ලෝක රන් මිල ඩොලර් 4,900 සීමාව ඉක්මවමින් වාර්තාගත ඉහළම අගයකට පැමිණෙයි

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ පළමුවරට අමෙරිකානු ඩොලර් 4,900 සීමාව ඉක්මවා ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ, අද (23) පෙරවරුව වන විට රන් අවුන්සයක් අමෙරිකානු ඩොලර් 4,955.74ක් ලෙස සටහන්ව ඇති බවයි.

එය මෙතෙක් වාර්තා වූ ඉහළම රන් මිල ලෙස සටහන් වේ.

මේ අතර, ප්‍රමුඛ ආයෝජන බැංකුවක් වන Goldman Sachs විසින්, වසර අවසානය වන විට රන් මිල, අවුන්සයක් අමෙරිකානු ඩොලර් 5,400 දක්වා ඉහළ යා හැකි බවට ද අනාවැකිය පළකර ඇත.

අද මෙරට රන්මිලත් සැලකිය මට්ටමකින් ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

උපුටා ගැනීම : අද දෙරණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top