‘Rebuilding Sri Lanka’ අරමුදලට මැක්සන්ස් හෝඩිංග්ස් ශක්තියක් වෙයි

පසුගියදා ඇති වූ දිට්වා සුලි කුණාටුවෙන් විපතට පත් ශ්‍රී ලාංකීය ජනතාවට පිහිට වීම වෙනුවෙන් රජය විසින් ආරම්භ කරන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදල සඳහා රුපියල් මිලියන 15ක නොමසුරු පරිත්‍යාගයක් සිදු කිරීමට මැක්සන්ස් හෝඩිංග්ස් පසුගියදා කටයුතු කරනු ලැබීය. එහි සභාපති මිල්ෆර් මකීන් මහතා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම පරිත්‍යාගය භාර දෙන ලදී.

මෙම සුවිශේෂී පරිත්‍යාගය තුලින් ස්වභාවික ව්‍යවසනය හේතුවෙන් ආපදාවට ලක් වූ පවුල් සහ ප්‍රජාවන් සම්බන්ධයෙන් ආයතනය දක්වන කාරුණිකත්වය හා සහයෝගය මනාව පිළිබිඹු විය. මෙම අභියෝගයන් හමුවේ රට නැවත යථා තත්වයට පත් කිරීම වෙනුවෙන් සමගියෙන් ශක්තියෙන් යුතුව නැගී සිටින අවස්ථාවක සුවහසක් ශ්‍රී ලාංකිකයින්ට ශක්තියක් වන්නට මැක්සන්ස් හෝඩිංග්ස් සතු කැපවීමද මේ තුලින් තහවුරු වෙයි.

උපුටා ගැනීම: අද දෙරණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top