ඇදහිය නොහැකි ආකර්ෂණීය විශේෂාංග රැසකින් එන Huawei Nova 7i දැන් ශ්‍රී ලංකාවේ

තාක්ෂණික උපාංග නිර්මාණයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් Mid-range මාදිලියේ ස්මාර්ට් දුරකථන අතරට Huawei Nova 7i හඳුන්වා දෙමින් තාක්ෂණික වෙළද පොළ තුළ පෙරළිකාර වෙනසක් ඇති කිරීමට සමත් විය.  Nova පවුලේ ස්මාර්ට් දුරකථන අතරට මෙලෙස හඳුන්වා දුන් Huawei Nova 7i අද්විතීය විශේෂාංග රැසකින් සමන්විත ආකර්ෂණීය ස්මාර්ට් දුරකථන මාදිලියක් ලෙස හැඳින්විය හැකිය.

ඇදහිය නොහැකි ආකර්ෂණීය මිලකින් වෙළද පොළ වෙත ඉදිරිපත් කර ඇති Huawei Nova 7i, Nova පවුලේ අනෙකුත් ස්මාර්ට් දුරකථන මෙන්ම  අලංකාර matte පෙනුමකින් යුක්ත වන අතර භාවිතයට සහ අල්ලා ගැනීමට පහසු aluminum frame පදනම් කර ගනිමින් නිපදවා ඇත. Huawei Nova 7i හි  අඟල් 6.4 ක් තරම් වූ dew drop තිරය දුරකතනයේ පෙනුම තව දුරටත් වර්ධනය කර ඇති අතර මේ හරහා දුරකථන ක්‍රීඩා සහ චිත්‍රපට නැරඹීමේදී පරිශීලකයාට වඩාත් පුළුල් අත්දැකීමක් හිමි වනු ඇත.

Lite-flagship මාදිලියේ  විශේෂාංග ඇතුළත් නවතම ජංගම දුරකතනය වන Huawei Nova 7i  හි 48MP ප්‍රධාන කාච, 8MP ultra wide කැමරාව,  2MP macro, සහ 2MP depth කැමරා වලින් සමන්විත Quad AI කැමරා පද්ධතිය හේතුවෙන් ඉතා අලංකාර සහ විශිෂ්ට ඡායාරූප ලබා ගැනීමේ හැකියාව පරිශීලකයින්ට හිමි වේ. AI තාක්ෂණයෙන් බල ගැන්වුණු Super Night mode නිසා අඩු ආලෝක තත්වයකදී වුව, blur-free වීඩියෝ ගැනීම Huawei Nova 7i හරහා හිමි වන අතර  දුරකථනය භාවිත කරන්නන්ට සෙන්ටිමීටර  4 ක් තරම් සමීපව වස්තුන්  focus කිරීමට එහි macro කාචය තුලින් හැකියාව ලැබේ. තවද Huawei Nova 7i  හි කැමරා සතු bokeh effects හා නවතම AI Portrait Colour මඟින් ඡායාරූප වලට සිනමාත්මක ගුණයක් ලබා දෙයි.  නවතම punch hole තාක්ෂණය මඟින් බල ගැන්වුණු  දුරකතනයේ 16MP ඉදිරිපස කැමරාව  full view තිරයෙහි වම් පස කෙරවලේ පිහිටා ඇති අතර මේ  හරහා කිසිඳු බාධාවකින් තොරව  තිරය පරිහරණය කිරීමේ පහසුව පරිශීලකයාට හිමි වේ. 

Huawei සමාගමේ මෙරට ප්‍රධානී පීටර් ලියු මහතා මෙම හඳුන්වා දීම පිළිබඳ අදහස් දක්වමින් මෙසේ කීහ. “Nova ජංගම දුරකතන පවුලට එකතු වුණු නවතම සාමාජිකයා වන Nova 7i  ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට ලැබීම අපට ඉමහත් සතුටක් වන අතර  ඉහළම පෙළේ විශේෂාංග අවම මිලකට පාරිභෝගිකයා වෙතට පිරිනැමීමට Huawei නිරතුරුවම කැපවෙමින් සිටින ආයතනයක්. එම දැක්මෙහි ප්‍රතිපලයක් ලෙස Nova 7i හැඳින්විය හැකි අතර එහි අසම සම මිල බොහෝ දෙනා ආකර්ෂණය කරගනු ඇතැයි මා විශ්වාස කරනවා. කාර්ය හැකියාව සහ භාවිතයේ පහසුව හැරුණු විට, Nova 7i  හි වැඩි දියුණු කළ තාක්ෂණය විශිෂ්ට ස්මාර්ට් දුරකථන අත්දැකීමක්  ලබා ගැනීම සඳහා බලාපොරොත්තුවෙන් පසුවන්නන් වෙනුවෙන්ම ඉලක්ක කර තිබෙන බව කිව හැකී”.

  8GB  RAM, 128GB මතක ධාරිතාවයක් සහ GB 256ක් දක්වා දිගු කල හැකි Nano මතක ධාරිතාවයක් ඇති Nova 7i,  4200mAh බැටරියකින්  සහ  40W Huawei SuperCharge පහසුකමින් යුක්ත වේ.  මේ තුලින් භාවිත කරන්නන්ට විනාඩි 30 ක් තුළදී  70% සිය Nova 7i  දුරකථනය චාර්ජ් කිරීමේ හැකියාව ලැබෙනු ඇත. තවද Kirin 810 චිප් සෙට් මත පදනම්ව Nova 7i  නිර්මාණය කර තිබීම හේතුවෙන් ඉතා හොඳ ස්මාර්ට් දුරකතන අත්දැකීමක් පාරිභෝගිකයාට හිමි වේ. 

නවතම  android 10 තාක්ෂණය  සහ  Huawei EMUI 10 සමඟින් නිපදවා ඇති Nova 7i මෑතකදී හඳුන්වා දුන් Huawei AppGallery අන්තර්ගත කර  පැමිණෙන නිසා  පරිශීලකයින්ට  තමන්ට අවශය පරිදි ආරක්ෂිතව Apps ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාව හිමි වේ.  තවද Nova 7i හි  ඉතා සුළු කාලයක් ඇතුළත unlock කර ගැනීමට Power Button මත  පිහිටි fingerprint scanner භාවිත කරන්නා මවිතයට පත් කරන  අතර  සිහින් බවින් හා මනා සේ ගැලපෙන නිමාවෙන් යුක්ත නිසා, භාවිත කරන්නාට ඔවුන්ගේ එදිනෙදා ජංගම දුරකතන කාර්යයන් ඉතා පහසුවෙන් කර ගැනීමට හැකියාව Nova 7i  තුලින් ලැබේ.

Sakura Pink, Crush Green සහ  Midnight black යන වර්ණ ත්‍රිත්වයකින් පාරිභෝගිකයා වෙතට එන Huawei Nova 7i , වඩාත් අලංකාර පෙනුමකින්ද  යුක්ත වේ.  රුපියල් 49,999.00  හඳුන්වා දීමේ මිලකට එන Huawei Nova 7i , දැන් සියලුම Huawei Experience සෙන්ටර්ස්, දිවයින පුරා සිංගර් ප්‍රදර්ශනාගාර වලින්, Daraz.lk, WOW.lk, Dialog.lk හා Singer.lk වෙතින්ද මිලදී ගත හැකි වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *