කලා පොළ 2020 සාර්ථකව අවසන්

27 වැනි වතාවටත් පැවැත්වුණු ශ්‍රී ලංකාවේ විශාලතම එළිමහන් චිත්‍ර ප්‍රදර්ශනය වන කලා පොළ 2020, දේශීය දෘශ්‍ය කලා ශිල්පීන් විශාල පිරිසකගේ නිර්මාණ කෞශල්‍යය බබලවමින් කොළඹ වර්ණවත් කිරීමට සමත් විය. ජෝර්ජ් කීට් පදනම හා ජෝන් කීල්ස් සමූහය එක්ව ගෙනා කලා පොළ 2020, පසුගියදා කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේදී පැවැත්විණි. නෙත් ඇදහිය නොහැකි චිත්‍ර, මූර්ති මෙන්ම ජීවමාන සේ අඳින ලද රූප වල  සිට නූතන චිත්‍ර හා ඉතා සංකීර්ණ මූර්ති දක්වාම, දෘශ්‍ය කලා මාධ්‍ය ගණනාවක් ප්‍රදර්ශනය කරමින්, වාර්තාගත 370 ක් වූ  දෘශ්‍ය  කලා ශිල්පීන්ගේ සහ නරඹන්නන්ගේ දහස් ගණනකගේ සහභාගිත්වයෙන් යුතුව මෙවර කලා පොළ පැවැත්විණි. ශ්‍රී ලංකාවේ  දෘශ්‍ය කලාව හා කලා ශිල්පීන් ප්‍රවර්ධනය කරන දීර්ඝ කාලීන වැඩසහනකට සහභාගි වීම පිළිබඳ සිය සතුට පළ කළ ශ්‍රි ලංකාවේ ඉතාලි තානාපති රීටා ගිලියානා මැනෙල්ලා මහත්මිය, කලා පොළ නිල උත්සවයෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක්ව සිටියාය. එමෙන්ම, ජෝන් කීල්ස් සමූහයේ සමූහාධිපති  හා කළමණාකාරිත්වයද, ජෝර්ජ් කීට් පදනමේ සභාපති හා කාරක සභිකයින්ද එම අවස්ථාවට සහභාගි ව සිටියහ.

පසුගිය වසරවල මෙන්ම, මෙවර  කලා පොළ 2020 ප්‍රදර්ශනයට ද, කුඩා දරුවන් වැඩි පිරිසකගේ ආකර්ෂණය දිනා ගැනුණු ළමා චිත්‍ර අන්තය (Children’s Art Corner), කෝරා ආබ්‍රහම් චිත්‍ර පාසලේ චිත්‍ර කලා ගුරුවරුන්ගේ මග පෙන්වීම යටතේ පැවැත්විණි.  මෙදින සන්ධ්‍යාභාගය මියුසික් මැටර්ස් හි සිසු සිසුවියන්ගේ ඉදිරිපත් කිරීම්වලින් මෙන්ම, සාම්ප්‍රදායික හා මිශ්‍ර නැටුම් හා බෙරවාදන ඇතුළත් සජීවී ප්‍රසංගවලින්ද සමන්විත විය. ජෝන් කීල්ස් සමූහයේ කාර්ය මණ්ඩලයේ සියයකට අධික පිරිසක් ස්වේච්ඡාවෙන් කලා පොළ 2020 වෙනුවෙන් සිය දායකත්වය ලබා දී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *