ක්‍රමවත් ඩිජිටල් ලාභාංශ ගෙවීමේ සේවා සැපයීම සඳහා මධ්‍යම තැන්පතු ක්‍රමය NDB බැංකුව සමඟ හවුල්කාරීත්වයකට

කොළඹ කොටස් හුවමාරුවේ (CSE) පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන මධ්‍යම තැන්පතු ක්‍රමය (CDS) සහ NDB බැංකුව (NDB) ඒකාබද්ධව ක්‍රමවත් ලාභාංශ ගෙවීම් පද්ධතියක් සැපයීම හරහා කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගම් සඳහා ලාභාංශ බෙදා හැරීමේ පද්ධතිවල කාර්යක්ෂමතාව වැඩි කිරීමට කටයුතු කර ඇත.

මෙම හවුල්කාරිත්වයේ අරමුණ වන්නේ ප්‍රාග්ධන වෙළඳපොළ යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සහ සමාගම් සහ ආයෝජකයින් සඳහා ආයෝජන ක්‍රියාවලිය විධිමත් කිරීමයි. සේවා ගිවිසුමක් මගින් විධිමත් කරන ලද මෙම හවුල්කාරිත්වය හරහා, ජාතික සංවර්ධන බැංකුව මඟින් කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගම්වලට වෙන් වූ පද්ධතියක් හරහා ලාභාංශ ගෙවීම් බාධාවකින් තොරව සිදු කිරීමට අවස්ථාව ලබා දෙයි. ඉලෙක්ට්‍රොනික මුදල් හුවමාරු, චෙක්පත් හරහා ගෙවීම් සහ වෙනත් අභිරුචිකරණය කළ ක්‍රම ඇතුළු බහුවිධ බෙදා හැරීම් අවස්ථා ඒ හරහා පිරිනැමේ.  එමඟින් ප්‍රමාදයන් සහ දෝෂ අවම කරමින් කොටස් හිමියන්ට ඉක්මන්, සෘජු හුවමාරු ඔස්සේ ප්‍රතිලාභ ලබා ගැනීමට ඉඩ සලසයි.

සමාගම් සඳහා ලාභාංශ බෙදා හැරීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමේ සහ ඒවායේ සමස්ත ආයෝජක සබඳතා වැඩිදියුණු කිරීමේ තීරණාත්මක පියවරක් ලෙස මෙම හවුල්කාරිත්වය දැක්විය හැක. විකාශනය වෙමින් පවතින ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ අවශ්‍යතාවලට උපකාරී වන නව්‍ය මුදල් කළමනාකරණ සේවා ලබා හරහා, ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළඳපොළේ ක්‍රියාකාරීත්වය විධිමත් කිරීම සඳහා මධ්‍යම තැන්පතු ක්‍රමය විසින් ගනු ලැබූ සුවිශේෂී කාර්යභාරයක් ලෙස මෙම හවුල්කාරිත්වය ගත හැක.

ඡායාරූපය –

(වමේ සිට දකුණට) ජාතික සංවර්ධන බැංකුව– මුදල් කළමනාකරණය – කළමනාකරු – අකිල පෙරේරා මහතා;
ජාතික සංවර්ධන බැංකුව– උපායමාර්ග සහ ව්‍යාපාර තොරතුරු උප සභාපති – නදීකා රණසිංහ මහත්මිය;
ජාතික සංවර්ධන බැංකුව– නීති උප සභාපති – දිනාලි දුනුවිල මහත්මිය;
ජාතික සංවර්ධන බැංකුව – බැංකුකරණ ගනුදෙනු ප්‍රධාන කළමනාකරු – රමේෂ් පෙරේරා මහතා;
ජාතික සංවර්ධන බැංකුව– ගනුදෙනු බැංකුකරණ සහ වෙළඳ මෙහෙයුම් සහකාර උප සභාපති – තිලංක එස්. වීරසිංහ මහතා;
ජාතික සංවර්ධන බැංකුව– අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී – කැළුම් එදිරිසිංහ මහතා;
කොළඹ කොටස් හුවමාරුව– ප්‍රධාන විධායක නිලධාරී – රජීව බණ්ඩාරනායක මහතා;
කොළඹ කොටස් හුවමාරුව– ප්‍රධාන වෙළඳපොළ මෙහෙයුම් නිලධාරී – චන්ද්‍රකාන්ත් ජයසිංහ මහතා;
කොළඹ කොටස් හුවමාරුව – මධ්‍යම තැන්පතු ක්‍රමය ප්‍රධානී – නදීර අතුකෝරල මහතා;
කොළඹ කොටස් හුවමාරුව– නීති හා බලාත්මක කිරීම කළමනාකරු (නීති, බලාත්මක කිරීම සහ අනුකූලතා) – කනිෂ්ක ගුණවර්ධන මහතා;
කොළඹ කොටස් හුවමාරුව– නීති, බලාත්මක කිරීම සහ අනුකූලතා ජ්‍යෙෂ්ඨ උප සභාපති – ශිවන්දිනී ලියනගේ මහත්මිය;
කොළඹ කොටස් හුවමාරුව– මධ්‍යම තැන්පතු ක්‍රමය කෝපරේට් සොලුයුෂන් සහ CRM කළමනාකරු – හේමාල් වීරසිංහ මහතා.

උපුටා ගැනීම : අද දෙරණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top