Fabindia Sri Lanka තිරසාර විලාසිතා, අත්කම් උරුමය සහ ජීවන රටාවෙහි පළමු සංවත්සරය සමරයි

ඉන්දියාවේ තිරසාර විලාසිතා, අත්කම් උරුමය සහ ජීවන රටා අත්දැකීම ශ්‍රී ලාංකික පාරිහෝගිකයින් වෙත තිළිණ කළ සාර්ථක වසරක ගමන්මග සනිටුහන් කරමින්, Fabindia Sri Lanka සිය පළමු සංවත්සරය සමරයි.

ස්වදේශී කර්මාන්තායතනයේ (The Swadeshi Industrial Works PLC) සහායකත්වයෙන් Havelock City Mall හි දී විවෘත වූ Fabindia Sri Lanka හි සංකල්පීය ප්‍රදර්ශනාගාරය විවෘත කළ දින සිට සංස්කෘතිය, උසස් ප්‍රමිතිය සහ යහපත් ජීවන රටාව අගය කරමින්  අත්කම් නිෂ්පාදන අගයන පාරිභෝගිකයින්ගේ  ඉහළම ආකර්ෂණය දිනාගැනීමට සමත් වී ඇත.

මෙම ආරම්භයත් සමඟ ඉන්දියාවේ කීර්තිමත් සහ ජනප්‍රිය සන්නාමයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් අතර, සියවස් ගණනාවක පාරම්පරික අත්කම් ශිල්පයෙන් ආභාෂය ලැබූ අලංකාර ඇඳුම් පැළඳුම්, ගෘහ අලංකරණ භාණ්ඩ, අතිරේක උපාංග රැසක් ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට අත්විඳීමට අවස්ථාව හිමි විය.

පසුගිය වසර තුළ Fabindia Sri Lanka පාරම්පරික උරුමය සහ නූතන ජීවන රටාව සංකලනය වූ සුවිශේෂී ස්ථානයක් බවට පත් විය. ඒ හේතුවෙන් ස්වාභාවික රෙදිපිළි, තිරසාර නිෂ්පාදන ක්‍රමවේද සහ අර්ථවත් පසුබිම් කතාවක් සහිත නිෂ්පාදන අගය කරන පාරිහෝගිකයින්ගේ ප්‍රධානම තේරීමක් බවට පත්ව ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ස්වදේශී කර්මාන්තායතනයේ නියෝජ්‍ය සභාපතිනිය සහ කළමනාකාර අධ්‍යක්ෂිකා චුලෝධරා සමරසිංහ මැතිනිය මෙසේ ප්‍රකාශ කළාය. ”අපගේ පළමු වාර්ෂික  සංවත්සරය අත්කම් නිර්මාණ, සංස්කෘතිය සහ තිරසාර ජීවන රටාව ඔස්සේ පාරිහෝගිකයින් සමඟ සමීප සබඳතාවක් ගොඩනගා ගැනීමට ලැබුණු විශිෂ්ට අවස්ථාවක් තහවුරු කරනවා. Fabindia Sri Lanka සංකල්පය  වැළඳගත් අපගේ පාරිහෝගිකයින්ට, පාර්ශ්වකරුවන්ට සහ කැපවීමෙන් කටයුතු කළ කණ්ඩායමට අපගේ ස්තූතිය හිමි වෙනවා. උසස් තත්ත්වයේ, වගකීම්  සහගත මෙන්ම අගනා නිෂ්පාදන අපගේ පාරිහෝගිකයින් වෙත ලබා දීමට අප කැපවී සිටිනවා.”

