බොරතෙල් බැරලයක මිල වසර 3 1/2කට පසු ඇමරිකානු ඩොලර් 100 ඉක්මවයි

අද (09) ලෝක බොර තෙල් මිලෙහි 16% ඉක්ම වූ වාර්තාගත ඉහළ යාමක් වාර්තා වී ඇත.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 16.5%කින් එනම් පෙර දිනයට සාපේක්ෂව ඇමරිකානු ඩොලර් 15.29කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් 107.97ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලස බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් ඇත්‌තේ වසර තුනහමාරකට පසු පළමු වරටයි.

මැදපෙරදි හටගෙන ඇති යුධමය තත්ත්වය හමුමේ එම කලාපයේ බොර තෙල් නිෂ්පාදනයට සහ නැව්ගත කිරීමට බාධා ඇති වීම මෙලෙස තෙල් මිල ඉහළ යාමට හේතු වී ඇත.

මේ අතර WTI බොරතෙල් බැරලයක මිල 16.9% කින් එනම් පෙර දිනයට සාපේක්ෂව ඇමරිකානු ඩොලර් 15.36 කින් ඉහළගොස් ඇමරිකානු ඩොලර් 106.22ක් දක්වා ඉහළ ගොස් ඇති බවට වාර්තා වෙයි.

උපුටා ගැනීම : අද දෙරණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top