
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සමාගම සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් සමාගම, 2026 වසර සඳහා වූ සිය ව්‍යාපාර මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධාන කාර්යාලයේදී ජනවාරි 01 වන දින සුභ මොහොතින් ආරම්භ කරන ලදී. මෙම අවස්ථාව සඳහා SLIC හි සභාපති නුසිත් කුමාරතුංග මහතා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, ආයතනික කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් සහභාගී විය.
එහිදී ශාඛා මට්ටමින් ව්‍යාපාර ආරම්භ කිරීම් කටයුතු ක්‍රියාත්මක කරනු ලැබූ අතර, ශාඛාවන්හි කාර්ය මණ්ඩල මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ සජීවීව ප්‍රධාන කාර්යාලය හා එම කටයුතු සමගින් සම්බන්ධ විය. ඉදිරි වසර සඳහා සමගිය හා මිත්‍රශීලීභාවය සංකේතවත් කරමින්, සියලු ආගමික වතාවත් කොට ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව නව වසරේ වැඩසටහන ආරම්භ කළේය.
SLICGL හි ශාඛා 142ම සාම්ප්‍රදායික පොල්තෙල් පහන ආලෝකමත් කරමින් එකම පවුලක් ලෙස එක්ව 2026 නව අවුරුදු උදාව සනිටුහන් කළේය. නව අවුරුදු සැමරුම් උත්සවයට සමගාමීව, 2026 වසරේ SLICGL හි ‘වෙළඳපොළට නායකත්වය දෙමින්, සෑම පියවරක්ම ශක්තිමත් කිරීම’ (Leading the market, strengthening every step) යන තේමාව නිල වශයෙන් එළිදක්වන ලදී.
ක්ෂේත්‍රය තුළ වසර 64ක සේවා කාලයක් සහ ප්‍රවීණත්වයක් සමරමින් SLIC, රක්ෂණ ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය සහ විශ්වාසනීයම නාමය ලෙස අඛන්ඩව රැඳී සිටියි. දශක ගණනාවක් පුරා, සමාගම මෙම ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම රැඳී සිටිමින්, අත්හදා බැලීමේ කාල සීමාවලදී පවා ක්ෂේත්‍රයේ තිරසර වර්ධනය සහ සමානාත්මතාවය පවත්වාගෙන යාමට කටයුතු කරයි.
2025 වසර, SLICGL වෙත අර්ථවත් හා සාධනීය ජයග්‍රහණ රැසක් ගෙන ආවද, දිට්වා සුළි කුණාටු ව්‍යසනයන් හමුවේ ජාතිය මුහුණ දුන් බරපතල අභියෝග සමඟ එම වසර අවසන් විය. සමාගම උද්ගත වූ වාතාවරණයට සරිලන සේ, SLICGL රක්ෂණ හිමිකම් සඳහා ගරුත්වයක් ලබා දෙමින්, අත්‍යාවශය සහන ලබා දුන් අතර, ව්‍යසනයෙන් පීඩාවට පත් ප්‍රජාවන්ගේ සුරක්ෂිතභාවය සහතික කරන ලදී.
2025 වසර SLICGL සමාගම විශිෂ්ට ජයග්‍රහණ රැසක් අත්කර ගත් වසරක් විය. ශ්‍රී ලංකාවේ මූල්‍ය ශක්ති ශ්‍රේණිගත කිරීම වෙනුවෙන් හිමි වන A+ මූල්‍ය ශක්ති (A + Fitch Rating) සම්මානය හිමි වූ එකම රක්ෂණකරු ලෙසත්, දළ ලිඛිත වාරිකයෙන් රුපියල් බිලියන 30 ඉක්මවා ගිය පළමු සහ එකම රක්ෂණකරු බවටත් SLICGL පත්විය. තිරසරභාවය සඳහා සමාගම දක්වන කැපවීම විදහා දක්වමින් SLICGL වෙත Carbon Neutral සහතිකය ද හිමි විය. තවද Brand Finance සම්මාන උළෙලේදී SLIGL, වටිනාම සාමාන්‍ය රක්ෂණ සන්නාමය ලෙසද පිළිගැනීමට පාත්‍ර විය.
2025 ජනවාරි මාසයේදී වාහන ආනයන කිරීම සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමත් සමඟ මෝටර් රථ ක්ෂේත්‍රයට නව ජීවයක් එක් වූ අතර, රටේ වඩාත්ම විශ්වසනීය රක්ෂණකරු ලෙස SLICGL හි කාර්යභාරය එහිදී නැවත වරක් තහවුරු කරන ලදී. නව වාහන හිමිකරුවන් සුරක්ෂිත කිරීම සඳහා SLICGL තම රක්ෂණ ආවරණ විසඳුම් එකතුව ශක්තිමත් කිරීමට පියවර ගනිමින්, රටේ දියුණුවට මෙන්ම පවුල් සහ ව්‍යාපාරවලට විශ්වසනීයත්වයෙන් ඉදිරියට යාමට සහයක් විය.
