Hayleys Fentons වෙතින් ජාත්‍යන්තර ප්‍රමිතියේ නව කර්මාන්තශාලාවක්

Shield Restraint Systems (Pvt) Ltd සමාගම වෙනුවෙන් වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේ ඉදි කරන ලද අතිනවීන කර්මාන්තශාලාවේ ඉදිකිරීම් කටයුතු සාර්ථකව නිම කිරීමට Hayleys Fentons Limited හි ව්‍යාපෘති අංශය සමත් වී තිබේ. 2025 ජනවාරි 07 වන දින මුල්ගල තැබීමේ සිට මාස 14 ක් වැනි කෙටි කාලයක් ඇතුළත මෙහි ඉදිකිරීම් නිම කර පවරා දීම විශේෂත්වයකි.

රුපියල් බිලියනයකට අධික වටිනාකමකින් යුතු මෙම ව්‍යාපෘතිය, විශේෂිත නිෂ්පාදන පරිසරයක් සඳහා අවශ්‍ය වන ඉහළ තාක්ෂණික නිරවද්‍යතාවය සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිම කරන ලද සංකීර්ණ කාර්මික ඉදිකිරීමකි. ජාත්‍යන්තර වාහන නිෂ්පාදන ක්ෂේත්‍රය (Global Automotive Industry) වෙත සපයනු ලබන උසස් තත්ත්වයේ ආරක්ෂිත පටි සහ පද්ධති (Premium Safety Restraint Systems) මෙම පරිශ්‍රයේදී නිෂ්පාදනය කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘති නිමාව පිළිබඳව අදහස් දක්වමින් Hayleys Fentons Limited හි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂක – ව්‍යාපෘති, සුජිත් ද අල්විස් මහතා මෙසේ පැවසීය:

“මෙම ව්‍යාපෘතිය Hayleys Fentons Limited හි වසර ගණනාවක් පුරා ගොඩනඟා ගත් ඉංජිනේරු සහ ව්‍යාපෘති කළමනාකරණ හැකියාවන් මනාව පිළිඹිබු කරන්නක්. දැඩි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව, එකඟ වූ කාලසීමාව තුළ මෙවැනි සංකීර්ණ පහසුකමක් සහිත කර්මාන්තශාලාවක් ඉදිකර දීම මඟින් ශ්‍රී ලාංකීය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ හැකියාවන්ට ජාත්‍යන්තරයේ පවතින ඉහළම මට්ටම සමඟ තරඟ කළ හැකි බව තහවුරු වෙනවා. ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන මෙවැනි ආයෝජනයකට දායක වීමටත්, ගෝලීය වාහන සැපයුම් ජාලය තුළ ශ්‍රී ලංකාවේ ස්ථානය ශක්තිමත් කිරීමටත් ලැබීම පිළිබඳව අපි ආඩම්බර වෙනවා.”

මේ පිළිබඳ Hayleys Mobility Limited හි විධායක අධ්‍යක්ෂිකා රොෂානි ධර්මරත්න මහත්මිය වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ සඳහන් කළාය:

“මෙවැනි ව්‍යාපෘති සාර්ථක කර ගැනීමට ඉදිකිරීම් විශිෂ්ටත්වයට එහා ගිය විධිමත් සැලසුම්කරණයක්, දැඩි ගුණාත්මක කළමනාකරණයක්, ක්ෂේත්‍ර ගණනාවක ඒකාබද්ධ සම්බන්ධීකරණයක් සහ ජාත්‍යන්තර ප්‍රමිතීන් කෙරෙහි ඇති කැපවීමත් අත්‍යවශ්‍යයි. මෙම පරිශ්‍රය නියමිත වේලාවට භාර දීමට හැකිවීමෙන් අපගේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ශක්තිය පෙන්නුම් කරන අතරම, මෙරටට පැමිණෙන විදේශීය ආයෝජන (FDI) සහ මහා පරිමාණ කාර්මික ව්‍යාපෘති සඳහා විශ්වාසනීය සහකරුවෙකු ලෙස Hayleys Fentons හි ස්ථානය තවදුරටත් තහවුරු වෙනවා.”

ගෝලීය නිෂ්පාදන ක්ෂේත්‍රයට සේවය කිරීම සඳහා ඉදිකරන ලද මෙම පහසුකම 2025 ජනවාරි 07 වන දින සිට නියමිත කාලයට භාරදීම මඟින් සමාගමේ පවතින විනයගරුක සැලසුම්කරණය සහ තාක්ෂණික හා නියාමන අවශ්‍යතා නිසි ලෙස කළමනාකරණය කිරීමේ හැකියාව පැහැදිලි වේ. එමෙන්ම, ඉහළ තාක්ෂණික නිරවද්‍යතාවයක් අවශ්‍ය කෙරෙන විදේශීය ආයෝජන ව්‍යාපෘති සඳහා විශ්වාසනීයම ඉදිකිරීම් සහකරු ලෙස පෙනී සිටීමේ Hayleys Fentons සතු උපායමාර්ගික දැක්මද මෙයින් තහවුරු වේ.

මෙම ව්‍යාපෘතියත් සමඟ, ශ්‍රී ලංකාවේ කාර්මික පදනම ශක්තිමත් කරන ජාත්‍යන්තර මට්ටමේ උසස් තාක්ෂණික ඉදිකිරීම් සාර්ථකව නිම කළ හැකි විශ්වාසනීය සහකරුවෙකු ලෙස Hayleys Fentons සතු කීර්තිනාමය තවදුරටත් තවදුරටත් ඉහළ යයි.

Hayleys Fentons ඉදිරි ව්‍යාපෘති පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා www.hayleysfentons.com වෙත පිවිසෙන්න, නැතහොත් 0112 102 102 අංකය ඔස්සේ අප හා සම්බන්ධ වන්න.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top