Active Noise cancellation (ANC) විශේෂාංගය සමඟ එන HUAWEI FreeBuds 4i

Wireless earbuds මාදිලීන්ගෙන් ලද සාර්ථකත්වයත් සමග Huawei සමාගම මගින් නවතම wireless  earbuds මාදිලිය ලෙස Huawei FreeBuds 4i වෙළද පොළට හදුන්වාදී තිබෙනවා . HUAWEI FreeBuds 4i, බලවත් බැටරි ආයු කාලයක්, සක්‍රීය ශබ්ද අවලංගු කිරීම (ANC), විලාසිතාමය නිර්මාණය සහ විශිෂ්ට ශ්‍රව්‍ය ගුණාත්මකභාවයක් ලබා දෙයි. HUAWEI FreeBuds Series හි සුවිශේෂී Active Noise cancellation(ANC) විශේෂාංගය සමග එන HUAWEI FreeBuds 4i , බලවත් බැටරි ආයු කාලයකින් සමන්විත අතර විශිෂ්ට ශ්‍රව්‍ය ගුණාත්මකභාවය ලබා දෙයි. මෙහි පවතින්නා වූ විශේෂත්වය නිසාම මෙය වෙළද පොළේ ඉතා ඉහල ඉල්ලුමක් ලබාගනු ඇති බව නොරහසකි.

HUAWEI FreeBuds 4i මයික්‍රෝෆෝනය හරහා  ambient noise හඳුනාගෙන ප්‍රතිලෝම ශබ්ද තරංගයක් ජනනය කිරීම මගින් එම ශබ්දයන් අවම කරයි. ශබ්දය අවලංගු කිරීමේ ඇල්ගොරිතම මඟින් කාර්යබහුල වෙළඳ සංකීර්ණයක්,ඝෝෂාකාරී පොදු ප්‍රවාහන මාධ්‍යයක්, දුම්රිය ස්ථානයක්, කාර්යාලයක් හෝ වෙනත් ඕනෑම ඝෝෂාකාරී ස්ථානයකදී ඉතා පැහැදිලි දුරකථන ඇමතුම් ලබාගැනීමේ අවස්ථාව හිමිකරදේ . මීට අමතරව ඔබ සංගීතය ශ්‍රවණය කිරීමට ප්‍රිය කෙනෙකු නම් ඕනෑම කලබල කාරී අවස්ථාවක කිසිදු බාහිර ශබ්දයක බලපෑමකින් තොරව නිදහසේ තව සංගීතයට සවන්දීමේ හැකියාව  Active Noise cancellation(ANC) විශේෂාංගය  හරහා හිමි වේ .

HUAWEI FreeBuds 4i හි  Awareness Mode මාදිලිය ද අන්තර්ගත වන අතර එමඟින් පරිශීලකයන්ට earbuds ඉවත් නොකර වටපිටාවේ ශබ්දය ඇසීමට ඉඩ සලසා දේ. Earbuds එක press කර එය එක දිගට hold කර සිටීමෙන් , HUAWEI FreeBuds 4iහි  Awareness Mode and Active Noise Cancellation Mode හරහා ස්වයංක්‍රීයව මාරුවීමේ හැකියාව පරිශීලකයාට හිමිවේ .ඇමතුම් අතරතුර පරිසරයේ ශබ්දයන් නිසා ඇතිවන ඝෝෂාකාරිත්වය අවම කිරීම සඳහා, HUAWEI FreeBuds 4i හි three anti-interference තාක්ෂනය භාවිතාකර ඇති අතර මෙමගින් ඇමතුම්වල ගුණාත්මකභාවය වැඩි දියුණු කර දෙනු ලැබේ . සුවිශේෂී beamforming  තාක්ෂණය මයික්‍රොෆෝනයට පරිශීලකයාගේ කටහඩ  නිවැරදිව තෝරා ගැනීමට ඉඩ සලසන අතර ද්විත්ව මයික් පද්ධතිය හා slit-duct නිමාව හේතුවෙන් එළිමහන් සුළං ශබ්දය  අඩු කරනු ලැබේ . AI noise reduction තාක්ෂණයද භාවිතාකර ඇති නිසා තවදුරටත් අමතර ශබ්දයන් මගින් වන බාධාකිරීම් නවතා ගැනීමේ හැකියාව HUAWEI FreeBuds 4i සතුව ඇත.

