වෙලෝනා කඩ්ල්ස් වෙත 2020 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළලේදී සුවිශේෂී රිදී සම්මානයක්

වසරේ නවෝත්පාදන සන්නාමය සඳහා වූ රිදී සම්මානය වෙලෝනා කඩ්ල්ස් වෙත

ශ්‍රී  ලාංකීය  සනීපාරක්ෂක හා ඇගලුම් නිෂ්පාදන කර්මාන්තය තුළ පාරිභෝගිකයින් රැසක්  මහත් ආදරයෙන් වැළඳගත්, විශ්වාසවන්තනීය වෙළඳ නාමයක් වන  “වෙලෝනා කඩ්ල්ස්”,  පසුගියදා අවසන් වූ SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී (SLIM Brand Excellence) වසරේ නවෝත්පාදන සන්නාමය සඳහා වූ රිදී සම්මානය හිමි විය. 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාමයක් බව යළිත් පෙන්නුම් කරමින් වෙලෝනා කඩ්ල්ස් වෙත මෙම සම්මානය හිමි වූයේ ශ්‍රී ලංකාවේ ‍ළදරු සනීපාරක්ෂාව සම්බන්ධයෙන්  දැක්වූ සුවිශේෂී දායකත්වය උදෙසාය.

නවෝත්පාදනය මුල් කරගත් නිෂ්පාදිත සහ සේවා, අලෙවිකරණය, ඇසුරුම්කරණය සහ බෙදාහැරීම සම්බන්ධයෙන් සමාගම දක්වන අඛණ්ඩ අවධානය සහ නව්‍ය සේවා පිරිනැමීම් කෙරෙහි සමාගම දක්වන අවධානය මෙම සම්මානය දිනා ගැනීම  පිටුපස තිබෙන ප්‍රධාන සාධක ලෙස හැඳින්විය හැකිය. මෙම සම්මානය දිනා ගැනීම තුළින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩයපර් සන්නාමයක් ලෙස වෙලෝනා කඩ්ල්ස් සන්නාමයේ ස්ථාවරත්වය යළි යළිත් පෙන්නුම් කරයි. 

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරන SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙල යනු සමාගම් වල විශිෂ්ට අලෙවිකරණ හැකියාවන්,  කැපී පෙනෙන කාර්යසාධනයන්, පාරිභෝගිකයින් උදෙසා ක්‍රියාත්මක කරන විවිධ  මුලපිරීම් සහ නව්‍ය වෙළඳපල ප්‍රවේශයන් අගයමින්,  ජාතික මට්ටමෙන් සම්මාන පිරිනමන සම්මාන ප්‍රධානෝත්සවයකි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ විශිෂ්ට පාරිභෝගික  සන්නාමයක් ලෙස අභියෝගයන් හට මුහුණ දෙමින්, ශ්‍රී ලංකාවේ ළදරු ඩයපර් හා සම්බන්ධ වෙළඳ පොළ තුළ වෙලෝනා කඩ්ල්ස් සුවිශේෂී නවෝත්පාදන රැසක් සිදු කර ඇත. මැතකදී  වෙළඳ පොළ තුළ  විප්ලවීය වෙනසක් සිදු කරමින්,  විෂ සහ අසාත්මිකතා රහිත ඕස්ට්‍රේලියානු සහතිකද (Australian Toxic Free and Allergy Certifications) සමඟින් වෙලෝනා කඩ්ල්ස් සිය පරිසර හිතකාමී Biodegradable Bamboo Diapers සහ 100% Biodegradable Bamboo Water Wipes හඳුන්වා දෙනු ලැබීය. තවද පසුගිය වසරේ තවත් පියවරක් ඉදිරියට තබමින් සිය ඩයපර් නිෂ්පාදන Subscription based app එකක් හරහා මිලදී ගැනීමේ පහසුකම සිය වටිනා පාරිභෝගිකයින්ට හිමි කර දීමට වෙලෝනා සමත් විය. 

මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින්  ත්‍රෙඩ්වර්ක්ස්   ප්‍රයිවට් ලිමිටඩ් හි සභාපති, ආචාර්ය ගෙහාන් ද සොයිසා මහතා මෙලෙස සඳහන් කරයි.  අභියෝගාත්මක ව්‍යාපාර පරිසරයක් තුළ 2020 SLIM  සන්නාම විශිෂ්ටත්ව සම්මාන ප්‍රදානෝත්සවයේදී මෙවැනි සුවිශේෂී සම්මානයක් දිනා ගැනීමට හැකිවීම අපට ගෞරවයක්. විශේෂයෙන්ම බොහෝ අභියෝගයන් ඉදිරියේ වූවද පාරිභෝගික සුව පහසුව වෙනුවෙන් කැපවී සිටින සන්නාමයක් ලෙස නවෝත්පාදනයන් කෙරෙහි වූ සුවිශේෂී අවධානය, විශිෂ්ට පාරිභෝගික සේවය මෙම සම්මානය දිනා ගැනීම තුළින් පෙන්නුම් කරනවා. 

දශක ගණනාවක් පුරාවට ශ්‍රී ලාංකිකන්ගේ ප්‍රියතම සහ වඩාත් විශ්වසනීයම සන්නාමයක් වන වෙලෝනා,  විවිධ වයස් කාණ්ඩවල පිරිස් සඳහා  සුවපහසු හා දිගු කල් පවතින ඇඟලුම් නිෂ්පාදන ඉදිරිපත් කර ඇත. ඒ අතර පාරිභෝගිකයින් රැසක් ආකර්ෂණය කරගත් නිෂ්පාදනයක් ලෙස වෙලෝනා කඩ්ල්ස් ඩයපර්ස් හැදින්විය හැක්කේ, වසර ගණනාවක් පුරාවට ශ්‍රී ලාංකිකයින්ට ආරක්ෂාව, සුවපහසුව සහ සනීපාරක්ෂාව සහතික කෙරු, හදවත් වලට සමීප නිෂ්පාදිතයක් වන හෙයිනි. 

වර්තමානයේ සමාගමේ කුඩා දරුවන් සඳහා වූ නිෂ්පාදන ඉහළ ගුණත්වයෙන් යුත්  wet wipes, Looney Tunes, Little Swimmers, Ezy Pants, Cuddles Bamboo Water Wipes, Cuddles Australian Bamboo Diapers, Pro Guard Diapers සහ Classic Diapers ඇතුළු නිෂ්පාදන රැසකට විහිදී ඇති අතර, වැඩිහිටි වෙළඳ පොළ සඳහා වූ සුවිශේෂී නිෂ්පාදන ලෙස  Proteck Bed Pad සහ Pro Guard Diapers හැඳින්විය හැකිය. විෂ රහිත ද්‍රව්‍ය වලින් නිපදවන ලද වෙලෝනා කඩ්ල්ස් නිෂ්පාදන සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමේ පාරිභෝගික උත්සාහයයන්ට සහය දක්වමින්, දැරිය හැකි මිලකට ආරක්ෂිත ඩයපර් නිෂ්පාදන පෙළක්ද ගෙන එයි.

www.velonacuddles.com වෙබ් අඩවියට පිවිස මෙම ඕනෑම නිෂ්පාදනයක් පිළිබඳ පුළුල් විස්තර සහ ගර්භනී මවුවරුන්ට ඔවුන්ගේ ගර්භණී කාලය පුරාම අවශ්‍ය විවිධ තොරතුරු, මවුවරුන්ට අවශ්‍ය විවිධ තොරතුරු ඇතුළු විවිධ විස්තර ලබා ගත හැකිය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *