ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ සිට අහ්මදාබාද් දක්වා ඍජු ගුවන් ගමන් ඇරඹීමට සැරසෙයි

කොළඹ සිට ඉන්දියාවේ අහ්මදාබාද් දක්වා ශ්‍රීලංකන් ගුවන් සේවය හරහා ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ මේ වසරේ අප්‍රේල් මාසයේ සිට එම ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

“අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේ සිට ගුජරාට්වල අහ්මදාබාද් සිට කොළඹ දක්වා ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා ඍජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කරන්න. මේත් සමග ශ්‍රී ලංකාවේ බැතිමතුන්ට අවස්ථාව උදා වෙනවා ගුජරාට් ගිහින් වන්දනාමාන කටයුතු සඳහා සම්බන්ධ වෙන්න.”

උපුටා ගැනීම : අද දෙරණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top