වෙළෙඳපොළ පසුබෑම හමුවේ ස්ථාවරත්වය සහ දිගුකාලීන කැපවීම තහවුරු කරමින් Bybit සිය ප්‍රජාව සමඟ අඛණ්ඩව රැඳී සිටියි

ක්‍රිප්ටෝ වෙළෙඳපොළේ Crypto Fear and Greed Index පෙර කවරදාකවත් නොවූ මට්ටමකින් පහත වැටී ඇති අතර, බිට්කොයින් (Bitcoin) අගය ද එහි උපරිම මට්ටම්වල සිට තියුණු පසුබෑමකට ලක්වෙමින් පවතී. වෙළෙඳපොළේ පවතින මෙම තත්ත්වය හමුවේ, ලොව දෙවන විශාලතම ක්‍රිප්ටෝ හුවමාරුව වන Bybit පෙන්වා දෙන්නේ, අවිනිශ්චිත කාලසීමාවන්හිදී ආයෝජකයින්ට ස්ථාවරත්වය, විනිවිදභාවය සහ අඛණ්ඩ ආදායම් මාර්ග හිමිවිය යුතු බවයි. වෙළෙඳපොළ උච්චාවචනයන් හමුවේ පසුබසිනවා වෙනුවට, Bybit ඉදිරියට පැමිණෙමින් නව අවස්ථා පුළුල් කිරීමටත්, ස්ථාවර ආදායම් ලබාගත හැකි මූල්‍ය නිෂ්පාදන ශක්තිමත් කිරීමටත්, සිය ගෝලීය පරිශීලකයින් සමඟ සමීපව රැඳී සිටීමටත් පියවර ගනිමින් සිටියි.

“අපගේ පරිශීලකයින් මේ මොහොතේ වඩාත්ම අපේක්ෂා කරන්නේ ස්ථාවරත්වය බව අප විශ්වාස කරනවා,” යැයි Bybit හි සම ප්‍රධාන විධායක නිලධාරී හෙලන් ලියු ප්‍රකාශ කළාය. “වෙළෙඳපොළ යළි යථා තත්ත්වයට පත්වන බවට අපට කිසිදු සැකයක් නැහැ. එතෙක් අපගේ වගකීම වන්නේ පරිශීලකයින් මත ඇති පීඩනය අවම කිරීම, ස්ථාවර ආදායමක් උපයා ගැනීමට අවස්ථා ලබා දීම සහ Bybit සැමවිටම ඔවුන් සමඟ සිටින බව සහතික කිරීමයි.”

වැදගත්ම මොහොතේ ස්ථාවරත්වය ලබා දීම

විවිධ වෙළෙඳපොළ චක්‍රයන් දෙස බැලීමේදී, ආයෝජකයින්ගේ මනෝභාවයන් කෙතරම් ඉක්මනින් වෙනස් විය හැකිද යන්න සහ වෙළෙඳපොළ උච්චාවචනයන් සාමාන්‍ය ආයෝජකයින්ට කෙතරම් තදින් බලපාන්නේද යන්න Bybit අත්දැකීමෙන් වටහාගෙන ඇත. ඒ අනුව, අවිනිශ්චිත කාලසීමාවන්හිදී සිය වත්කම්වල අගය ආරක්ෂා කර ගනිමින් පුරෝකථනය කළ හැකි ප්‍රතිලාභ උපයා ගැනීමට පරිශීලකයින්ට උපකාර වන Stablecoin ආයෝජන අවස්ථා සහ ප්‍රාග්ධන කාර්යක්ෂම මෙවලම් වෙත ප්‍රවේශ වීම Bybit මේ වන විට වේගවත් කර තිබේ.

“අපගේ පරිශීලකයින්ට ස්ථාවර ආදායමක් උපයා ගත හැකි සෑම අවස්ථාවක්ම සොයා දීමට අප කැපවී සිටිනවා,” යැයි හෙලන් පැවසීය. “එය Mantle Vault හරහා ලබාගන්නා On-chain ප්‍රතිලාභ වුවද, නැතහොත් BYUSDT හරහා ලබාගන්නා ප්‍රාග්ධන කාර්යක්ෂමතාව වුවද, අපගේ ඉලක්කය එකමය. එනම්, අපගේ ප්‍රජාවට අඩු පීඩනයකින් සහ වැඩි විශ්වාසයකින් යුතුව මෙම දුෂ්කර කාලසීමාව පසු කිරීමට හැකි වන පරිදි, ඔවුන් සතු සෑම ඩොලරයකින්ම උපරිම ප්‍රතිලාභයක් ලබා දීමයි.”

