වෛද්‍ය අධීක්ෂණය යටතේ රූපලාවන්‍ය සහ සෞන්දර්යාත්මක සත්කාරයන් සිදුකරන 360 Skin Clinic හි නවතම ශාඛාව මීගමුවේ දී විවෘත වේ.

සම, කොණ්ඩය සහ ශරීරය වෙනුවෙන් වෛද්‍ය අධීක්ෂණය යටතේ රූපලාවන්‍ය සත්කාර සිදුකරන මෙරට ප්‍රමුඛතම සන්නාමයක් වන 360 Skin Clinic හි නවතම ශාඛාව මීගමුව නගරයේ දී පසුගිය දා විවෘත කරන ලදී. මේ ඔස්සේ මීගමුව ප්‍රදේශය තුළ රූපලාවන්‍ය සහ සෞන්දර්යාත්මක සත්කාර ක්ෂේත්‍රය පිළිබඳ නව පරිච්ඡේදයක් ආරම්භ වී ඇති අතර ජනතාව වෙත උස්සම මට්ටමේ ගුණාත්මක රූපලාවන්‍ය අත්දැකීමක් පිරිනමයි.

Dr. Cherry ලෙස ජනාදරයට පත් 360 Skin Clinic සහ 360 Aesthetic හි නිර්මාතෘවරිය වන වෛද්‍ය සාරා ෆාසි මහත්මිය විසින් ආරම්භ කර මෙහෙයවනු ලබන 360 Skin clinic, සියලුම සමේ සත්කාර සඳහා විශේෂඥතාවක් සහිත ISO 9001:2015 සහතියෙන් පිදුම් ලැබූ වෛද්‍ය සහ සෞන්දර්යාත්මක මධ්‍යස්ථානයක් වේ.රූපලාවන්‍ය වෛද්‍ය  ක්ෂේත්‍රයේ  වසර පහක් සපිරීම සනිටුහන් කරමින් ආරම්භ කරන ලද මෙම  මීගමුවේ  නව ශාඛාව, දිවයින පුරා  සෞන්දර්යාත්මක සත්කාර සේවා  ව්‍යාප්ත කිරීම පිළිබඳ වන සැලසුමේ දෙවන පියවරයි.

මීගමුව, හලාවත පාරේ අංක 42 දරන ස්ථානයේ පිහිටා ඇති මෙම නව ශාඛාව වර්ග අඩි 4,000කට වඩා වැඩි භූමි ප්‍රමාණයකින් යුක්ත වේ. වෛද්‍ය විද්‍යාත්මක සත්කාර, රූපලාවන්‍ය සහ සෞන්දර්යාත්මක මෙන්ම ශාරීරික සුවතාව එකට මුසු කර නිමවූ නවීන මෙන්ම විශාල පරිශ්‍රයක් ලෙස මෙම ශාඛාව නිර්මාණය කර ඇත. ප්‍රතිකාර සිදු කිරීම සදහා නවීන පන්නයේ කාමර 10කට අධික ප්‍රමාණයක් මෙන්ම විශේෂිත ප්‍රතිකාර කාමරවලින් සහ Moroccan steam කාමරයකින් මෙම මධ්‍යස්ථානය සමන්විත වේ. 

වෛද්‍ය සාරා මහත්මියට අනුව මෙය  තවත් එක් නව මධ්‍යස්ථානයක ඇරඹුමක් පමණක්ම නොවේ.එය කොළඹින්  බැහැර ප්‍රදේශවල සිටින පාරිභෝගිකයන්  වෙත වෘත්තීය මට්ටමේ වෛද්‍ය අධීක්ෂණය සහිත සෞන්දර්යාත්මක සත්කාර සමීප කරවීමකි. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය මෙසේ සඳහන් කළාය. “අපගේ දෙවන 360 Skin Clinic  ශාඛාව නිල වශයෙන් විවෘත කිරීම මට බොහෝ ආඩම්බර මෙන්ම සුවිශේෂී මොහොතක්. මීගමුව නගරයේ ශාඛාවක් විවෘත කිරීම පිළිබඳ මා අපේක්ෂාවෙන් සිටි අතර, එය සැබෑ කර ගැනීමට අවස්ථාව ලැබීම  පිළිබඳව මම බෙහෙවින් සතුටු වෙනවා. මෙහි වඩාත්ම වැදගත් කරුණ වන්නේ, මෙමඟින් කොළඹ දී අප ලබාදෙන උසස් සත්කාර එලෙසින්ම මීගමුව සහ ඊට ආසන්න ප්‍රදේශවල සිටින පාරිභෝගිකයන් වෙත සමීප කිරීමට  හැකියාව ලැබීමයි.” 

