සිංගර්,‍ ලොව ප්‍රමුඛතම පැන්ට්‍රි කබඩ් මෙරටට හඳුන්වා දීමට මැලේසියානු Signature සමූහ ව්‍යාපාරය සමග අත්වැල් බැඳ ගනියි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ බෙදා හරින්නා වන සිංගර්, මැලේසියාවේ විශාලතම පැන්ට්‍රි කබඩ් නිෂ්පාදකයා වන Signature සමූහ ව්‍යාපාරය සමගින් අත්වැල් බැඳගෙන තිබේ. ලොව ප්‍රමුඛ පෙළේ මෙවැනි සමාගම් හා අත්වැල් බැඳ ගනිමින්, සිංගර් කලක් තිස්සේම, ඉහළම අමුද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කරන ලද විශිෂ්ටතම තත්ත්වයේ කල්පවතින භාණ්ඩ දේශීය පාරිභෝගිකයින් වෙත ලබා දීමට කටයුතු කරයි. එම උත්සාහයේ තවත් එක් පියවරක් ලෙසින් මෙලෙස Signature සමූහ ව්‍යාපාරය සමග අත්වැල් බැඳ ගැනීම මගින් ජාත්‍යන්තර වෙළෙඳ පොළේ නවතම මෝස්තර හා අද්වීතීය නිමාව රැගත්, පැන්ට්‍රි කබඩ් ස්වකීය පාරිභෝගිකයින් හට තිළිණ කිරීමට සිංගර් කටයුතු යොදා තිබේ.

එමෙන්ම, භාණ්ඩ නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් හා මෙලෙස අත්වැල් බැඳ ගෙන Signature පැන්ට්‍රි කබඩ් ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරමින්, තවත් සාර්ථක පියවරක් ඉදිරියට තැබීමට, සිංගර් කටයුතු කර තිබේ. ඒ අනුව, Signature සන්නාමයේ මෙම පැන්ට්‍රි කබඩ් නිෂ්පාදන කටයුතු දැනටමත් ශ්‍රී ලංකාවේ සිංගර් කර්මාන්ත ශාලා තුළ සිදු කෙරේ.  

ලොව ප්‍රකට මෙම මැලේසියානු සන්නාමයේ නිෂ්පාදන ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කර මෙරට පාරිභෝගිකයින් අතට පත් කිරීමත් සමග සිංගර් නිෂ්පාදන පෙළ තවදුරටත් පුළුල් වී තිබේ. ඒ අනුව මේ වන විට, ලොව ප්‍රමුඛතම සන්නාමවලින් 600කට අධික විදුලි උපකරණ නිෂ්පාදන හා 1200 ක් වන ගෘහ උපකරණද සමගින් සිංගර්, ලොව පිළිගත් සන්නාම 50 කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් අතට පත් කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරනු ලබන මෙම Signature නිෂ්පාදන, පළමු වරට රත්මලාන Singer Homes ප්‍රදර්ශනාගාරයෙහි ප්‍රදර්ශනයට තැබෙන අතර, නුදුරේදීම රටපුරා අනෙකුත් සිංගර් ප්‍රදර්ශනාගාර වලදී ද දැකබලා ගැනීමට සිංගර් පාරිභෝගිකයින්ට හැකියාව ලැබේ.

සිංගර් හා අත්වැල් බැඳ ගනිමින් මෙරට පාරිභෝගිකයින් අතරට එන Signature නිෂ්පාදන ලොවට ඉදිරිපත් කරන මැලේසියාවේ Signature සමූහ ව්‍යාපාරය ලොව ප්‍රකට FORBES සඟරාව වෙතින් Billion commendation යන වර්ගීකරණය යටතේ කළ තේරීමේදී හොඳම ආසියානු සමාගමට හිමි සම්මානයද දිනා සිටින සමාගමකි. එමෙන්ම, 2016 වසරේදී, MSWG-ASEAN Corporate Governance Excellence සම්මානයෙන් සේම, ඉකුත් වසර ගණනාව පුරා සම්මාන ගණනාවකින්ද එම සමාගම පිදුම් ලැබ තිබේ. ලොව ප්‍රමුඛ, මැලේසියානු Signature වැනි අද්වීතීය සන්නාමයක නිෂ්පාදන මෙලෙස ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීමත් සමග, ශ්‍රී ලාංකීය මුළුතැන්ගෙවල් ජාත්‍යන්තර සංකල්පයන්ට අනුව නව ආරකින් හැඩ ගැසෙනු ඇත.

