ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ඌරගස්මන්හන්දිය ශාඛාව නව පරිශ්‍රයකදී විවෘත වේ

2003 වසරේදී ආරම්භ කරන ලද ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ඌරගස්මන්හන්දිය ශාඛාව දශක 2කට අධික කාලයක් මුළුල්ලේ ඉහළ ගනුදෙනුකාර සේවාවක් සපයා ඇති අතර ප්‍රදේශයේ ගනුදෙනුකාර ජනතාවට වඩා කාර්යක්ෂම බැංකුකරණ අත්දැකීමක් තිළිණ කිරීම සඳහා ඌරගස්මන්හන්දිය ශාඛාව, කොස්ගොඩ පාරේ පිහිටි නව පරිශ්‍රයකදී පසුගියදා උත්සවාකාරයෙන් විවෘත කෙරිණ.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති ජනාධිපති නීතීඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් ප්‍රසන්ති මධුරංගනී මහත්මිය, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වැඩබලන සාමාන්‍යාධිකාරී හා ප්‍රධාන විධායක නිලධාරී රෝහණ වීරකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, කේ. රවීන්ද්‍රන්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම් හා ශාඛා බැංකුකරණ), නාලිකා විජේසිංහ, සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි), දුලක්ෂි පෙරේරා, ප්‍රාදේශීය කළමනාකරු, සුසන්ත පියරත්න, ඌරගස්මන්හන්දිය ශාඛා කළමණාකරු, සුදාරක ලියනගේ යන මහත්ම මහත්මීහු සහ රාජ්‍ය නිලධාරීන් සහ ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ආරාධිතයන් විසින් මුල්දින තැන්පතු භාරගැනීම සිදු කරන ලද අතර ඩී එස් ජයවර්ධන මහතා සහ මහත්මිය විසින් පළමු මුල් දින තැන්පතුව ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා වෙත භාරදෙන ලදී.

වැඩි ඉඩකඩකින් සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) ඇතුළු නවීන පහසුකම් රැසකින් සමන්විත මෙම ශාඛාව, ජනතාවගේ සියළු මූල්‍ය අවශ්‍යතා සපුරාලමින් වඩාත් ඉහළ ගනුදෙනුකාර සේවාවක් සැපයීමට සූදානමින් සිටී.

100% ක පූර්ණ රාජ්‍ය ආරක්ෂාව සහිත දේශයේ එකම බැංකුව වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව සිය සේවා ජාලය වඩාත් කාර්යක්ෂමව පුළුල් කර ඇත.

උපුටා ගැනීම : දිවයින

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top