ස්වදේශී කොහොඹ 25 වන වරටත් රුහුණු මහා කතරගම දේවාලය සහ කිරිවෙහෙර ආලෝකමත් කරමින්, ප්‍රදේශයේ පාසල් දරුවන්ගේ අධ්‍යාපනය ආලෝකමත් කරයි.

ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන කදාන, ස්වදේශී කර්මාන්තායතනය විසින් කතරගම කිරිවෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 2026 ඇසළ පෙරහැර මංගල්‍යය හා සමගාමීව ආලෝකමත් කිරීම  සිදු කෙරුණි. ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය යන තේමාව පෙරදැරිව මෙම ආලෝක පූජාව සංවිධානය කරනු ලබයි.

2026 ජූලි 15 වන දින සිට ජූලි 29 වන දින දක්වා පැවැත් වූ  මෙම ආලෝක පූජාව වෙනුවෙන් ස්වදේශී සමාගම අඛණ්ඩව 25 වන වරටත් අනුග්‍රහය දක්වයි.

ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිණිය විසින් මෙම ආලෝක පූජා සත්කාර වැඩසටහන සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්විය.  ‘’ ශ්‍රී ලාංකේය සමාගමක් ලෙස ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා සාම්ප්‍රදායික උරුමය ආරක්ෂා කරමින් මෙවැනි වාර්ෂික ආලෝක පූජා සත්කාරයන්ට සහයෝගය දැක්වීම අප සතු යුතුකමක්. ස්වදේශී  කර්මාන්තායතනය මෙලෙස ආගමික සිද්ධස්ථාන ආලෝකමත් කරනු ලබන්නේ සියලුම බැතිමතුන්ගේ ප්‍රයෝජනය සඳහා මෙන්ම, රටේ උරුමය සුරැකීමේ වැදගත්කම පිළිබඳව  මතු පරපුර දැනුවත් කිරීම සදහායි.’’   

මෙම ආලෝක පූජාවට සමගාමීව ශ්‍රී ලාංකේය සංස්කෘතිය සහ අභිමානවත් ඉතිහාසය විදහා දක්වන අලංකාර සංස්කෘතික පෙරහැරක් ද පැවැත්විණි.

ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරයේ 25 වසරක අභිමානය සලකුණු කරමින් කතරගම කිරිවෙහෙර මහා සංඝරත්නය උදෙසා සංඝගත දක්ෂිණාවක් පිරිනැමීම සහ කතරගම ප්‍රදේශයේ පාසල් දරුවන් උදෙසා අධ්‍යාපනික ටැබ් යන්ත්‍ර පිරිනැමීම ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණි. අඛණ්ඩව වසර 25 ක් පුරා සිදුකරන ලද මෙම ආලෝක පූජා සත්කාරය අගය කරමින්, කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් විසින් ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි අමරි විජයවර්ධන මැතිණිය වෙත විශේෂ ඇගයීම් සම්මානයක් ද පිරිනමන ලදී.

මහාවංශයට අනුව බුදුරජාණන් වහන්සේ සිය තෙවන ලංකා ගමනයේදී කතරගම කිහිරි උයනට වැඩම කර ධර්මය දේශනා කිරීම සිහිපත් කරනු පිණිස මහනාග රජතුමා විසින් කිරිවෙහෙර චෛත්‍ය නිර්මාණය කර ඇත.

රුහුණු මහා කතරගම දේවාලය යනු ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ අභිවෘද්ධිය වෙනුවෙන් වූ බාරයක් ඉෂ්ට කිරීම පිණිස දුටුගැමුණු රජතුමන් විසින් කරවන ලද අතිපූජනීය ස්ථානයකි. කතරගම දෙවිඳුන් යනු ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව පුරා විවිධ ජාතීන්ට සහ ආගම්වලට අයත් ජනතාවගේ දැඩි ගෞරවයට පාත්‍ර වූ දෙවි කෙනෙකි.