මෙම නවතම අත්වැල් බැඳ ගැනීම පිළිබඳ අදහස් දක්වමින්,‍් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන සඳහන් කළේ, මෙවැන්නකි.

“ගෘහ උපකරණ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින්ට වඩාත් සමීප සන්නාමයක් වන සිංගර්, Signature සන්නාමය සමගින්, පැන්ට්‍රි කබඩ් නිෂ්පාදනයට මෙලෙස පියවර තබා තිබෙනවා. එය අපට ඇත්තටම ආඩම්බරයට කරුණක්.”

ආසියානු වෙළෙඳ පොළට පැන්ට්‍රි කබඩ් සැපයීමේ ප්‍රමුඛයා වන Signature, භාණ්ඩ නිෂ්පාදනයෙහි ලා 25 වසරකට අධික කාලයක් පුරා දක්වන විශේෂඥභාවය හේතුවෙන්, ලොව පුරා රටවල් 15 ක ශක්තිමත් වෙළෙඳ පොළක් සතු කර ගැනීමට සමත් ව තිබේ. ඒ, ඒවායේ උසස් තත්ත්වය, ක්‍රියාකාරිත්වය, මෝස්තරය හා නිමාව අතින් Signature සන්නාමයට අනන්‍ය සුවිශේෂත්වයකින් යුතුව, පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස නිෂ්පාදනය කර තිබීම හේතුවෙනි.

“මෙම අත්වැල් බැඳ ගැනීම සඳහා සිංගර් සුදුසුම සන්නාමය බවට අපට වැටහුණේ, එය ඉතාමත් තරගකාරී ලෙසින් ශ්‍රී ලංකාව පුරාම ව්‍යාප්තව තිබීම හා එහි නිෂ්පාදනයේ ශක්තිමත්භාවය නිසයි. නවෝත්පාදන හා නිර්මාණශීලීත්වය සමගින් නිෂ්පාදන ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට සිංගර් වෙත සහය වීමට Signature කණ්ඩායම කටයුතු කරනවා. ඒ වගේම, පැන්ට්‍රි කබඩ් සම්බන්ධයෙන් ජාත්‍යන්තර අත්දැකීම් ශ්‍රී ලංකාවට විවෘත කරවන මෙම අත්වැල් බැඳ ගැනීම පිළිබඳ අප ඉමහත් බලාපොරොත්තු තබා සිටිනවා.”  බෙර්හාද්, Signature International සමාගමේ සමූහ කළමණාකාර අධ්‍යක්ෂ, ටන් කී චොන්ග් මහතා සඳහන් කළේය.

දිවයින පුරා 430 කට අධික සිංගර් ප්‍රදර්ශනාගාර පවත්වා ගෙන යමින්, උසස්ම තත්ත්වයේ අලෙවියෙන් පසු සේවාවක්ද පිරි නමන සිංගර්, භාණ්ඩ මිලදී ගැනීමේදී ස්වකීය පාරිභෝගිකයින් හට අසීමිත පහසුව සලසයි. ඒ, ක්‍රෙඩිට් කාඩ් දීමනා හා පොළී රහිත පහසු ගෙවීමේ ක්‍රමද සිංගර් පාරිභෝගිකයින් හට හඳුන්වා දෙමිනි.

නිරතුරුවම ලොව ඉහළම තත්ත්වයේ භාණ්ඩ පාරිභෝගිකයින් අතට පත් කරමින් සම්මාන ගණනාවක් දිනා ඇති සිංගර් මෙලෙස ප්‍රශස්ත පාරිභෝගික සේවාවක් සැලසීම හේතුවෙන්, අඛණ්ඩව 14 වැනි වතාවටත් SLIM-Nielson සම්මාන උළෙලෙහි ජනතා සම්මානයටද පාත්‍ර වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *