මාර්තු මාසයේ සංචාරක පැමිණීම ලක්ෂය ඉක්මවයි

2026 වසරේ මාර්තු මාසයේ පළමු දින 18 තුළ 109,410ක සංචාරකයින් පිරසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එම අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ඒ අනුව මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 666,065ක් ලෙස වාර්තා වන බවයි.

මාර්තු මාසයේ පළමු දින 18 තුළ 27,613ක එනම් 25%ක සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර 10,111ක සංචාරකයින් පිරිසක් එක්සත් රාජධානියෙන් සහ රුසියාවෙන් 9,562ක සංචාරක පැමිණීමක් වාර්තා වෙයි.

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් එම කලාපය හරහා ක්‍රියාත්මක කෙරණු ගුවන් ගමන් සීමාවීමත්, බොරතෙල් ඇතුළු බලශක්ති මිල ගණන් ඉහළ යාම හමුවේ ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින ගෝලීය අස්ථාවරත්වය තුළ ගුවන් ගමන් ගාස්තු ඉහළ යාමත් වැනි කරුණු හේතුවෙන් ලොව පුරා සංචාරක කර්මාන්තයේ පසුබැස්මක් මේ වන විට ඇති වී තිබේ.

එම වාතාවරණය තුළ ශ්‍රී ලංකාව වැනි සංචාරක කර්මාන්තය මත ඉහළ රැඳියාවක් තිබෙන කුඩා ආර්ථිකයකට වන එල්ල විය හැකි බලපෑම සුළුපටු නොවේ.

උපුටා ගැනීම : අද දෙරණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top