‘Flavours of Türkiye’ මඟින් කොළඹ Shangri-La හිදී අද්විතීය භෝජන අත්දැකීමක්

මෙරට සංචාරක හා ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම හෝටලයක් වන Shangri-La Colombo, ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති කාර්යාලය හා එක්ව සංවිධානය කරනු ලබන ‘Flavours of Türkiye’ සූපවේදී උළෙල 2026 ඔක්තෝබර් 30 වන දින සිට නොවැම්බර් 07 වන දින දක්වා කොළඹ Shangri-La හි ‘Central’ ආපනශාලාවේදී පැවැත්වේ. පසුගිය වසරේ ලද ඉහළ පාරිභෝගික ප්‍රතිචාර සහ සාර්ථකත්වය පදනම් කරගනිමින් මෙවර ද සංවිධානය කරනු ලබන මෙම උළෙල, දෙරට අතර සංස්කෘතික හා ආර්ථික සබඳතා තවදුරටත් තහවුරු කිරීමට ලැබෙන අගනා අවස්ථාවකි.

මෙවර සංස්කෘතික හා ආහාර ප්‍රවර්ධන වැඩසටහන සුවිශේෂී කරමින් තුර්කියේ සිට පැමිණෙන ප්‍රමුඛ පෙළේ සූපවේදීන් හතරදෙනෙකු වන Ali Taşpınar, Caner Dolu, Mehmet Erdoğan සහ Feyzullah Kalkan යන මහත්වරුන් එක්වෙති. කොළඹ Shangri-La හි ප්‍රධාන සූපවේදී කණ්ඩායම සමඟ එකාබද්ධ වන ඔවුන්, තුර්කි ආහාර සංස්කෘතියටම අනන්‍ය වූ පාරම්පරික රසයන් සහ දීර්ඝ කාලීන වෘත්තීය සූපවේදී කුසලතාවයන් හි අත්දැකීම් මෙරට ආයතනික හා උසස් රුචිකත්වයක් සහිත පාරිභෝගිකයන් වෙත තිළිණ කිරීමට සූදානමින් සිටිති.

‘Central’ ආපනශාලාවේ රාත්‍රී බුෆේ භෝජන සංග්‍රහය ලෙස පිරිනැමෙන මෙම තුර්කි භෝජන අත්දැකීමට Creamy hummus ඇතුළු mezze වර්ග රැසක්, හැපෙනසුලු Pastry සමඟ පිරවූ savoury fillings සහිත börek, සුවඳ හමන නැවුම් kebabs මෙන්ම pistachio මුසු කළ පැණි රසැති baklava ඇතුළු අනෙකුත් ප්‍රණීත පාරම්පරික තුර්කි ආහාර වර්ග රැසක් ඇතුළත් වේ. මෙම විශිෂ්ට භෝජන සංග්‍රහයට අමතරව, සාම්ප්‍රදායික තුර්කි සංගීත ස්වර රටාවන්ගෙන් ද රාත්‍රිය සපිරි වන අතර, එය පැමිණෙන අමුත්තන්ට පරිපූර්ණ ආගන්තුක සත්කාර අත්දැකීමක් තහවුරු කරයි.

මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් කොළඹ Shangri-La හි සාමාන්‍යාධිකාරී Andreas Streiber මහතා මෙසේ සිය අදහස් දැක්වීය.”‘Flavours of Türkiye’ ආහාර උළෙලේ තවත් අදියරක් සාර්ථකව ආරම්භ කිරීමට ලැබීම පිළිබඳව අපි ඉතාමත්ම සතුටු වෙනවා. තුර්කියේ සිට පැමිණි ප්‍රමුඛ සූපවේදීන් හතරදෙනෙකු සමඟින් පැවැත්වෙන මෙවර උළෙල, ඒ ඒ කෑම වර්ග පිටුපස ඇති පාරම්පරික උරුමය සහ ඔවුන් සතු විශිෂ්ට කුසලතාවයන් සජීවීව අත්විඳීමට මඟපාදනවා. සංගීතය, සංස්කෘතිය සහ අපගේ උසස් ආගන්තුක සත්කාරය මුසු වූ මෙම සුවිශේෂී අත්දැකීම ශ්‍රී ලාංකිකයන් අතරට ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා,”

ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති ගරු Semih Lütfü Turgut මහතා අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය. “තුර්කි සංස්කෘතිය තුළ යමෙකුට ආහාර වේලකට ඇරයුම් කිරීම යනු මිත්‍රත්වයේ සහ සෙනෙහසේ උසස් සංකේතයක්. අපගේ සූපවේදීන්ගේ දෑතින් සහ සංගීතයේ මිහිරියාවෙන් යුතුව ඒ උරුමය ශ්‍රී ලාංකිකයන් වෙත තිළිණ කිරීමට ‘Flavours of Türkiye’ හරහා අපට අවස්ථාව හිමිව තිබෙනවා. මෙම සංස්කෘතික හුවමාරුව දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික හා මිත්‍රශීලී සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට හේතුවන බව මාගේ විශ්වාසයයි.”

“Flavours of Türkiye” ආහාර උළෙල දිනපතා පස්වරු 6.30 සිට රාත්‍රී 10.30 දක්වා Central ආපනශාලාවේදී පැවැත්වෙන අතර, එක් අයෙකු සඳහා ගාස්තුව රුපියල් 9,539 වේ. කොළඹ නගර මධ්‍යයේදී අද්විතීය පාරම්පරික තුර්කි භෝජන අත්දැකීමක් විඳගැනීමට අපේක්ෂා කරන සියලු දෙනාටම මෙය අනගි අවස්ථාවකි.

වැඩිදුර තොරතුරු සහ ආසන වෙන්කරවා ගැනීම සඳහා +94 77 817 4529 අංකය ඇමතීමෙන් හෝ [email protected]  විද්‍යුත් ලිපිනයට යොමු කිරීමෙන් සම්බන්ධ විය හැකිය

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top