මනබඳනා සිංගර් built-in උපකරණ සමඟින් ඔබගේ මුළුතැන්ගෙය වඩාත් ආකර්ශනීය කර ගන්න

අපගේ නවීන ජිවන රටාව පිළිබඳව මනාව පිළිබිඹු කරමින් සුඛෝපභෝගී නිවාස හා මහල් නිවාස අඛණ්ඩව ඉදිවෙමින් පවතින අතර අපගේ ජිවිතයේ කාර්යක්ෂමතාවය වර්ධනය කරනු ලබන හුරු පුරුදු සංකල්ප බවට පත්වී තිබේ. එමගින් අප බලාපොරොත්තු වන්නේ එදිනෙදා ජිවිතයේ කාලය අපතේ යන සුළු සුළු අවස්ථාවන් අවම කිරීම වන අතර මෙම කරුණ නිවසේ හදවත බඳු මුළුතැන්ගෙයි කාර්යයන් වලදී ඉතා තීරණාත්මක සාධකයක් බවට පත්වේ.

මෙහිදී ඔබගේ කටයුතුවලට බාධාවක්, අපහසුවක් වන මුළුතැන්ගෙයකට වඩා ඔබගේ කටයුතු වඩාත් පහසු හා කාර්යක්ෂම කරන මුළුතැන්ගෙයක් තිබීම ඉතා වැදගත් වේ.  Singer Sri Lanka නවීන built-in උපකරණ පෙළක් ඔබ හමුවට ගෙන එන්නේ ඔබගේ නවීන කාර්යක්ෂම ජිවන රටාවේ අවශ්‍යතාවයන් වඩාත් සපුරාලනබවට සහ පහසු නඩත්තුව පිළිබඳව සහතික කරමිනි.

නවීන මුළුතැන්ගෙයි අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කර ඇති මෙම නිෂ්පාදන පෙළට built-in ovens, built-in microwaves, built-in hobs සහ  hoods, මෙන්ම dishwashers ඇතුළත් වන අතර  Singer ඇතුළු ජාත්‍යන්තරව පිළිගත් Beko, Indesit සහ Hafele වෙළඳ නාම යටතේ ඔබට තෝරා ගැනීමේ අවස්තාව ඇත. Singer මෙම මුළුතැන්ගේ උපකරණ මගින් ඔබගේ සම්ප්‍රදායික මුළුතැන්ගෙය ගෝලීය මුළුතැන්ගේ ප්‍රවණතාවයන් සමඟ එකට ගලපාලමින් නවීනත්වයේ පහසුව හා කාර්යක්ෂමතාවය ඔබ වෙත හිමිකර දීමට බැඳී සිටී.

මෙමගින් ආහාර පිසීමේ සහ පිරිසිදු කිරීමේ කාර්ය වඩාත් වේගවත් කරනවා මෙන්ම ඔබට ආර්ථිකමය වශයෙන් ද වාසි අත්කර දෙයි. එපමණක් නොව ඔබගේ ජිවිතයේ අනෙකුත් කාර්යයන් බොහොමයක් ද  පහසුවෙන් කර ගැනීමට මෙම උපකරණ පෙළ උපකාරී වේ. එලෙසම මෙම උපකරණ පෙළ පහසුවෙන්ම මුළුතැන්ගේ ඉඩ කඩ ඉතා උසස් අන්දමින් කළමනාකරණය කර ගැනීමට පහසු අකාරයේ ස්ථාපන හැකියාවෙන් යුක්ත නිසා ඔබගේ මුළුතැන්ගේ ඉඩ කඩ ඉතිරි කර ගැනීමටද පහසුවකි.

මෙම නවීන built-inඋපාංග පෙළ පිළිබඳව අදහස් දක්වමින් Singer Sri Lanka හි අලෙවි අධ්‍යක්ෂ ශනිල් පෙරේරා මහතා මෙසේ සඳහන් කළේය. “ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්වූ වෙළඳ නාම කිහිපයක් සමඟ හවුල් වී අපගේ ගනුදෙනුකරුවන් වෙත ක්‍රියාකාරී හා නව්‍යකරණයෙන් යුතු උසස් තත්ත්වයේ මුළුතැන්ගෙයි උපකරණ ගෙන ඒමට හැකිවීම පිළිබඳව අපි අතිශයින් ආඩම්බර වනවා. අපගේ මුළුතැන්ගෙයි උපකරණ පෙළ ඕනෑම මුළුතැන්ගෙයකට සරල නවීන පෙනුමක් ලබා දීම සඳහා නිර්මාණය කර තිබෙනවා. එමගින් මුළුතැන්ගේ කටයුතු එකාකාරීව පවත්වා ගැනීමට පමණක් නොව සිත්ගන්නා සුළු මනබඳනා මුළුතැන්ගේ පරිසරයක් නිර්මාණය කිරීමටද උපකාරී වනවා.”

දැන් ඔබට මෙම built-inඋපකරණ පෙළ ඕනෑම Singer Plus, Singer Homes සහ Singer Mega  ප්‍රදර්ශනාගාරයකින්  මිලදී ගත හැකි අතර ආකර්ෂණීය සහන වාසි සහ මාසික වාරික ක්‍රමයට ක්‍රෙඩිට් කාඩ් මගින් ගෙවීම් පහසුකම්ද සලසා තිබේ. එසේම  www.singer.lk වෙබ් අඩවියෙන් ද මිලදී ගත හැකිය. දීපව්‍යාප්ත  සිල්ලර වෙළඳසැල් සහ වෙළෙඳුන් 430 කට අධික, ශ්‍රී ලංකාවේ විශාලතම බෙදාහැරීමේ ජාලය සතු Singer Sri Lanka සිය ගනුදෙනුකරුවන්ට උසස්ම වෘත්තීය මට්ටමකින් ඉහළම සේවාවක් සපයයි.

ශ්‍රී ලංකාව තුළ දිගු කාලීනව පාරිභෝගික ප්‍රජාව ප්‍රමුඛ කරගත් ශක්තිමත් වෙළඳ ආයතනයක් වීමේ දැක්ම සාක්ෂාත් කර ගනිමින් එම අරමුණ සඳහා සමාගම 1877 ආරම්භයේ සිටම අඛණ්ඩව මෙහෙයවනු ලැබිණි. එක්සත් රාජධානියේ මුල්‍ය සඟරාවක් වන Global Banking and Finance Review සඟරාව විසින් Singer Sri Lanka වෙත ‘Retail Brand of the Year – Sri Lanka 2020’ සම්මානය පිරිනැමීය. මෙම ජයග්‍රහණයේ සතුටට ද කැටිකර ගනිමින් ශ්‍රී ලාංකික ජනතාවට  සාධාරණ මිල ගණන් යටතේ සැපපහසුකම් සහ පහසුව සලසා දෙමින් ජීවන තත්ත්වය නංවාලීමේ සිය මෙහෙවර ඉදිරියට ගෙන යමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *