මෙරට ආයෝජන රැසකට චීන වාණිජ මණ්ඩලයෙන් සැලසුම්

මෙරට දැනට භාවිතයට නොගන්නා ඉඩම් භාවිත කරමින් විශාල පරිමාණයේ කිරි නිෂ්පාදන ගොවිපල් සහ අපනයනය ඉලක්ක කරගත් එළවළු හා පලතුරු වැනි කෘෂි නිෂ්පාදන සිදු කිරීමට අපේක්ෂා කරන බව චීන වාණිජ මණ්ඩලය ස‍ඳහන් කරයි.

චීන වාණිජ මණ්ඩලයේ නියෝජිත පිරිසක් පසුගියදා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාව ගොවිජන මන්දිරයේදී හමුවූ අවස්ථාවේදී මේ බව අවධාරණය කෙරිණි.

එහිදී දෙපාර්ශවය අතර වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා විය.

චීන වාණිජ මණ්ඩලය නියෝජනය කරමින් පැමිණි පිරිස සඳහන් කළේ ඔවුන් ශ්‍රී ලංකාව තුළ ආයෝජනයක් සිදු කිරීමට සැලසුම් කරමින් සිටින බවයි.

මෙහිදී ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ මහවැලි අධිකාරියට අයත් දැනට භාවිතයට නොගන්නා ඉඩම් මේ සඳහා යොදා ගැනීමට අවධානය යොමු වී ඇත.

මේ සම්බන්ධයෙන් වන නිශ්චිත යෝජනාවලියක් චීන වාණිජ මණ්ඩලය විසින් ඉදිරිපත් කළ අතර, එය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත අමාත්‍යවරයාට සහ ජනාධිපති ලේකම් කාර්යාලය‌ට ඉදිරිපත් කිරීමට ද මෙහිදී කටයුතු කෙරිණි.

උපුටා ගැනීම : අද දෙරණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top