
ඔබේ බබාව ආරක්ෂා කිරීම ආරම්භ වන්නේ ඉතා පුංචි දේවල්වලිනි. බබාව මද උණුසුම් ජලයෙන් සේදීම, මෘදු තුවායකින් ඇඟ පිසදැමීම සහ නින්දට පෙර ශරීරය මෘදුව පිරිමැදීම ඒ අතර වේ. මේවා සරල දේවල් ලෙස පෙනුනත්, මවකට ඒවායේ ඇත්තේ විශාල අරුතකි. තම දරුවා ආරක්ෂිතව, නිරෝගීව සහ සතුටින් තැබීමට මවක් ලබා දෙන නිහඬ පොරොන්දුවක් බඳු වූ රැකවරණය සහ සුවපහසුව මේ හැම මොහොතකින්ම මනාව පිළිබිඹු වේ.
මගේ බබා ඉපදුණු අලුත එයාගේ සම කොතරම් සංවේදී දැයි මට වැටහුණා. සමේ පොඩි වියළි ගතියක් ඇති වුවත් සම වහාම රතු පැහැ වුණා. කාලගුණයේ සුළු වෙනසක් පවා එයාගේ කම්මුල් වියළීමට හේතු වුණා. සමහර අවස්ථාවල ඉතාමත් මෘදු රෙදි පවා එයාගේ සමට අපහසුවක් ඇති කරන බව මට දැනුණා. මේ නිසා මා භාවිතා කරන සෑම නිෂ්පාදනයක් ගැනම මීට වඩා අවධානයෙන් සිටිය යුතු බව මට වැටහුණා. මම සබන් වර්ගයක් ක්‍රීම් එකක් තෝරාගන්නකොට ඒ තෝරාගන්නේ නිෂ්පාදන වර්ගයක්ම විතරක්ම නෙවෙයි එයාගේ සමට ස්පර්ශ වන ගොඩක් වැදගත්කමක් ඇති දේවල් කියලා මට වැටහුනා. මේ දේවල් එයාගේ වර්ධනයට සහ සමට වැදගත් බව මට තේරුණා.
කාලයත් සමඟ මට වැටහුණු දෙයක් තමයි බබාගේ සම වැඩිහිටියන්ගේ වගේ ශක්තිමත් නැති බව වගේම ඉක්මණින් තෙතමනය නැති වෙන බව. ඒවගේම ගොඩක් ඉක්මනට බබාලාගේ සම බාහිර දේවල් වලට ප්‍රතිචාර දක්වනවා. එයාලව අපි කොයිතරම් ආදරයෙන් රැකබලා ගත්තත් පොඩි අපහසුවක් ඇති වූ විට මව්පියන් ලෙස අපට දැනෙන්නේ විශාල අසරණකමකි.
මේ විදිහට මම සම ගැන හොයනකොට තමයි මට මුලින්ම ‘ස්වාභාවික සෙරමයිඩ්’ (Natural Ceramides) ගැන අසන්නට ලැබුණේ එය හුදු විද්‍යාත්මක වචනයකට වඩා, බබාගේ සමට තනිවම ආරක්ෂා වීමට උදව් කරන සරල අමුද්‍රව්‍යක් ලෙස මම හඳුනා ගත්තෙමි. සෙරමයිඩ් යනු අපේ සමේ ආරක්ෂිත ස්ථරයෙන් වැඩි කොටසක් නිර්මාණය කරන ස්වාභාවික තෙල් වර්ගයකි. එමගින් සමේ තෙතමනය රඳවා ගන්නා අතරම, බාහිර අහිතකර බලපෑම්වලින් සම ආරක්ෂා කරයි. වැඩිහිටියන්ගේ මෙම ආරක්ෂිත ස්ථරය දැනටමත් ශක්තිමත් වී ඇති නමුත්, බබාලගේ සමේ එය තවමත් වර්ධනය වෙමින් පවතී. බබාලගේ සියුම් සමට වැඩිපුර සෙරමයිඩ් ලබා දීම වැදගත් වන්නේ ද ඒ නිසාමය.