අත්කම් ශිල්පීන් බලගැන්වීම, පාරම්පරික හැකියාවන් සුරැකීම සහ තිරසාර ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ Fabindia හි දැක්ම, අර්ථවත් නිෂ්පාදන අගය කරන පාරිහෝගිකයින් අතර ප්‍රසාදයට ලක්ව ඇත. සියලුම අත්කම් නිර්මාණ, ගෘහ අලංකරණ භාණ්ඩ සහ ජීවන රටාවන් සමඟ අතීත උරුමය මනා ලෙස මුසු කිරීම මගින් අතීත උරුමය සුරැකීමට ඇති කැපවීම තහවුරු කරයි.

මෙම පළමු සංවත්සරය යනු, පාරම්පරික උරුමය නූතන විලාසිතා ශෛලීන් සමඟ සංකලනය කරමින් උසස්ම තත්ත්වයේ නිෂ්පාදන තිළිණ කිරීමේ Fabindia Sri Lanka ගමනටත්, එහි සාර්ථකත්වයටත් නිරන්තරයෙන් ශක්තියක් වූ සියලුම විශ්වාසවන්ත පාරිභෝගිකයින් වෙත ස්තූතිය පුදකිරීමට ලැබුණු වටිනා අවස්ථාවක් ද වේ.

1960 දී ආරම්භ කරන ලද Fabindia තිරසාර විලාසිතා සඳහා ඉන්දියාවේ තිබෙන විශාලතම පෞද්ගලික ජාලය වේ. මේ ඔස්සේ ග්‍රාමීය ශිල්පීන් 55,000කට අධික සංඛ්‍යාවක් ජාත්‍යන්තර වෙළඳපොළ සමඟ සම්බන්ධ කරයි.  ස්වභාවික කපු සහ සේදවලින් නිම වූ ඇගලුම් නිෂ්පාදනවල සිට ගෘහ අලංකරණය සහ ජීවන රටාවට අදාළ භාණ්ඩ දක්වා වූ විවිධ නිෂ්පාදන පෙළක් Fabindia සන්නාමය මගින් පිරිනමනු ලබයි. පාරම්පරික අත්කම් ශිල්පය, තිරසාර අමුද්‍රව්‍ය භාවිතය, ස්වාභාවික නිපැයුම් සහ ඉන්දීය පාරම්පරික උරුමයේ අභිමානය පිළිබඳ Fabindia ජාත්‍යන්තර වශයෙන් වඩාත් ප්‍රචලිත වී තිබේ. 

මෙම විශේෂ සංවත්සරය වෙනුවෙන් පාරිභෝගිකයින් වෙත විශේෂ වට්ටම් සහ පිරිනැමීම්,  සුවිශේෂී නිෂ්පාදන එකතු සහ ප්‍රදර්ශනාගාර පරිශ්‍රය තුළ විශේෂිත පාරිභෝගික අත්දැකීම් රාශියක් පිරිනැමීමට Fabindia Sri Lanka පියවර ගෙන ඇත.

සිය දෙවන වසර ආරම්භ කරන Fabindia Sri Lanka තිරසාර ජීවන රටාවන් ප්‍රවර්ධනය කරමින්, පාරම්පරික අත්කම් ශිල්පයේ වටිනාකම අගය කරමින් සහ අතීත උරුමය හා නූතන විලාසිතා මුසු වූ අද්විතීය නිෂ්පාදන තිළිණ කරමින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් සමඟ පවතින සබඳතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරයි.

Photo caption:

මෙම අවස්ථාව සඳහා ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි අමරි විජයවර්ධන මැතිණිය, නියෝජ්‍ය සභාපතිනි/කළමනාකාර අධ්‍යක්ෂිකා චූලෝරා සමරසිංහ මැතිණිය, ප්‍රධාන විධායක නිලධාරී අමිල උඩවත්ත මහතා, ආරාධිත අමුත්තන් වන ධනු ඉන්නාසිතම්බි සහ අනුදි ගුණසේකර මහත්ම මහත්මීන් ඇතුළු Fabindia Sri Lanka සහ ස්වදේශී කර්මාන්තායතනයේ නිලධාරීන්  සහභාගී වූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top