
ලොව ශීඝ්රයෙන් ජනප්රිය වන SUV රථ සන්නාමයක් වන JETOUR, Colombo City Centre හිදී සිය දෙවන ප්රදර්ශනාගාරය විවෘත කරමින් ශ්රී ලංකාව තුළ සිය සන්නාමයේ පැවැත්ම තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇත. මේ හරහා සිය නවීනතම SUV රථ මාදිලි පෙළ සහ උසස් පාරිභෝගික අත්දැකීම කොළඹ නගර මධ්යයේ සිටින පාරිභෝගිකයන් වෙත තවත් සමීප කිරීමට JETOUR සමත්ව සිටියි.
කොළඹ නගර මධ්යයේ පිහිටි මෙම නව ප්රදර්ශනාගාරය තරුණ වෘත්තිකයන්, පවුල් සහ මෝටර් රථ ලෝලීන් ඇතුළු පුළුල් පාරිභෝගික පිරිසක් වෙත JETOUR SUV සමීප කරවීමට සැලසුම් කර ඇත. එහි පැමිණෙන පාරිභෝගිකයන්ට JETOUR T2 සහ JETOUR T1 ඇතුළු නවතම SUV රථ මාදිලිවල තාක්ෂණය, විශේෂාංග සහ ක්රියාකාරීත්වය පිළිබඳව මනාව අධ්යයනය කිරීමට සහ අත්විඳීමට අවස්ථාව හිමිවේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් Euro Motors හි ප්රධාන විධායක නිලධාරී රවීන්ද්ර සේනාරත්න මහතා සඳහන් කළේ, “අපගේ දෙවන JETOUR ප්රදර්ශනාගාරය විවෘත කිරීම ශ්රී ලංකාව තුළ JETOUR සන්නාමයේ පැවැත්ම ශක්තිමත් කරන වැදගත් සන්ධිස්ථානයක්. Colombo City Centre හි පිහිටි මෙම නව පරිශ්රය මගින් පාරිභෝගිකයන්ට JETOUR අත්දැකීම තවත් සමීප වන අතර, නවීන හා ප්රවේශ වීමට පහසු වටපිටාවක සිට අපගේ නිෂ්පාදන අත්විඳීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබෙනවා. JETOUR සන්නාමය ඉදිරියටම ගමන් කරන විට, දිවයින පුරා අපගේ පැවැත්ම පුළුල් කිරීමට සහ ශ්රී ලාංකේය වෙළඳපොළට තවත් ආකර්ෂණීය නිෂ්පාදන හඳුන්වා දීමට අපි අවධානය යොමු කර සිටිනවා.”


කොළඹට පමණක් සීමා නොවෙමින්, අනුරාධපුරය, කුරුණෑගල, රත්නපුරය සහ මහනුවර යන නගරවලද ඉදිරියේදී JETOUR ප්රදර්ශනාගාර පිහිටුවීමට Euro Motors සමාගම සැලසුම් කර ඇත. මෙම ව්යාප්තියත් සමග දිවයින පුරා සිටින පාරිභෝගිකයන්ට JETOUR මාදිලි සහ සන්නාම අත්දැකීම පහසුවෙන් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ශ්රී ලංකාව තුළ සිදුකෙරෙන මෙම ව්යාපාරික ව්යාප්තියත් සමග ඉදිරියේදී නවතම රථ මාදිලි රැසක් මෙරටට හඳුන්වා දීමට මගපෑදෙන අතර, එමගින් විවිධ SUV මාදිලි ඔස්සේ පාරිභෝගිකයන්ට තේරීම් ගණනාවක් ලබාදීමටද කටයුතු යොදා ඇත.
Colombo City Centre හි විවෘත වූ දෙවන ප්රදර්ශනාගාරය, දිවයින පුරා සැලසුම් කර ඇති නව පරිශ්රයන් සහ ඉදිරියේදී පැමිණීමට නියමිත නව මෝටර් රථ මාදිලි සමගින්, JETOUR සිය වේගවත් වර්ධනය තවදුරටත් ඉදිරියට ගෙන යමින් නවතම SUV අත්දැකීම ශ්රී ලාංකේය පාරිභෝගිකයන් වෙත සමීප කිරීමට සූදානමින් සිටියි.
