11 වැනි නිල අලෙවි නියෝජිත ලෙස චිත්රසුමන මෝටර්ස් පත් වෙයි!

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) ආයතනයෙහි මොබිලිටි අංශය වන හේලීස් මොබිලිටි ලිමිටඩ් (Hayleys Mobility Limited), මාලඹේ ප්රදේශයේ සිය නිල අලෙවි නියෝජිත ලෙස චිත්රසුමන මෝටර්ස් (Chithrasumana Motors) ආයතනය පත් කරමින් නව හවුල්කාරීත්වයකට එළඹ ඇත.
මාලඹේ, 07 වැනි පටුමඟ, අංක 506 ස්ථානයේ පිහිටා ඇති චිත්රසුමන මෝටර්ස් වෙතින් OMODA සහ JAECOO, KAIYI, SRM ඇතුළු හේලීස් මොබිලිටි ආයතනය සතු රථවාහන මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට පහසුකම් සලසා ඇත. දෛනික ගමනාගමනය, පවුලේ ගමන් බිමන් මෙන්ම ව්යාපාරික අවශ්යතා දක්වා වන සියලුම පුද්ගලික සහ වාණිජ ප්රවාහන අවශ්යතාවලට ගැළපෙන පරිදි විදුලි (Electric), හයිබ්රිඩ් (Hybrid) සහ පෙට්රල් මත ධාවනය වන මෝටර් රථ ද මෙම වාහන එකතුවට ඇතුළත් වේ.
පාරිභෝගික සේවයේ දශකයකට වැඩි අත්දැකීම් ඇති චිත්රසුමන මෝටර්ස් ආයතනය, ශක්තිමත් පාරිභෝගික සබඳතාවලින් සහ වාහන ක්ෂේත්රයේ පුළුල් දැනුමෙන් පරිපූර්ණ ආයතනයකි.
විශ්වාසවන්ත ප්රදේශීය සහකරුවන් සමඟ එකතු වී පාරිභෝගිකයන්ට වඩාත් හොඳ සේවාවක් ලබා දීමට හේලීස් මොබිලිටි ආයතනයෙහි ඇති උනන්දුව මෙම නව හවුල්කාරීත්වය මඟින් පැහැදිලි වේ. හේලීස් මොබිලිටි හි අලෙවි ජාලය මේ වන විට යාපනය, පානදුර, තිස්සමහාරාමය, ගම්පහ, අනුරාධපුරය, නුගේගොඩ, කුරණ, කොහුවල සහ මාලඹේ යන ප්රදේශ පුරා පැතිර පවතින අතර, මාතර නව ශාඛාව ද ළඟදීම විවෘත කිරීමට නියමිතය.
මෙලෙස අලෙවි ජාලය පුළුල් කිරීම හරහා “ඕනෑම ගමනකටම එක් සන්නාමයක්’’ (One Brand for Every Journey) යන සිය පොරොන්දුව ශ්රී ලංකාව පුරා සිටින ජනතාව වෙත තවදුරටත් සමීප කිරීමට හේලීස් මොබිලිටි කටයුතු කරමින් සිටියි.
ශ්රී ලංකාවේ අංක 1 ප්රමුඛතම ලැයිස්තුගත සමාගම වන හේලීස් සමූහයේ (LMD 100, 2024-25) බලශක්ති, මොබිලිටි සහ ව්යාපෘති ක්ෂේත්රය (Energy, Mobility and Projects Sector) නියෝජනය කරන ප්රධාන ආයතනයන් ලෙස හේලීස් මොබිලිටි ලිමිටඩ් සහ හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හැඳින්විය හැක.
වැඩිදුර තොරතුරු 011 2 222 222 අංකයෙන් හේලීස් මොබිලිටි කණ්ඩායම ඇමතීමෙන් හෝ 077 742 0421 අංකයෙන් චිත්රසුමන මෝටර්ස් ආයතනය ඇමතීමෙන් ලබාගත හැක.