කොළඹින් බැහැර ප්‍රදේශවල සිට පාරිභෝගිකයන් විශාල සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණීම ද මෙම මධ්‍යස්ථාන ජාලය  මීගමුව දක්වා  ව්‍යාප්ත කිරීමට හේතු වූ  තවත් එක් සාධකයක් විය. තවද, සෞන්දර්යාත්මක ප්‍රතිකාර ලබා ගැනීමේ දී සුදුසුකම් ලත් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන් ද මෙහි දී වෛද්‍ය සාරා මහත්මිය අවධාරණය කළාය. “සෞන්දර්යාත්මක ප්‍රතිකාර යනු හුදෙක් බාහිර ලස්සන සහ පෙනුම පමණක්ම නොවේ.  සම, ශරීර අභ්‍යන්තර ව්‍යුහය සහ රෝගියාගේ සමස්ත ආරක්ෂාව යන සාධකයන් සියල්ලම මෙයට ඇතුළත් වෙනවා. සුදුසුකම් ලත් වෛද්‍ය වෘත්තිකයින් සම්බන්ධ වීමෙන් අදාළ ප්‍රතිකාර නිසි ලෙස තෝරා ගෙන මනා වගකීමකින් යුතුව එම සත්කාරයන් සිදු කරනවා. 360 ආයතනයේ සෑම කටයුත්තකදීම අපි රෝගියාගේ ආරක්ෂාව සහ සත්කාරවල ගුණාත්මකභාවය පිළිබඳ ප්‍රමුඛත්වය ලබාදෙනවා.” 

මීගමුව ශාඛාව මඟින් චර්ම රෝග සඳහා වෛද්‍ය සත්කාර, උසස් සෞන්දර්යාත්මක සත්කාර සහ නවීන තාක්ෂණය ද එකට එක් කරමින් කුරුලෑ, සමේ පැහැය වෙනස් වීම සහ වියපත් වීමේ  ලක්ෂණ ඇතුළු ගැටලු රැසක් සඳහා ඒ ඒ පාරිභෝගියාට ගැළපෙන පරිදි සත්කාරයන් පිරිනමයි. උසස් ෆේෂල් සහ සමේ සත්කාර, කේශ සත්කාර, මයික්‍රොනීඩ්ලින් (microneedling), ලේසර් ප්‍රතිකාර මෙන්ම minimally invasive සහ non-invasive සෞන්දර්යාත්මක සත්කාර රැසක් මෙහි දී ලබාගත හැකිය.

මීට අමතරව Manicure, Pedicure , නිය අලංකරණය (nail art) සහ lip blush ඇතුළු රූපලාවන්‍ය සහ පුද්ගලික සත්කාර සේවාවන් රැසක් සමඟ සමේ සෞඛ්‍යය, සෞන්දර්ය සහ පුද්ගලික සත්කාර සඳහා පරිපූර්ණ මධ්‍යස්ථානයක අත්දැකීම මෙහිදී පිරිනමයි.

වෛද්‍ය සාරා ෆාසි මහත්මියගේ මගපෙන්වීම යටතේ මීගමුව ශාඛාවේ මෙහෙයුම් කටයුතු 360 Skin Clinic – මීගමුව හි වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය එවන්ජනා සිල්වා මහත්මිය සහ පුහුණු වෘත්තීය කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලබයි. ආයතනයේ ගුණාත්මකභාවය සහ රෝගී ආරක්ෂාව පිළිබඳ අවධානයට සහාය දක්වමින්, නවීන උපකරණ සහ තාක්ෂණය භාවිතයෙන් නියමිත සම්මතයන්ට අනුකූලව මෙහිදී ප්‍රතිකාර සිදු කරනු ලැබේ.

හලාවත පාරේ පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක පිහිටා ඇති මෙම නව ශාඛාව මීගමුව සහ ඊට ආසන්න ප්‍රදේශවල පාරිභෝගිකයින්ට සුවපහසු ප්‍රවේශ හැකියාවක් ලබා දෙන අතර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ආසන්නව පිහිටීම ද මෙහි ප්‍රවේශය තවදුරටත් පහසු කරයි.

360 Skin Clinic – මීගමුව ශාඛාව විවෘත කිරීම, ආයතනයේ පස් වසරක ගමන් මගේ තවත් එක් වැදගත් සන්ධිස්ථානයක් සලකුණු කරන අතර, වෘත්තීය මට්ටමේ, සුරක්ෂිත සහ වෛද්‍ය අධීක්ෂණය සහිත සෞන්දර්යාත්මක සත්කාර ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත කිරීමේ අරමුණ තවදුරටත් තහවුරු කරයි.  0112599599 දුරකථන අංකය ඇමතීමෙන් හෝ https://www.360bydrcherry.com/වෙත පිවිසීම ඔස්සේ ඔබගේ සත්කාර සඳහා වේලාවක් වෙන්කරවා ගැනීමට මෙන්ම වැඩිදුර තොරතුරු විමසීමට හැකිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top