වත්මන් වෙළෙඳපොළ තත්ත්වය මගින් ආයෝජකයින්ගේ හැසිරීම් රටාව තුළ සිදුවෙමින් පවතින ගැඹුරු ව්‍යුහාත්මක වෙනසක් නිරූපණය වන බව Bybit විශ්වාස කරයි.

‘මෙම වෙළෙඳපොළ චක්‍රය පෙර ඒවාට වඩා වෙනස්ය. වර්තමාන පරිශීලකයින් සිය ගුණයක ලාභයක් පසුපස හඹා යනු වෙනුවට, සිය ප්‍රාග්ධනය ආරක්ෂා කර ගනිමින් තිරසාර ප්‍රතිලාභ උපයා ගැනීමට වැඩි උනන්දුවක් දක්වති. මෙම වෙනස හුදු හැඟීම්බර තීරණයක් නොව, ආයෝජන රටාවන්හි සිදුවූ ව්‍යුහාත්මක වෙනසකි’ යැයි හෙලන් වැඩිදුරටත් පැවසීය.

ප්‍රජාව සමඟ එක්ව පෙරට

Bybit, සිය ප්‍රජාව වෙනුවෙන් ‘Stablecoins’ මගින් සුරක්ෂිත කරන ලද ඩොලර් මිලියන 10ක් දක්වා වූ ස්ථාවර ආදායම් අවස්ථා හඳුන්වා දීමට නියමිත අතර එමගින් වෙළෙඳපොළ උච්චාවචනය වන කාලසීමාවන්හිදී පවා, පුරෝකථනය කළ හැකි ස්ථාවර ප්‍රතිලාභ උපයා ගැනීමට පරිශීලකයින්ට වැඩි අවස්ථාවන් හිමි වේ.

“මාර්තු මාසය පුරාම අපගේ පාරිභෝගිකයන්ට Stablecoin හරහා ලාභ උපයා ගත හැකි ක්‍රම Bybit මගින් හඳුන්වා දෙනවා. අප මේ ක්ෂේත්‍රයේ රැඳී සිටින්නේ ඉතා දිගු ගමනක් වෙනුවෙන්,” යැයි සිය අදහස් දක්වමින් හෙලන් ප්‍රකාශ කළේය. “වෙළෙඳපොළ හොඳ මට්ටමක තිබුණත්, පහළ වැටුණත් අපේ පාරිභෝගිකයන්ට උදව් කිරීම අපේ ප්‍රතිපත්තියයි. මෙවැනි අසීරු කාලවලදී ඔවුන්ට මූල්‍යමය වශයෙන් සහනයක් වීමට අප මෙවැනි Stablecoin වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ක්ෂේත්‍රයේ දියුණුව සැමට යහපතක් වන නිසා අප සමාජ සත්කාරක කටයුතුවලටත් ආයෝජනය කරනවා. මෙම කැපවීම අපේ ආයතනයේ ප්‍රධානම ලක්ෂණයක්.”

වෙළෙඳපොළේ පවතින අවිනිශ්චිත තත්ත්වයන් හරහා ක්ෂේත්‍රයක ඇති සැබෑ ස්වභාවය හඳුනාගත හැකි බව Bybit විශ්වාස කරයි. ඒ වෙනුවෙන් Bybit කණ්ඩායම පැය 24 පුරාම සක්‍රීයව කටයුතු කරමින්, සිය හවුල්කරුවන් සහ පරිශීලකයින් සමඟ විවෘතව අදහස් හුවමාරු කර ගනියි. සැමවිටම විනිවිදභාවයට ප්‍රමුඛත්වය දෙමින්, ප්‍රජාව දැනුවත් කිරීමට සහ ඔවුන්ගේ විශ්වාසය රැක ගැනීමට Bybit කණ්ඩායම ඉතා කඩිනමින් ක්‍රියා කරයි.

#Bybit / #TheCryptoArk  

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top