2013 වසරේ දී, ශ්‍රී  දළදා වහන්සේ වැඩසිටි ඓතිහාසික දඹදෙණිය රජමහ විහාරයේ සිතුවම් පිළිසකර කර, එහි පැරණි ශ්‍රී විභූතිය යළි ගෙන ඒමට ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි අමරි විජයවර්ධන මැතිණිය දායක වී ඇත.  

අමරි විජයවර්ධන මැතිණිය,1927 දී කැලණිය රජමහා විහාරයේ ප්‍රතිසංස්කරණ  කටයුතු සිදු කළ, හෙලේනා විජයවර්ධන ළමාතැනීගේ මිණිබිරියයි.

දෙවුන්දර ශ්‍රී විෂ්ණු මහා දේවාලය, අලුත් නුවර දැඩිමුණ්ඩ දේවාලය, මහනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලය, සබරගමුව මහා සමන් දේවාලය, රිදීගම රිදී විහාරය, ලංකාතිලක රජමහා විහාරය, ගඩලාදෙණිය රජමහා විහාරය, දෙරණියගල සමන් දේවාලය, සංකපාල රජමහා විහාරය, කොළඹගම රජමහා විහාරය, දඹදෙණිය රජමහා විහාරය, අත්තනගල්ල රජමහා විහාරය සහ කෑරගල රජමහා විහාරය යන ඓතිහාසික ආගමික සිද්ධස්ථානයන් හී වාර්ෂික ආලෝක පූජාවන් වෙත ද ස්වදේශී කොහොඹ  සිය අනුග්‍රහය ලබා දෙයි.

දේශීය කර්මාන්තායතනයක් ලෙස ස්වදේශී කර්මාන්තායතනය ශ්‍රී ලාංකේය ජනතාව වෙනුවෙන් සිය ජාතික මෙහෙවර සහ ප්‍රජා සත්කාරක වැඩසටහන් නිරන්තරයෙන් ක්‍රියාත්මක කරයි. ස්වදේශී කොහොඹ සන්නාමය පරිසරය සුරැකීම සහ සංස්කෘතික අගයන් ඉහළ නැංවීම අරමුණු කරගත් තිරසාර ව්‍යාපෘති සඳහා කැපවී සිටියි. ඒ අනුව දිවයින පුරා පූජනීය ස්ථාන ආලෝකමත් කරන “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය”, කොහොඹ පැළ රෝපණය කිරීමේ “ස්වදේශී කොහොඹ මිහිතල සත්කාරය”, වියළි කලාපයේ පන්සල්, පාසල් සහ ගම්මාන සඳහා ජල ටැංකි පරිත්‍යාග කිරීමේ “ස්වදේශී කොහොඹ ගමට සත්කාරය” මෙන්ම ගැබිනි මව්වරුන් දැනුවත් කරමින් ළදරු සත්කාරක තිළිණ පිරිනමන “ස්වදේශී කොහොඹ බේබි මාතෘ සත්කාරය” ඇතුළු සමාජ සත්කාරක වැඩසටහන් රැසක් සමාගම විසින් නිරන්තරයෙන් සිදුකරනු ලබයි.

ශාකසාර සබන් නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළඳපොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය, 1941 වසරේ ආරම්භ කරන ලද ISO 9001 – 2015 සහතික ලත් සමාගමකි.  ස්වදේශී කර්මාන්තායතනය මඟින් වෙළෙඳපොළට නිකුත් කරන  ජනප්‍රිය වෙළඳනාම අතර ස්වදේශී  කොහොඹ, රාණි සඳුන්, ස්වදේශී කොහොඹ බේබි, පර්ල්වයිට්, සේෆ්ප්ලස්, ලක් බා(ර්), බ්ලැක් ඊගල් ප(ර්)ෆියුම්, කොහොඹ සහ  රාණි ෂවර් ක්‍රීම් නිෂ්පාදන පෙළ ඇතුළත් වේ. එසේම ස්වදේශී විසින් ශ්‍රී ලංකාවේ අංක 01 ශාකසාර සන්නාම වන, ස්වදේශී කොහොඹ ශාකසාර සන්නාමය හා රුව වඩන සදුන්  වන රාණි සදුන්, නිෂ්පාදනය හා අලෙවිය සිදු කරයි.

