
පසුගිය දින කිහිපය පුරාවට ඉහළ ගිය රන් මිලෙහි සැලකිය යුතු පහළ යාමක් අද (04) දිනය තුළ දී වාර්තා වී තිබේ.
ඒ අනුව අද පෙරවරුව වන විට ගෝලීය රන් අවුන්සයක මිල ඩොලර් 200 කට ආසන්න ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලෝක රන්මිල පහළ යාම මත මෙරට රත්‍රං මිල ගණන් ද ඊයේ දිනයට සාපේක්ෂව රු. 13,000කින් පහළ ගොස් ඇති බව රන් වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.
ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොලේ “කැරට් 24” රන් පවුමක මිල රුපියල් 407,000ක් දක්වා පහළ ගොස් ඇති අතර “කැරට් 22” රන් පවුමක මිල රු. 376,500ක් දක්වා පහත වැටී ඇති ඇති බවට වාර්තා වෙයි.
උපුටා ගැනීම : අද දෙරණ
