දකුණු ආසියාව සහ ආසියාන් (ASEAN) කලාපය පුරා ආර්ථික අපරාධ (economic crime) මැඩලීමේ උපායමාර්ග පිළිබඳව අවධානය යොමු කළ 5 වන වැඩමුළුව අතරතුරදී, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ජීසස් විද්‍යාලයේ (Jesus College, University of Cambridge) පැවති 43 වන කේම්බ්‍රිජ් ජාත්‍යන්තර ආර්ථික අපරාධ පිළිබඳ විද්වත් මණ්ඩපයේදී (Cambridge International Symposium on Economic Crime) ආර්ථික අපරාධ සහ භූ දේශපාලන දර්ශකය (Economic Crime & Geopolitics Index – ECGI) හඳුන්වා දෙන ලදී.
මෙම කලාපය සඳහා ECGI දර්ශකය හඳුන්වා දෙනු ලබන්නේ ඉතා තීරණාත්මක මොහොතකය. ශ්‍රී ලංකාවෙන් සිදුවී ඇතැයි කියනු ලබන ඇමරිකානු ඩොලර් බිලියන 1 ක (US$1 billion) නීතිවිරෝධී ලෙස මුදල් පිටරට යැවීමේ ක්‍රියාවලිය, ශ්‍රීලංකන් ගුවන් සේවයට (SriLankan Airlines) සම්බන්ධව දැනට ක්‍රියාත්මක වන දූෂණ විමර්ශන සහ පිලිපීනයේ ගංවතුර පාලන ව්‍යාපෘති සම්බන්ධ මහා පරිමාණ චෝදනා ඇතුළුව, සැලකිය යුතු ආර්ථික අපරාධ ගැටලු පිළිබඳව මහජන වාර්තාකරණයන් (public reporting) මගින් පෙන්වා දී ඇත.
මෙම සිදුවීම් හරහා වඩාත් පුළුල් කරුණක් අවධාරණය කෙරේ: එනම්, ආර්ථික අපරාධ තවදුරටත් හුදෙක් දූෂණය, වංචාව හෝ මූල්‍ය අක්‍රමිකතා ලෙස පමණක් වටහා ගත නොහැකි බවයි. එය ක්‍රමයෙන් යහපාලනයට, ආයතනික ඔරොත්තු දීමේ හැකියාවට (institutional resilience), මහජන විශ්වාසයට සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස වර්ධනය වෙමින් පවතී.
ආර්ථික අපරාධ සජීවී පද්ධතියක් ලෙස කියවීම හරහා, කාලානුරූපී සහ හුදු සංජානනය මත පදනම් වූ දර්ශකයන්ගෙන් (perception-heavy indexes) ඔබ්බට යෑම සඳහා ECGI සැලසුම් කර ඇත. දූෂණයේ ගැඹුර, මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමේ අවදානම් (AML/CFT), ආර්ථික අපරාධවල බරපතළකම, මහජන ප්‍රතිචාරය, පුරවැසි විශ්වාසය (civic trust), ආයතනික විශ්වාසය, වාර්තා කිරීමේ හැසිරීම සහ විදේශීය බලපෑම් ඇතිකරන භූ දේශපාලනික (geopolitics) සාධක මේ සඳහා ඒකාබද්ධ කර ඇත.
Conscience IQ සහ Mithra තාක්ෂණය සවිබල ගැන්වීමේ ස්ථර ලෙස අන්තර්ගත කිරීමත් සමඟ, ECGI හට හුදු සංසන්දනාත්මක දර්ශකයකින් ඔබ්බට ගොස් ගතික දර්ශක යන්ත්‍රයක් (dynamic index engine) දක්වා පරිවර්තනය වීමේ හැකියාව ලැබේ.
දූෂණය ඉවසා සිටීම, පුරවැසි විශ්වාසය, වාර්තා කිරීමට ඇති බිය, ආයතනික පසුබෑම (institutional fatigue), සදාචාරාත්මක සාධාරණීකරණය (moral rationalisation) සහ මහජන ප්‍රතිචාරයේ ගතිකත්වයන් වැනි මානව-සාධක සංඥා මැනීම සඳහා Conscience IQ දායක වේ.
Mimami based shelter zoom වෙතින් ලබාගත් Mithra තාක්ෂණය මගින් ටෝකනයිස් කරන ලද (tokenized) ලේඛන, සත්‍යාපනය කළ හැකි දත්ත පෙළපත (data lineage), භාරකාරත්ව දාමය (chain of custody), විගණනයට සූදානම් උපුටා දැක්වීම් (audit-ready citations) සහ සාක්ෂි-සම්බන්ධිත කෘත්‍රිම බුද්ධියේ සහාය ලබන ප්‍රතිදානයන් හරහා සාක්ෂි ස්ථරය (evidence layer) ශක්තිමත් කරයි.
මෙම හැකියාවන් එක්වීම හරහා, කාලානුරූපී මිනුම්වල සිට ගතික පෙරදැක්මක් (dynamic foresight) දක්වා ගමන් කිරීමට ECGI දර්ශකයට අවස්ථාව සැලසේ: ආයතනික, මූල්‍ය හෝ පුරවැසි හානිය උත්සන්න වීමට පෙර, අවදානම් විස්තර කිරීම, අවස්ථා පෙරහුරු කිරීම සහ ආර්ථික අපරාධ පද්ධතීන් ඊට ප්‍රතිචාර දක්වන්නේ කෙසේදැයි හඳුනාගැනීම මෙයට ඇතුළත් වේ.
ආරම්භයේදී දකුණු ආසියාව සහ ආසියාන් කලාපය කෙරෙහි අවධානය යොමු කරමින්, ECGI ලොව පුරා ප්‍රමුඛ පෙළේ ආර්ථික අපරාධ පර්යේෂකයන්, විමර්ශකයන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ වෘත්තිකයින් සමඟ සහයෝගීතාව වර්ධනය කරමින් අනෙකුත් කලාප දක්වාද ව්‍යාප්ත වනු ඇත.
කේම්බ්‍රිජ් හි පැවති මෙම උත්සවයේදී ECGI හඳුන්වාදීමේ වීඩියෝව ද එළිදැක්වුණු අතර, අනතුරුව ‘The Millennium Project’ හි ජ්‍යෙෂ්ඨ සාමාජික අසංග අබේගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් විද්වත් මණ්ඩල සාකච්ඡාවක් පැවැත්විණි. ඒ සඳහා GlobePay Ltd. හි ඩසුන්ග් ලී (Dzung Le) මෙනවිය, Conscience IQ හි ගරු ආචාර්ය කර්බි ද ලැනරෝල් පූජකතුමා (Rt. Reverend Dr. Kirby de Lanerolle) සහ Volkswagen Financial Services (UK) Ltd. හි ආර්චිබෝල්ඩ් ප්‍රෙම්පේ (Archibald Prempeh) මහතා සහභාගී වූහ.
මෙහි අරමුණ වන්නේ තවත් එක් ශ්‍රේණිගත කිරීමේ වගුවක් (league table) නිර්මාණය කිරීම නොවේ. එහි නියම අරමුණ වන්නේ ආර්ථික අපරාධ පෙරදැක්ම, සාක්ෂි අඛණ්ඩතාව (evidence integrity), පුරවැසි ඔරොත්තු දීමේ හැකියාව සහ ප්‍රතිසංස්කරණ පෙරහුරුව (reform rehearsal) සඳහා වන ගතික දර්ශක යන්ත්‍රයක් නිර්මාණය කිරීමයි.


උපුටා ගැනීම : අද දෙරණ
