2026 මාස 07ක් තුළ ඩොලර් බිලියන 1 1/2ක වාහන ආනයනය කරලා

2026 ජූලි මාසයේ දී පුද්ගලික සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළුව වාහන ආනයනය සඳහා වූ වියදම එ.ජ. ඩොලර් මිලියන 241ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එය 2026 ජූනි මාසයේ දී වාහන ආනයන වියදම වූ ඩොලර් මිලියන 182 හා සැසඳීමේ දී මාසික පදනම මත 32%ක ඉහළ යාමක් වේ.

ඒ අනුව, 2026 වසරේ ජනවාරි-ජූලි කාලපරිච්ඡේදය තුළ දී වාහන ආනයනය සඳහා වූ සමුච්චිත වියදම එ.ජ.ඩොලර් මිලියන 1,495ක් ලෙසින් වාර්තා වේ.

පසුගිය 2025 වසරේ දී වාහන ආනයනය වෙනුවෙන් දරනු ලැබ ඇති සම්පූර්ණ වියදම ඩොලර් බිලියන 2.04කි. 

උපුටා ගැනීම : අද දෙරණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top