සෙරමයිඩ් ගැන මා වඩාත් පැහැදුණු කරුණ නම්, ඒවා සම වියළි වූ පසු සුවපත් කරනවාට වඩා, එවැනි ගැටලු ඇති වීම වළක්වා ගැනීමට මුල සිටම සහාය වීමයි. ඒවා දිනෙන් දින සම ශක්තිමත් කරමින්, සම මෘදුව, නිරෝගීව සහ ඕනෑම බාහිර බලපෑමකට ඔරොත්තු දෙන අයුරින් පවත්වා ගැනීමට උපකාරී වේ. එය මට දැනුණේ මගේ බබාට ලැබුණු අමතර ආරක්ෂක ස්ථරයක් ලෙසයි. එය මට පමණක් තනිවම ලබා දිය නොහැකි සුවිශේෂී රැකවරණයක්.
මම මේ පිළිබඳව තවදුරටත් සොයා බැලීමේදී, ස්වාභාවික සෙරමයිඩ්වල ඇති ආරක්ෂිත බව ගැන මට ලොකු විශ්වාසයක් ඇති වුණා. සහල් සහ විවිධ ශාකසාර තෙල්වලින් ලබා ගන්නා මේවා, බබාගේ සමේ ස්වාභාවිකවම පවතින දේවලට බෙහෙවින් සමානයි. එබැවින් බාහිර ලෝකයට හුරු වෙන බබෙකුගේ සංවේදී සමට මේවා ඉතාමත් මෘදු, සමීප සහ ආරක්ෂිත බව මට වැටහුණා.
දෙමාපියන් ලෙස අප තේරුම් ගත යුතු වන්නේ, බිළිඳු සම සුරැකීම යනු හුදෙක් ගැටලුවලට පිළියම් යෙදීමක් පමණක් නොව, එය දරුවා පෝෂණය කිරීමක් සහ සමේ ස්වාභාවික ආරක්ෂිත ස්ථරය සුරැකීමක් බවයි. එහිදී වැදගත් වන්නේ දරුවාගේ සමේ ස්වභාවයට බාධාවක් නොවන, එහි ක්‍රියාකාරීත්වයට සහයෝගයක් ලබා දෙන නිෂ්පාදන තෝරා ගැනීමයි. අප එදිනෙදා ගන්නා මෙවැනි නිහඬ එහෙත් වැදගත් තීරණ, දරුවාගේ දිගුකාලීන යහපැවැත්ම සඳහා බෙහෙවින් බලපානවා.
මවක ලෙස මා වටහාගත් කරුණක් නම්, දැඩි ගුණාත්මක පාලනයක් සහිත පිළිගත් සන්නාමයන් මගින් බිළිඳුන් සඳහාම විශේෂයෙන් නිපදවන නිෂ්පාදන, සාමාන්‍ය නිෂ්පාදනවලට වඩා ඉහළ විශ්වාසනීයත්වයක් ලබා දෙන බවයි. බිළිඳු සම ඉතා සියුම් මෙන්ම බාහිර බලපෑම්වලට ඉක්මනින් නතු වන බැවින්, මෙම පිළිගත් සන්නාමයන් දැඩි ආරක්ෂිත ප්‍රමිතීන් අනුගමනය කරමින්, ඉතා මෘදු අමුද්‍රව්‍ය පමණක් තෝරාගෙන පුළුල් පරීක්ෂණවලට ලක් කර එම නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කරනු ලබයි.
නිෂ්පාදනයක් චර්ම රෝග සායනික පරීක්ෂණවලට ලක් කර ඇති බවත්, දැඩි ලෙස පාලනය කළ තත්ත්වයන් යටතේ නිපදවා ඇති බවත්, විශේෂයෙන්ම බිළිඳු සම සඳහාම සකස් කර ඇති බවත් දැන සිටීම මවකට හෝ පියෙකුට විශාල සහනයක් මෙන්ම විශ්වාසයක් ගෙන දේ. එමගින් තමන් භාවිතා කරන නිෂ්පාදනය ඉතා ආරක්ෂිත මෙන්ම මෘදු බවත්, එය සැබවින්ම තම දරුවාගේ යහපැවැත්ම උදෙසාම නිපදවා ඇති බවත් තහවුරු වේ.
සත්‍ය වශයෙන්ම, ඔබේ බබාගේ සම රැකබලා ගැනීම යනු තවත් එක් ආකාරයකින් ආදරය පෙන්වීමකි. ස්වාභාවික සෙරමයිඩ් අඩංගු නිෂ්පාදනයක් තෝරා ගැනීම වැනි සරල දෙයක් මගින් බබාගේ සමේ මෘදු බව, සුවපහසුව සහ එම අවිහිංසක බව රැකගත හැකි නම්, එය දරුවාට හොඳම දේ ලබා දීමට මවක් දරන ආදරණීය උත්සාහයකි.