ස්වදේශී සමාගමේ සියලුම නිෂ්පාදන ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික  ඖෂධ නියාමන අධිකාරිය (NMRA) යටතේ ලියාපදිංචි කර ඇති අතර, ස්වදේශී  නිෂ්පාදන සඳහා භාවිතා කරන සියලුම සුවඳ විලවුන් වර්ග ජාත්‍යන්තර සුවඳ විලවුන් සංගමය (IFRA) මගින් සහතික කර ඇත.

පසුගිය වසර 85 තුළ ශ්‍රී ලංකාවේ පෞද්ගලික ශාකසාර සනීපාරක්ෂක නිෂ්පාදනයේ පුරෝගාමී ආයතනය ලෙස අපගේ ස්වදේශී කර්මාන්තායතනය සියලුම නිෂ්පාදන සඳහා භාවිතා කරන ශාකසාර අමුද්‍රව්‍යවල ක්‍රියාකාරී ප්‍රතිලාභ පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කිරීමට කැමැත්තෙන් සිටිමු. අප හොඳම ශ්‍රී ලාංකේය ශාකසාර පමණක් භාවිතා කරන අතර, සෑම අමු ද්‍රව්‍යයක්ම පුළුල්ව පර්යේෂණයන්ට ලක් කිරීමෙන් අනතුරුව නිෂ්පාදන සඳහා භාවිත කරයි. ස්වදේශී සියලු නිෂ්පාදන 100%ක් ශාකසාර අමු ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන වන අතර, සතුන් ආශ්‍රිත පර්යේෂණ සිදු නොකරයි. ස්වදේශී කොහොඹ, රාණි සඳුන්, ස්වදේශී කොහොඹ බේබි ඇතුළු ස්වදේශී නිෂ්පාදන බ්‍රිතාන්‍ය නිර්මාංශ සංගමයේ පිළිගැනීම ලත් එකම ශ්‍රී ලාංකේය නිෂ්පාදන පෙළයි. මෙය සමාගමේ ඉදිරි චින්තන භාවිතාවන් මෙන්ම පාරිභෝගික‍යා සදාචාරාත්මක හා පරිසර හිතකාමී තෝරා ගැනීම් වෙත යොමු කිරීමට සමාගමේ ඇති කැමැත්ත පෙන්වන මිනුමකි. ස්වදේශී කර්මාන්තායතනය සෑම විටම සිය නිෂ්පාදනවල සෞඛ්‍ය හා පාරිසරික බලපෑම සලකා බලා ඇති අතර, එයට ප්‍රමුඛත්වය දෙමින් අඛණ්ඩව නිෂ්පාදන සිදු කරයි.

ස්වදේශී කර්මාන්තායතනයේ සියලුම නිෂ්පාදන ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) යටතේ ලියාපදිංචි කර ඇති අතර, ස්වදේශී නිෂ්පාදන සඳහා භාවිතා කරන සියලුම සුවඳ විලවුන් ජාත්‍යන්තර සුවඳ විලවුන් සංගමය (IFRA) මගින් සහතික කර ඇත.

Photo Caption

මෙම අවස්ථාව සඳහා ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි අමරි විජයවර්ධන මැතිණිය, නියෝජ්‍ය සභාපතිනි/කළමනාකාර අධ්‍යක්ෂිකා චූලෝධරා සමරසිංහ මැතිණිය, කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්, රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ තිලින මධුශංක මහතා, ස්වදේශී  කර්මාන්තායතනයේ ප්‍රාදේශීය බෙදාහැරීමේ නියෝජිත වන තුෂාර මහතා, ස්වදේශී කර්මාන්තායතනයේ සාමන්‍යාධිකාරී – ආයතනික කටයුතු සහ අලෙවි, චමින්ද ජයසිංහ මහතා ඇතුළු ස්වදේශී සමාගමේ නිලධාරීන් රැසක් සහභාගී වූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top