Teesside විශ්වවිද්‍යාලයේ ලාංකික සිසුන්ට Study Group වෙතින් රැකියා සූදානම් කිරීමේ වැඩසටහනක්

ලොව ප්‍රමුඛ පෙළේ ගෝලීය අධ්‍යාපන  සේවා සැපයුම් ආයතනයක් වන Study Group වෙතින් විදේශයන්හි අධ්‍යාපනය ලබන ලාංකික සිසුන්ට රැකියා ලබා ගැනීමේ අවස්ථාව තවත් පුළුල් කර දී තිබේ. ඒ අනුව එක්සත් රාජධානියේ සිය නව උසස් අධ්‍යාපන හවුල්කරුවා වන Teesside විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ට රැකියා සූදානම් කිරීමේ වැඩසටහන Study Group විසින් තවත් දීර්ඝ කර ඇත.

මෙම රැකියා සූදානම් කිරීමේ වැඩසටහන විශේෂයෙන් සැලසුම් කර ඇත්තේ ශ්‍රී ලාංකික සිසුන්ට රැකියාවක් ලබා ගැනීමේ අවස්ථා වැඩි කර දීම සඳහාය. මෙමගින් සිසුන්ට රැකියා ලබා ගැනීම සඳහා අවශ්‍ය විවිධත්වයෙන් යුතු කුසලතා වර්ධනය කර ගැනීමට සහාය වේ. විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගත් පසු සිසුන්ට මෙම කුසලතා උපයෝගී කර ගනිමින් ගෝලීය රැකියා  අවස්ථා හිමි කර ගැනීමට හැකිවේ, එමගින් ඔවුන්ට තව දුරටත් ඉගෙන ගනිමින් ආදායමක් උපයා ගැනීමට අවස්ථාව හිමිවීම ජිවිතයට වඩාත් ශක්තිමත් බවක් ගෙන දෙයි. එක්සත් රාජධානියේ ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයක හෝ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක ලියාපදිංචිය තහවුරු කරන සියලුම සිසුන් වෙනුවෙන් මෙම රැකියා සූදානම් කිරීමේ වැඩසටහන සඳහා වන පිරිවැය Study Group විසින් පිරිනමනු ලබයි.

Study Group ආයතනය සිසුන්ට අධ්‍යාපනික ද්‍රව්‍ය සපයමින් ගෝලීය රැකියා අවස්ථා හිමිකර ගැනීමට අවශ්‍ය පරිදි ජීව දත්ත පත්‍රිකා ලිවීමට හා තොරතුරු ඉදිරිපත් කිරීමට සහය වේ. එහිදී රැකියා සම්මුඛ පරීක්ෂණ සඳහා පුහුණු කිරීම් සහ පෙරහුරු සම්මුඛ සාකච්ඡා වලින් සිසුන්ට පුහුණුව ලබා දෙයි. වැඩසටහන නිම කිරීමෙන් පසු අනාගත සේවායෝජකයින් සමඟ සම්මුඛ සාකච්ඡා අවස්ථා තුනක් හිමි කර ගැනීම සඳහා වූ සහාය හා ආධාර ලබා ගැනීමට සිසුන් සුදුසුකම් ලබයි. සිසුන් තෝරාගත් ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය හෝ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයට සමීප සමාගම් සඳහා මෙම සම්මුඛ පරීක්ෂණ පවත්වනු ලැබේ.

Study Group කළමනාකාර අධ්‍යක්ෂ ජේම්ස් පිට්මන් මහතා රැකියා සූදානම් කිරීමේ වැඩසටහන දියත් කිරීම පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “ශ්‍රී ලංකාවේ සිටින අපගේ බොහෝ ජාත්‍යන්තර ශිෂ්‍යයින්ගේ පවුල්වලට වසංගත තත්ත්වය දැඩි බලපෑමක් ඇති කර තිබෙනවා. ඉතින් Study Group අපි මේ වසරේ දී සිසුන් සඳහා රැකියා සූදානම් කිරීමේ වැඩසටහනක් හඳුන්වා දුන්නා. මේ මගින් සිසුන්ට අධ්‍යයන කටයුතු කරගෙන යන අතරම ඔවුන්ගේ රැකියා කුසලතාවයන් වර්ධනය කර ගැනීමට හැකි වෙනවා. ඔවුන්ට රැකියා සම්මුඛ සාකච්ඡා අවස්ථා තුනක් සඳහා  සහයක ආධාර ලබා දීම සිදු කෙරෙනවා. ඊට අමතරව ලාංකික සිසුන්ගේ උපාධි පාඨමාලා සාර්ථකව නිම කිරීමෙන් පසු ඔවුන්ගේ වෘත්තීය ජීවිතය සඳහා සූදානම් වන විට ද එය වඩාත් උපයෝගී කර ගත හැකි වනවා.

Study Group හී ශ්‍රී ලංකාව වෙනුවෙන් වූ කලාප අධ්‍යක්ෂ ශ්‍රීනි බණ්ඩාර මේ පිළිබඳව වැඩි දුර අදහස් දැක්වීය.“ Study Group  හි මෙම රැකියා සූදානම් කිරීමේ වැඩසටහන සිසුන්ගේ අනාගතය වෙනුවෙන් අප කරන ලද අපූරු මුලපිරීමක් බව සඳහන් කල යුතුයි.  එය සැලසුම් කර ඇත්තේ උසස් අධ්‍යාපන පාඨමාලාව සම්පූර්ණ කරන ශ්‍රී ලාංකික සිසුන් රැකියා සඳහා සූදානම් බව සහතික කිරීම සඳහායි. තම අනාගත රැකියා අපේක්ෂාවන් වැඩිදියුණු කර ගනිමින් එක්සත් රාජධානියට පැමිණි විගස, සිය වෘත්තීය නිපුණතා සහ අදාළ සේවා පළපුරුද්ද වර්ධනය කර ගැනීමට සිසුන්ට මෙම වැඩසටහන හරහා හැකිවනවා. එලෙසම සිසුන්ට තමන් තෝරාගත් අධ්‍යයන ක්ෂේත්‍රය පිළිබඳ දැනුම හා ප්‍රවීණතාවය ගොඩනඟා ගැනීමටත් මෙමගින් අවස්ථාව හිමිව තිබෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායේ නිපුණතා හිඟකම් පුර්ණය කිරීම සඳහා ඔවුන් ශක්තිමත් පදනමක් නිර්මාණය කරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *