යූනියන් ඇෂුවරන්ස් සිය නිල වෙබ් අඩවිය වැඩිදියුණු කරයි

ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් පුරා ක්‍රියාත්මකව පවතින පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස්, සමාගමේ අඛණ්ඩ ඩිජිටල් පරිවර්තන ගමන් මඟ තුළ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිය ආයතනික වෙබ්අඩවිය නිල වශයෙන් යළි හඳුන්වා දී ඇත. පාර්ශ්වකරුවන් සඳහා අවහිරතා රහිත, සුරක්ෂිත සහ ආකර්ෂණීය ඩිජිටල් අත් දැකීමක් ලබාදීමට තාක්ෂණය උපයෝගී කරගනිමින්, නවෝත්පාදනය සහ පාරිභෝගික කේන්ද්‍රියතාව කෙරෙහි යූනියන් ඇෂුවරන්ස් දක්වන විශේෂ අවධානය වැඩිදියුණු කරන ලද මෙම වෙබ් අඩවිය මඟින් විදහා දැක්වෙයි.

වඩාත් පැහැදිලි යොමු කිරීමක්, වේගවත් සම්බන්ධතා කාලයක් සහ ඉහළ ජංගම ප්‍රතිචාර හැකියාවක් පිරිනමමින්, පරිශීලක අත් දැකීම කෙරෙහි විශේෂ අවධානයක් සහිතව අලුතෙන් සකසන ලද මෙම වෙබ් අඩවිය සැලසුම් කර ඇත. නවීන තාක්ෂණය පාදක කරගනිමින් නිර්මාණය කර ඇති මෙම වෙබ් අඩවිය මඟින් ආරක්ෂාව සහ පුළුල් කරණ හැකියාවද ඉහළ නංවමින්, දිනෙන් දින වෙනස් වන සමාජයෙහි ඩිජිටල් අවශ්‍යතාවලට සහාය ලබා දීමට එයට හැකි බව තහවුරු කරයි.

සැලසුම සහ ක්‍රියාකාරිත්වයට අමතරව, වැඩි දියුණු කරන ලද මෙම වෙබ්අඩවිය මඟින් වඩාත් ඵලදායී අන්තර්ගතයක් ඉදිරිපත් කිරීමේ සහ ඉහළ නංවන ලද පරීක්ෂා කර බැලීමේ හැකියාවක් ලබා දෙමින්, වඩාත් පහසුවෙන් අදාළ තොරතුරු ලබා ගැනීමට පරිශීලකයින්ට ඉඩ සලසයි. වෙබ් අඩවිය වැඩි දියුණු කිරීම පිළිබඳ අදහස් දක්වමින්, යූනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන අලෙවි නිලධාරී මහේන් ගුණරත්න මෙසේ පැවසීය. “අපගේ පාරිභෝගිකයින් සහ පාර්ශ්වකරුවන් සමඟ අප කටයුතු කරන ආකාරයට අදාළ තීරණාත්මක ප්‍රවේශ මාර්ගයක් හැටියට අපගේ වෙබ් අඩවිය සලකන්න පුළුවන්. නව පරපුර තමන්ගේ ජිවිතවල සෑම අංශයකදීම සරල බව, වේගය සහ අවහිරතා රහිත ඩිජිටල් අන්තර්ක්‍රියා අපේක්ෂා කරනවා. මේ වෙබ් අඩවිය වැඩි දියුණු කිරීම හරහා බාහිර පෙනුමේ වෙනසකින් පමණක් නොනැවතී. වඩාත් දියුණු, කාර්යක්ෂම සහ අනාගතයට ගැළපෙන ඩිජිටල් පසුබිමක් නිර්මාණය කෙරෙනවා. නවීන තාක්ෂණය සහ වඩාත් ඉහළ නිමාවක් ඔස්සේ ජනතාව සමඟ සම්බන්ධ වීමට ඇති හැකියාව අප ඉහළ නංවා ගන්නේ ඔවුන්ට වටිනා සැම දේ අර්ථවත් ආකාරවලින් සුරකින අතරම නව ඩිජිටල් යුගයේ ඔවුන් සොයන පහසුව සහ විනිවිද භාවය ලබා දෙමින් ඔවුන්ට සහාය වීමටයි.”

යූනියන් ඇෂුවරන්ස් යනු විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 80කට අධික ප්‍රමාණයක් සමඟ ක්‍රියාත්මක, කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී (JKH) හි අනුබද්ධ සමාගමකි. වර්ෂ 2025 සැප්තැම්බර් මාසය අවසාන වන විට රු. බිලියන 46.2ක වෙළෙඳපොළ ප්‍රාග්ධන කරණයක් සහ රු. බිලියන 91.1ක ජිවිත අරමුදලක් සහිතව දශක තුනකට අධික කාලයක් සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට මෙම සමාගම සමත්ව ඇත. ජීවිත වෙත රැකවරණය සලසන අතරම සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා පිරිපුන් සුවසෙත සැලසීමට කැප වී සිටින යූනියන් ඇෂුවරන්ස්, ශ්‍රී ලාංකිකයින්ගේ සෞඛ්‍ය, ආයෝජන, රැකවරණ, විශ්‍රාම සහ අධ්‍යාපන අවශ්‍යතා ආවරණය කරන ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ 3,000කට අධික සවිමත් සේවා බළකායක් සමඟ ජිවිතරක්ෂණ ක්ෂේත්‍රයේ නිරන්තර වෙනස් වීම් අනුව හැඩ ගැසෙමින් පාරිභෝගික කේන්ද්‍රීය විශේෂ අවධානයක් සහිතව ජනතාව, නිෂ්පාදන සහ ක්‍රියාවලීන් උදෙසා ආයෝජනය කිරීමට යූනියන් ඇෂුවරන්ස් නිබඳව කටයුතු කරයි.

උපුටා ගැනීම : සිළුමිණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top