යළි තීව්‍ර වෙමින් පවතින මැදපෙරදිග අර්බුදයත් සමඟ පැන නැඟී ඇති ගෝලීය අවිනිශ්චිතතාවන් හමුවේ කොළඹ කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වයේ ද මන්දගාමී වීමක් අද (09) දින නිරීක්ෂණය විය.
ඒ අනුව දෛනික පිරිවැටුම රු. බිලියනය මට්ටම සාක්ෂාත් කර ගැනීමට කොළඹ කොටස් වෙළෙඳපොළට අද දින නොහැකි වූ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එම අගය රු. මිලියන 972ක් ලෙසින් වාර්තා වී තිබුණි.
මේ අතර මිල දර්ශකවල ද පහළ යාමක් වාර්තා කරමින් සියලු කොටස් මිල දර්ශකය ඒකක 76.23කින් සහ S&P SL20 දර්ශකය ඒකක 20.65කින් පහළ ගොස් පිළිවෙලින් ඒකක 21,466.00 ක් සහ ඒකක 6,033.87ක් ලෙසින් දිනය අවසානයේ දී වාර්තා විය.
උපුටාගැනීම : අද දෙරණ
