
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 521.17කින් අද (17) දින පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 20,418.09ක් ලෙසින් වාර්තා විය. කොළඹ කොටස් වෙළෙඳපොළේ අඛණ්ඩ පහළ යාමක් වාර්තා වූ පස්වන දිනය අදයි.
මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 123.94ක පහළ යාමක් වාර්තා කළ අතර දිනය අවසානයේ දී එය ඒකක 5,760.99ක් ලෙසින් වාර්තා විය.
රු. බිලියන 5.02ක ගනුදෙනු පිරිවැටුමක් දිනය තුළ වාර්තා වී තිබේ.
උපුටා ගැනීම : අද දෙරණ
