එටිසලාට් සිම්පත් කල් ඉකුත්වීමට පෙර යාවත්කාලීන කරගන්නා ලෙස හච් දැනුම් දෙයි.

හච් ජාලයේ  සිටින 072 එටිසලාට් සිම්පත් හිමි පාරිභෝගිකයින්ට හැකි ඉක්මණින් තම සිම්පත් 072 නව හච් සිම්පතකට යාවත්කාලීන කරගන්නා ලෙස හච් විසින් පසුගියදා දැනුම් දුන් අතර එම සිම්පත් 2021 සැප්තැම්බර් මාසයෙන් පසුව භාවිතයට ගත නොහැකි බවද ප්‍රකාශ කරන ලදී.

නිවේදනයක් නිකුත් කරමින් හච් පවසා සිටියේ, මේ වනතුරු තම එටිසලාට් සිම්පත් යාවත්කාලීන කර නොගත් පාරිභෝගිකයින්ට දිවයින පුරා පිහිටි 4000කට අධික සේවා මධ්‍යස්ථාන හරහා තම සිම්පත 072 නව හච් සිම්පතකට ඉතා පහසුවෙන් යාවත්කාලීන කරගත හැකි බවයි.

තවද දුරකථන ඇමතුමකින් හෝ ඔන්ලයින් හරහා ඇනවුම් කිරීම මගින් දින 3ත් 5ත් අතර කාලයකදී නව සිම්පත් නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකමද හච් විසින් තම පාරිභෝගිකයින්ට සලසා දී ඇත. මෙම සෑම යාවත්කාලීන කිරීමකටම රු. 500ක බෝනස් දීමනාවක් හිමිවන අතර එය ඇමතුම්, Data සහ SMS සඳහා දින 7ක කාලයක් භාවිතා කළහැක.

මේ තුලින් හච්, තම 072 සහ 078 පාරිභෝගිකයින් ද්විත්වයම ඒකාබද්ධ සේවා පද්ධතියක් යටතට ගෙන ඒමට සමත්වන  අතර නවතම SMART අත්දැකීම තුළින් ඔවුන් සියලු දෙනාටම සමාන ප්‍රතිලාභයන් ද හිමිකර දීමට බලාපොරොත්තු වේ.

හච්හි “Yanko! Vango! Let’s Go Smart with HUTCH”යන අත්දැකීම ශ්‍රී ලාංකිකයින් සියලු දෙනාට SMARTලෙස සිතමින්, SMART ලෙස කටයුතු කිරීමට දිරිදෙන නවතම මුලපිරීමකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *