
දෛනික ගමනාගමන පහසුව වෙනුවෙන් උසස් ආරක්ෂිත විශේෂාංග, සුවපහසු ආසන පද්ධතියක් සහ ලීටර් 56ක පුළුල් ගබඩා පහසුකම් එක් කරමින් නිපද වූ ස්මාර්ට් ස්කූටරයක් වන අතර වසර 8ක බැටරි වගකීමක් සමඟින් ශ්‍රී ලංකාව පුරා පිහිටි Ather Grid වේගවත් ආරෝපණ මධ්‍යස්ථාන 25ක ජාලයක සහාය ද මේ සඳහා හිමිවේ.
Ather Energy හි ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා වන Evolution Auto සමාගම විසින් 2026 කොළඹ මෝටර් රථ ප්‍රදර්ශනයේ දී නවතම Ather Rizta Z ස්කූටරය ශ්‍රී ලංකා වෙළෙඳපොළට හඳුන්වා දෙයි. නවීන තාක්ෂණය, උපරිම ආරක්ෂාව, සුවපහසුව සහ දෛනික ගමනාගමන පහසුව යන සියලු අංග ඒකාබද්ධ කරමින් මෙම ස්මාර්ට් ස්කූටරය නිර්මාණය කර ඇත. මෙම හඳුන්වාදීම සනිටුහන් කරමින් සාමාන්‍ය ගැනුම් මිල වන රු. 849,900/- ට වඩා රු. 50,000/- ක විශේෂ වට්ටමක් සමඟින්, රු. 799,900/- ක විශේෂ හඳුන්වාදීමේ මිලකට මෙම ස්කූටරය මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිවේ. මෙම විශේෂ දීමනාව සීමිත කාලයක් සඳහා පමණක් වලංගු වේ. නොවැම්බර් 20 සිට 23 දක්වා පැවති කොළඹ මෝටර් රථ ප්‍රදර්ශනයට පැමිණි නරඹන්නන්ට, එහි පිහිටි Ather ප්‍රදර්ශන කුටිය වෙත පිවිස නව Rizta Z ස්කූටරය දැකබලා ගැනීමට මෙන්ම, ඒ සඳහාම වෙන් කළ ධාවන පථයේ දී පරීක්ෂණ ධාවනයක නිරත වෙමින් එහි අත්දැකීම සජීවීව විඳගැනීමට ද අවස්ථාව ලැබිණි.
විවිධ මාර්ග සහ රථවාහන යටතේ දෛනික ධාවනය වඩාත් පහසු සහ පාලනයකින් යුක්ත කිරීම සඳහා නිර්මාණය කර ඇති විශේෂාංග රැසකින් Rizta Z සමන්විත වේ. මෙහි අඟල් 7ක TFT ස්මාර්ට් touchscreen සහ Google Maps පහසුකම ඇතුළත් කර ඇති බැවින්, ධාවකයන්ට පාලන පුවරුව (Dash board) මගින් සෘජුවම මාර්ග සිතියම් භාවිත කිරීමට හැකියාව ලැබේ. මෙහි ඇති Magic Twist තාක්ෂණය මගින් ‘regenerative braking’ පද්ධතිය උපයෝගී කරගනිමින් throttle පාලනය හරහාම ස්කූටරයේ වේගය අඩු කිරීමට හැකිවන අතර, එමගින් අධික රථවාහන තදබදය ඇති අවස්ථාවල දී ධාවකයාට ඉහළ පාලනයක් ලබා දෙයි. ඊට අමතරව, බෑවුම් සහිත මාර්ගවල දී ස්කූටරය පසුපසට නොයා ස්ථාවරව තබා ගැනීමට AutoHold පහසුකම උපකාරී වන බැවින් කඳු සහිත මාර්ගවල ගමන් ආරම්භ කිරීම වඩාත් පහසු වේ. විශේෂයෙන්ම වැසි සහිත කාලගුණික තත්ත්වයන් යටතේ ලිස්සන සුළු මාර්ගවල දී රෝද ලිස්සා යාම පාලනය කරමින් ආරක්ෂිත ධාවනයක් තහවුරු කිරීමට SkidControl තාක්ෂණය ද මෙයට ඇතුළත් කර ඇත.
සුවපහසුව සහ ප්‍රායෝගික බව Rizta Z නිර්මාණයේ ප්‍රධානතම අංගයන් වේ. මෙම කාණ්ඩයේ ස්කූටර අතරින් විශාලතම ආසනය සහ පුළුල් පසුපස ආසන ආධාරකයක් මෙයට ඇතුළත් කර ඇති අතර, එමගින් ධාවකයාට මෙන්ම පසුපස ගමන් කරන්නාට ද ඉතා සුවපහසු ගමන් අත්දැකීමක් හිමිවේ. මෙම ස්කූටරය සතුව ලීටර් 56ක සමස්ත ගබඩා ඉඩකඩක් පවතින අතර, එය ආසනයට යටින් ඇති ලීටර් 34ක ඉඩකඩකින් සහ ඉදිරිපස ඇති අමතර ලීටර් 22ක ගබඩා කොටසකින් සමන්විත වේ. මෙමගින් රාජකාරි කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය, සාප්පු සවාරි භාණ්ඩ සහ අනෙකුත් දෛනික අවශ්‍යතා ඉතා පහසුවෙන් රැගෙන යාමට ධාවකයන්ට ඉඩ සැලසෙයි. මෙම සියලු විශේෂාංග හේතුවෙන්, සිය දෛනික ගමනාගමනවල දී උපරිම සුවපහසුව සහ පහසුව අපේක්ෂා කරන වෘත්තිකයන්ට මෙන්ම දෛනික ගමනාගමනවල නිරත වන්නන්ට Rizta Z ඉතා ප්‍රායෝගික තේරීමක් බවට පත්ව ඇත.
මෙම හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් Ather Sri Lanka සහ Evolution Auto සමාගම හි ප්‍රධාන විධායක නිලධාරී සහරාන් සියාවුදීන් මහතා, “Rizta Z ස්කූටරය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට ලැබීම පිළිබඳව අපි ඉතා සතුටු වෙනවා. වර්තමාන පාරිභෝගිකයින්ට අවශ්‍ය වන්නේ සුවපහසු, ප්‍රායෝගික මෙන්ම දෛනික ගමන් බිමන් වඩාත් පහසු කරන විශේෂාංගවලින් සමන්විත ස්කූටරයක්. Rizta Z මගින් Ather සතු නවීන තාක්ෂණය සහ ආරක්ෂිත විශේෂාංග සමඟින් මේ සියලු අංග එකට එක් කරයි. වාහනය කෙරෙහි ඇති විශ්වාසය හා සමානවම, එහි හිමිකාරිත්ව අත්දැකීම පිළිබඳව ද පාරිභෝගිකයින් තුළ විශ්වාසයක් තිබිය යුතු බව අප හොඳින් වටහාගෙන තිබේ. විද්‍යුත් වාහන භාවිතය වෙත යොමු වීමේ දී පාරිභෝගිකයින්ට අවශ්‍ය සියලු සහයෝගය ලබා දීම සඳහා අපගේ ප්‍රදර්ශන මධ්‍යස්ථාන සහ සේවා මධ්‍යස්ථාන ජාලය මෙන්ම Ather Grid ආරෝපණ පද්ධතිය මගින් අපි නිරන්තරයෙන් කැපවී කටයුතු කරනවා. කොළඹ මෝටර් රථ ප්‍රදර්ශනය පාරිභෝගිකයින්ට Rizta Z සජීවීව අත්විඳීමට ලැබෙන විශේෂ අවස්ථාවක් වූ අතර, ඉදිරියේ දී මෙය ශ්‍රී ලංකාවේ තවත් නගර රැසක් වෙත රැගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා” යනුවෙන් සිය අදහස් දැක්වීය.


දිගුකාලීනව පාරිභෝගිකයින්ට අමතර විශ්වාසයක් ලබා දෙමින්, Rizta Z සඳහා වසර 8ක බැටරි වගකීමක් හිමිවේ. තවද දැනට ශ්‍රී ලංකාව පුරා ආරෝපණ මධ්‍යස්ථාන 25කින් සමන්විත Ather හි වේගවත් ආරෝපණ ජාලය වන Ather Grid මගින් ද මෙයට පූර්ණ සහාය ලැබේ. නිවසේ දී ආරෝපණය කර ගැනීමේ පහසුවට අමතරව, රැකියා ස්ථාන, සාප්පු සංකීර්ණ සහ අනෙකුත් දෛනික ගමනාගමන අතරතුර නවතින ස්ථානවල පිහිටි ආරෝපණ මධ්‍යස්ථාන මගින් නිවසින් බැහැරව සිටිය දී පවා ස්කූටරය ආරෝපණය කර ගැනීමට මෙම ජාලය ධාවකයන්ට ඉඩ සලසයි. නගර අතර ගමන් කරන ධාවකයන් සඳහා ද මෙමගින් අමතර ආරෝපණ පහසුකම් සැලසෙන බැවින්, වඩාත් විශ්වාසයකින් යුතුව දිගු ගමන් සැලසුම් කිරීමට ඔවුන්ට හැකියාව ලැබේ. Evolution Auto සමාගමේ වේගයෙන් ව්‍යාප්ත වන අලෙවි සහ සේවා ජාලය සමඟ එක්ව ක්‍රියාත්මක වන මෙම ආරෝපණ පද්ධතිය, Rizta Z හිමිකාරිත්වය සහ ධාවනය පහසු අත්දැකීමක් බවට පත් කිරීමට සැලසුම් කර ඇත. දිවයින පුරා සිටින Ather පාරිභෝගිකයින්ට උපරිම සහාය ලබා දීම සඳහා Evolution Auto සමාගම ඉදිරියටත් මෙම ජාලය තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරනු ඇත.
විදුලි ගාස්තු සහ භාවිත කරන ආකාරය අනුව, කිලෝමීටරයකට රු. 1.50 ක් පමණ වන ඉතා අඩු දෛනික ධාවන පිරිවැයක් ද Rizta Z සතු වේ. නිෂ්පාදන පිළිබඳ සහාය, සේවා කටයුතු සහ අලෙවියෙන් පසු සේවාවන් ලබා ගැනීම සඳහා පාරිභෝගිකයින්ට ශ්‍රී ලංකාව පුරා පිහිටි Evolution Auto සමාගමේ ප්‍රදර්ශන මධ්‍යස්ථාන 37ක් සහ සේවා මධ්‍යස්ථාන16කින් සමන්විත ජාලය වෙත පිවිසිය හැකිය. එමෙන්ම, මූල්‍ය හවුල්කරුවන් මගින් ඔවුන්ගේ අදාළ නියමයන් සහ කොන්දේසිවලට යටත්ව බැංකු ලීසිං පහසුකම් ද ලබා ගැනීමේ හැකියාව ඇත. සුදුසුකම් ලත් පාරිභෝගිකයින් සඳහා පිරිනැමෙන රු. 50,000/- ක පැරණි ස්කූටර හුවමාරු දීමනාව සමඟින්, සමස්ත Rizta මාදිලි පෙළෙහි ආරම්භක මිල Rizta S මාදිලිය සඳහා රු. 749,900/- සිට ක්‍රියාත්මක වේ.
කොළඹ හඳුන්වාදීමෙන් අනතුරුව, Evolution Auto සමාගම සිය ‘Meet Rizta’ ප්‍රාදේශීය ප්‍රවර්ධන වැඩසටහන් මාලාව මගින් ශ්‍රී ලංකාවේ නගර 15ක් වෙත Rizta Z රැගෙන යාමට සැලසුම් කර ඇත. කොළඹ, මහනුවර, ගාල්ල, යාපනය, කුරුණෑගල සහ ගම්පහ ඇතුළු ප්‍රධාන නගර ආවරණය කරමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින්, දිවයින පුරා සිටින පාරිභෝගිකයින්ට මෙම ස්කූටරය සමීපව නිරීක්ෂණය කිරීමටත්, එහි ඇති විශේෂාංග පිළිබඳව දැනුවත් වීමටත්, පරීක්ෂණ ධාවනයන්හි නිරත වෙමින් සජීවී අත්දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව හිමිවේ.
නොවැම්බර් 20 සිට 23 දක්වා පැවති කොළඹ මෝටර් රථ ප්‍රදර්ශනයේ Ather ප්‍රදර්ශන කුටිය වෙත පිවිසෙන පාරිභෝගිකයින්ට, නව Rizta Z ස්කූටරය දැකබලා ගැනීමටත්, පරීක්ෂණ ධාවනයක නිරත වීමටත්, එහි විශේෂ හඳුන්වාදීමේ මිල සහ ඇණවුම් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව විමසීම් කිරීමටත් හැකියාව ලබා දෙන ලදි. මීට අමතරව, Evolution Auto සමාගමේ බලයලත් අලෙවි නියෝජිත ජාලය මගින් ද ඇණවුම් භාර ගනු ලැබේ.
Rizta Z හඳුන්වාදීමත් සමඟින් Evolution Auto සමාගම ශ්‍රී ලංකාව තුළ පවතින Ather මාදිලි පෙළ තවදුරටත් පුළුල් කරන අතර, Ather සතු නවීන තාක්ෂණයේ සහ Evolution Auto හි වේගයෙන් ව්‍යාප්ත වන අලෙවි, සේවා සහ ආරෝපණ ජාලයේ පූර්ණ ශක්තිය සමඟින් විධායක ශ්‍රේණියේ ස්කූටර කාණ්ඩය තුළ පාරිභෝගිකයින්ට තවත් නවතම තේරීමක් ලබා දෙයි.
මේ පිළිබඳ වැඩි විස්තර සඳහා 077 886 5665 දුරකථන අංකය අමතන්න.
