
ලොවම පිළිගත් ප්‍රමුඛ පෙළේ රථ වාහන සන්නාමයන් වන JAECOO (ජේකූ), OMODA (ඔමෝඩා), KAIYI (කායි) සහ SRM (එස් ආර් එම්) මෙරට පාරිභෝගිකයන් වෙත සමීප කරන හේලීස් මොබිලිටි ලිමිටඩ් (Hayleys Mobility Limited) ආයතනය, CarSwitch (Pvt) Ltd. ආයතනය සමඟ අත්වැල් බැඳගනිමින් සිය නවතම බලයලත් විකුණුම් ප්‍රදර්ශනාගාරය අනුරාධපුරයේදී විවෘත කර තිබේ.
දිවයින පුරා විහිදුණු සිය සේවා ජාලය පුළුල් කිරීමේ තවත් එක් පියවරක් ලෙස විවෘත වූ මෙමඟින් උතුරු මැද පළාතේ පාරිභෝගිකයින්ට හේලීස් මොබිලිටි සේවා ව්‍යාප්තිය තවදුරටත් සමීප කරයි. ඒ අනුව වාහන අලෙවිය, විශේෂඥ උපදේශනය මෙන්ම අලෙවියෙන් පසු සැපයෙන සේවාවන් ඇතුළු සියලුම පාරිභෝගික අවශ්‍යතා, හේලීස් මොබිලිටි ආයතනයේ සුපුරුදු විශ්වාසනීයත්වය සහ උසස් ප්‍රමිතියෙන් යුතුව දැන් එකම වහලක් යටින් ඉතා පහසුවෙන් ලබාගත හැකිය.

CarSwitch (Pvt) Ltd. ආයතනය සිය බලයලත් විකුණුම් නියෝජිතයෙකු ලෙස පත් කරගැනීම, විශ්වාසදායක දේශීය සබඳතා හරහා ගෝලීය මට්ටමේ උසස් ප්‍රවාහන විසඳුම් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් වෙත ළඟා කිරීමට ආයතනය දක්වන අඛණ්ඩ කැපවීම මැනවින් කියාපාන්නකි. එමෙන්ම, මෙම නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම මඟින් පාරිභෝගිකයන් වෙත වඩාත් පහසුවෙන් සහ කාර්යක්ෂමව සේවා සැපයීමටත්, තම සේවා ජාලය දිවයින පුරා තවදුරටත් ව්‍යාප්ත කිරීමටත් හේලීස් මොබිලිටි ආයතනය සතු දිගුකාලීන දැක්ම මනාව පිළිබිඹු වේ.
හේලීස් මොබිලිටි ආයතනයේ ලෝක ප්‍රකට වාහන පෙළ පිළිබඳ අත්දැකීම් විඳගැනීම සඳහා පාරිභෝගිකයින්ට අනුරාධපුර, නව නගරය, ජයන්ති මාවතේ පිහිටි ‘CarSwitch (Pvt) Ltd’ ප්‍රදර්ශනාගාරය වෙත පැමිණිය හැකිය. මේ පිළිබඳ මෙන්ම, හේලීස් මොබිලිටි ආයතනයේ බලයලත් විකුණුම් හවුල්කාර ජාලය සහ වාහන මාදිලි පිළිබඳ වැඩි විස්තර ලබාගැනීම සඳහා 0112 222 223 දුරකථන අංකය ඇමතීමට හෝ www.hayleysmobility.com නිල වෙබ් අඩවියට පිවිසිය හැකිය.
