මාස 02කට පසු ඩොලරයේ අඩුම අගය අද

එක්සත් ජනපද ඩොලරය ගැනුම් සහ විකුණුම් මිල ගණන් අද (17) දිනයේ දී තවදුරටත් පහළ බැස තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 328.27ක් ලෙසත් විකුණුම් මිල රු. 337.34ක් ලෙසත් අද දින වාර්තා වී ඇත.

2026 ජූනි 19 දිනෙන් පසු ඩොලරයේ ගැනුම් මිල රු. 328 මට්ටමට පැමිණි පළමු දිනය අද වන අතර 2026 ජූනි 11 දිනෙන් පසු ඩොලරයේ අඩුම විකුණුම් මිල ද අද දින වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තා පෙන්වා දේ.

මේ අතර ඩොලරයේ මධ්‍ය අගය අද දිනයේ දී රු. 333.08ක් ලෙසින් වාර්තා වී ඇත. එය පසුගිය මාස 02ක කාලපරිච්ඡේදය තුළ ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති අවම රුපියල් අගය වේ.

උපුටා ගැනීම : අද දෙරණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top