සිදු කරනු ලබන සෑම මිලදී ගැනීමක්ම වඩාත් ප්‍රතිලාභදායක කරමින් ඊට ප්‍රීතිමත් වටිනාකමක් එකතු කිරීමට හැකිවීම තුළින් සම්පත්කාඩ්ස් ගනුදෙනුකරුවන්ගේ විශ්වසනීය සහකරුවෙකු වශයෙන් අඛණ්ඩව මතකයේ රැඳී තිබේවි”
උපුටා ගැනීම : දිවයින