ශ්‍රී ලංකාවේ සිටින මිලියන 4.5 ක පාසල් දරුවන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම සුරක්ෂිත කිරීම අරමුණු කරගත් ජාතික වැඩසටහනක් වන සුරක්ෂා රක්ෂණ යෝජනා ක්‍රමය ආරම්භ කරමින්, SLICGL සමාගම 2025 වසරේදී අධ්‍යාපන අමාත්‍යාංශය සමඟින් අඛන්ඩ සහයෝගීතාවයක් ඇති කර ගනු ලැබීය. මෙම සහයෝගීතාවය හරහා සිසුන්ට ඔවුන්ගේ පවුල් පසුබිම් තත්ත්වය නොසලකා අත්‍යවශ්‍ය රක්ෂණ ආවරණයක් ලබා දීමට, ඔවුන්ගේ සෞඛ්‍යය ආරක්ෂා තහවුරු කිරීමට, එම පවුල්වලට සහාය වීමට සහ රටේ අනාගතය ශක්තිමත් කිරීම යන පැතිකඩයන් ආවරණය කිරීමට සහයක් විය.
SLICGL හි මෙහෙවර වන්නේ සමාගම විසින් කරනු ලබන සෑම සේවාවකදීම පාරිභෝගිකබවතුන් හට හෘදයාංගම වීමයි. තම විශේෂඥතාව සහ විශේෂිත සේවාවන් හරහා පාරිභෝගික අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා සමාගම අඛණ්ඩව කැපවී කටයුතු කරයි. මෙම දැක්ම සමඟින් ව්‍යාපාරික උපාය මාර්ග පෙළගස්වමින්, SLIC සියලු සබඳතාවයන් හරහා උසස් මට්ටමේ පාරිභෝගික අත්දැකීමක් ලබා දෙයි.
නව වසරේ ආරම්භය සනිටුහන් කරමින් SLIC හි සභාපති නුසිත් කුමාරතුංග මහතා මෙසේ තම අදහස් මෙසේ පැවසීය. ” SLICGL වෙත සැබෑ විශිෂ්ටත්වය හිමි වන්නේ අපගේ ගනුදෙනුකරුවන් පිළිබඳ ගැඹුරු අවබෝධය සමඟ තාක්ෂණික දැනුම ඔවුන් සමඟ ඒකාබද්ධ කිරීමෙන් බව අපගේ විශ්වාසයයි. අපගේ මෙහෙවර සාර්ථක වන්නේ නිවැරදි රක්ෂණ සැලසුම් නිවැරදි පාරිභෝගිකයා වෙත පිරිනමමින්, සෑම විසඳුමක්ම ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් ඉටුවන බව සහතික කිරීමෙනි. අපගේ සේවා මට්ටම් අඛණ්ඩව වර්ධනය කරමින්, විශ්වාසය ශක්තිමත් කරමින්, ගුණාත්මක වටිනාකමක් නිර්මාණය කරමින්, ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට පාත්‍ර වූ සාමාන්‍ය රක්ෂණකරු ලෙස අපි අපගේ ස්ථාවරය නැවත වරක් තහවුරු කර ඇත.”
2025 වසරේදී, විශේෂයෙන් අනපේක්ෂිත තත්ත්වයන් හමුවේ යථා තත්ත්වයට පත්වීමට සහ නැවත ගොඩනැගීමට, රක්ෂණය කවරදාටත් වඩා වැදගත් බව පවුල් සහ ව්‍යාපාර සවිබල ගැන්වීමේදී තහවුරු කර ඇත. 2025 වසර එලදායී වසරක් වූවද, ආරක්ෂාව සහ අවදානම පිළිබඳව ද එම වසරේදී මනාව ඉස්මතු කළේය. SLICGL හි මෝටර් රථ රක්ෂණය සහ අනෙකුත් රක්ෂණ විසඳුම් ජීවිතයේ විවිධ පැතිකඩයන් ආවරණය කරමින්, දිගු කාලීන හා ශක්තිමත් ස්ථාවරත්වයක් සලසා දෙයි. ශක්තිමත් හා වඩාත් හොඳ රක්ෂණයක් හිමි පවුලක්, ශක්තිමත් ජාතියක් වෙනුවෙන් දායකතත්වයක් ලබා දෙන අතර, ජනතාව සුරක්ෂිත කිරීමට සහ 2026 වසරට විශ්වාසයෙන් මුහුණ දීමට සහයක් ලබා දේ.
SLICGL ශක්තිමත් ලෙස 2026 වසර ගොඩනැගීම වෙනුවෙන් කැපවී සිටී. පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට තමන්ගේ දෙපයින් නැගී සිටීමටත්, දුෂ්කර තත්ත්වයන්ට ශක්තිමත්ව මුහුණ දෙමින් සහ සුරක්ෂිතව ඉදිරියට යාමට සහය ලබා දෙමින් රක්ෂණය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබයි. සෑම මට්ටමකින්ම ආරක්ෂාව ශක්තිමත් කරමින්, SLICGL ශ්‍රී ලාංකිකයින්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට, වඩාත් ශක්තිමත් අයුරින් කැප වන බව සහතික කර ඇත.


උපුටා ගැනීම : අද දෙරණ