ඕනෑම earbuds මාදිළියක වැදගත් විශේෂාංගයක් ලෙස බැටරි ආයු කාලය සැලකිය හැකිය . HUAWEI FreeBuds 4i විශාල, ඉහළ ශක්තියකින් යුතු  බැටරියකින් සමන්විත compact frame නිසා මෙම  HUAWEI FreeBuds 4i උපාංගය දිගු බැටරි ආයු කාලයක් සහිත  විශිෂ්ඨ උපාංගයක් බවට පත් කරයි.

Active Noise cancellation(ANC) විශේෂාංගය අක්‍රිය කර ඇති විට, HUAWEI FreeBuds 4i පැය 10 ක අඛණ්ඩ සංගීත සවන්දීමක්  හෝ පැය 6.5 ක voice ඇමතුමක් ධාරිතාවක් ලබාදේ . charging case සමඟ එක්ව, එය පැය 22 ක සංගීත සවන්දීමක් හෝ පැය 14 ක හ vvoice ඇමතුමක් ධාරිතාවක් ලබාදේ. Active Noise cancellation(ANC) සක්‍රිය කර ඇත්නම්, එයට පැය 7.5 ක අඛණ්ඩ සංගීත සවන්දීමක් සහ පැය 5.5 ක හvoice ඇමතුමක් ධාරිතාවක් ලබාදේ . තවද,  මෙම උපාංගයන් අතර ප්‍රමුඛතම Charging තාක්‍ෂණය සහිත HUAWEI FreeBuds 4i මිනිත්තු 10 ක ආරෝපණයකින් පැය 4 ක ශ්‍රව්‍ය කාලයක් ලබා දෙයි. HUAWEI FreeBuds 4i සතු මෙම විශේෂ හැකියාව නිසා නිවසින් පිටතට පැමිණි  විට නොනවතින සංගීතමය රසාස්වාදයක් ලබාගැනීමට පරිශීලකයට අවස්ථාව හිමිවේ. ඕවලාකාර හැඩැති,සිත්ගන්නා සුලු මනා නිමාවකින් යුතු HUAWEI FreeBuds 4i  සෙරමික් වයිට්(Ceramic White) සහ කාබන් ක්‍රිස්ටල් බ්ලැක්(Carbon Crystal Black) සමඟ රතු (Refreshing Red) යන වර්ණ තුනෙන් ලබාගත හැකිය .

 HUAWEI FreeBuds 4i හි Charging Case එක සැලසුම් කර ඇත්තේ පරිශීලකයාගේ අත්ලේ ප්‍රමාණයට සරිලන සේය, ඉතා විශාල හෝ කුඩා නොවන මෙම නිමැවුම, ඔබේ අතේ ගෙන යා හැකි පරිපූර්ණ ප්‍රමාණයේ උපාංගයක් වේ. HUAWEI FreeBuds 4i හි eadbuds වල හැඩය විශේෂ පරීක්ෂණ කිහිපයක ප්‍රථිපලයක් ලෙස දැක්විය හැකි අතර කණට ගැලපෙන සුවිශේෂී හැඩයකින් නිමවා ඇත .මෙහි භාවිතා කර ඇති උසස් තාක්ෂණය නිසා  ඕනෑම වේලාවක සහ ඕනෑම තැනක දී පැහැදිලි ශ්‍රව්‍ය අත්දැකීමක් ලබා දීමට HUAWEI FreeBuds 4i සමත් වේ.

HUAWEI FreeBuds 4i හි එක් earbuds එකක දිග මිලිමීටර් 10 වන අතර මෙහි හැඩය සහ ප්‍රමාණය නිසා  සුළං ශබ්දය අඩු කිරීමේ හැකියාව මෙයට හිමි වේ.බොහෝ පරිශීලකයින්ගේ දෛනික අවශ්‍යතාවන්ට ගැලපෙන සමබර ශ්‍රව්‍ය අත්දැකීමක් ලබාදීමට සුදුසු ලෙස ඉහළ තාක්ෂණයන්ගේ HUAWEI FreeBuds 4i නිමවා තිබීම ප්‍රසංසනිය කරුණකි.HUAWEI FreeBuds 4i රු. 20,999/- මිළකට , සියලුම Huawei Experience Centers , දිවයින පුරා පිහිටි සිංගර් ප්‍රදර්ශනාගාර  , Daraz.lk හා Singer.lk වෙතින්ද  මිලදී ගත හැකි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *