ස්වදේශී කොහොඹ ඇසළ උත්සවයට සමඟාමීව ශ්‍රී ලංකාවේ ඓතිහාසික ස්ථාන 05ක් ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය යටතේ ආලෝකමත් කරන ලදි

ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන කදානේ ස්වදේශී කර්මාන්තායතනය විසින් ඇසළ උත්සවයට සමඟාමීව මහනුවර ශ්‍රී විෂ්ණු මහ දේවාලය, සබරගමුව මහ සමන් දේවාලය, දැරණියගල සමන් දේවාලය, ලංකාතිලක රජ මහා විහාරය, රිදීගම රිදී විහාරය යන ඓතිහාසික වටිනාකමක් ඇති පූජනීය ස්ථාන ආලෝකමත් කරන ලදි. ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය යන තේමාව පෙරදැරිව මෙම ආලෝක පූජාව සිදු කරන ලදි.

ස්වදේශී සමාගමේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිණිය මෙම ආලෝක පූජා වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියේ “ශ්‍රී ලාංකික සමාගමක් ලෙසින් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා සාම්ප්‍රදායික උරුමය ආරක්ෂා කරමින් මෙවැනි වාර්ෂික ආලෝක පූජාවන්ට සහයෝගය දැක්වීම අප සතු යුතු කමක්. ස්වදේශී විසින් මෙරට ආගමික සිද්ධස්ථාන ආලෝකමත් කිරීමේ ප්‍රයෝජනය සියලු වන්දනාකරුවන්ට ලැබෙන අතර, ශ්‍රී ලාංකික උරුමයන් සුරැකීම පිළිබඳව මතු පරපුර වෙත පූර්වාදර්ශයන් ද සපයනවා” යනුවෙනි. මෙම ආලෝක පූජාව අතරතුර ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායයන් සහ ඉතිහාසය පිළිඹිබු කරමින්  කෝවිඩ් 19 ආරක්ෂක ක්‍රම අනුගමනය කරමින් වර්ණවත් පෙරහැර සංදර්ශනයක් ද පවත්වන ලදි.

රාජකීය සභාව (මහා වාසල)  සහ ශ්‍රී දළදා මාළිගාව සමඟ දිර්ඝ කාලීන සබඳතාවක් ඇති  ශ්‍රී මහා විෂ්ණු දේවාලය, මහනුවර හතර දේවාලයන්ගෙන් එකකි. සබරගමුව මහා සමන් දේවාලය ශ්‍රී ලංකා ඉතිහාසයේ වසර 11ක් පුරාවට (ක්‍රිස්තු වර්ෂ 1581 සිට ක්‍රි.ව. 1592 දක්වා)  දළදා වහන්සේ  ආරක්ෂා කළා වූ ස්ථානයයි. 13 වන සියවසේ දී දෙවන පරාක්‍රමභාහු රජුගේ පාලන සමයේ දී ඉඳි කරන ලද්දකි.  දැරණියගල සමන් දේවාලය පෞරාණික පුජනීය ස්ථානය ප්‍රදේශයට මහත් සම්පතකි. මෙම දේවාලයේ පුරාවෘත්තය 11 වන රාජසිංහ රජ සමයට අයත් වේ.

ලංකාතිලක රජමහා විහාරයේ ඉතිහාසය ගම්පොල රාජධානි යුගය දක්වා දිව යයි. ක්‍රි.ව. 1344 දී IV බුවනෙකබාහු රජු විසින් මෙම විහාරය ඉදි කරවන ලදි.  අතීතයේ දී මෙම පන්සල මහල් 04කින් සමන්විත වූ අතර අද වන විට, බිම් මහල සහ පෙර විහාරස්ථානයේ පළමු මහල පමණක් දැක ගත හැකිය. ස්වදේශී කොහොඹ වෙතින්  ආලෝකමත් කළ රිදීගම රිදී විහාරයේ ඉතිහාසය  මහා වංශයට අනුව  අනුරාධපුර යුගය දක්වා දිව යයි. පුරාවෘත්තයේ සඳහන් වන්නේ දුටු ගැමුණු රජ සමයේ රුවන්මැලි මහා සෑය ඉදි කිරීම සඳහා රිදී ලබා ගත් ස්ථානය සිහිපත් කිරීමෙහිලා රිදී විහාරය ඉදි කරන ලද බවයි.

අතීත මහිමය නැවත ගෙන ඒමෙහිලා  2013 වසරේ දී, ස්වදේශී සමාගමේ සභාපතිනී, අමරි විජයවර්ධන මැතිණිය විසින්  ඓතිහාසික දඹදෙණි රජමහා  විහාරයේ ‘ ශ්‍රී දළදා මාළිගාව’ සහ පෞරාණික බිතු සිතුවම්  අලුත්වැඩියා කරන ලදි.  අමරි විජයවර්ධන මැතිණිය, 1927 දී කැලණිය රජමහා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ, හෙලේනා විජයවර්ධන ළමාතැනීගේ මිණිබිරියයි.

කතරගම කිරි වෙහෙර, රුහුණු මහ කතරගම දේවාලය, සෙල්ල කතරගම දේවාලය, දෙවුන්දර උත්පල වර්ණ ශ්‍රී විශ්නු මහා දේවාලය, අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලය, අම්මඩුව කුඩා කතරගම දේවාලය, දඹදෙණිය රජ මහා විහාරය,ගොඩකවෙල සංඛපාලි රජ මහා විහාරය  සහ කෑරගල රජ මහා විහාරය යන ඓතිහාසික ආගමික සිද්ධස්ථානයන් හී වාර්ෂික ආලෝක පූජාවන් වෙත ස්වදේශී කොහොඹ සිය අඛණ්ඩ සහයෝගය ලබා දෙයි.

100%ක් දේශීය සමාගමක් ලෙසින් ස්වදේශී ජාතිය ගොඩ නැගීමේ සහ ප්‍රජා සත්කාරක වැඩසටහන් ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන්  අඛණ්ඩව සිදු කරයි.  ස්වදේශී කොහොඹ, ස්වභාව දහම රැක බලා ගැනීමට සහ සංස්කෘතික වටිනාකම් ඉහළ නැංවීමට අවධානය යොමු කරමින් තිරසර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කැපවෙයි.   සමාගමේ බොහෝ සමාජීය වැඩසටහන් තුළ ආගමික ස්ථාන, දුම්‍ රිය ස්ථාන හා පාසල්වලට දෑත් සෝදන සින්ක් පරිත්‍යාග කිරීම්, කොවිඩ් – 19 වසංගත තත්වය තුළ ළමුන් ඉලක්ක කර ගත් වීඩියෝවක් හරහා දෑත් නිවැරදිව පිරිසිදු කිරීමේ  පියවර පිළිබදව සමාජය දැනුවත් කිරීම, ස්වදේශී කොහොඹ මිහිතල සත්කාරය යටතේ කොහොඹ පැළ වගා කිරීමේ ව්‍යාපෘති, ශ්‍රී ලංකාවේ  වියළි කලාපයේ ජනතාව වෙත ජල ටැංකි පරිත්‍යාගය, ගැබිණි මව්වරුන් වෙත කොහොඹ බේබි ළදරු සනීපාරක්ෂණ නිෂ්පාදන ප්‍රදානය සහ ස්වදේශී කොහොඹ බේබි ‘හොද පුරුදු’ පොත හරහා ඉක්මනින් වියැකී යන යහපත් වටිනාකම්   ඉස්මතු කරමින් පාසල් දරුවන් දැනුවත් කිරීම අඩංගු වේ.

ශාකසාර සබන් නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළඳපොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය, 1941 වසරේ ආරම්භ කරන ලද ISO 9001 – 2015 සහතික ලත් සමාගමකි. ස්වදේශී කර්මාන්තායතනය මගින් වෙළෙඳ පොළට නිකුත් කරන ජනප්‍රිය වෙළඳ නාම අතර කොහොඹ හර්බල්,  රාණි සඳුන්, කොහොඹ බේබි, පර්ල්වයිට්, සේෆ්ප්ලස්, ලක් බා(ර්), බ්ලැක් ඊගල් ප(ර්)ෆියුම්, කොහොඹ සහ රාණි ෂවර් ජෙල් නිෂ්පාදන පෙළ ඇතුළත් වේ.  මෙම සියලු නිෂ්පාදන 100%  ශාකසාර නිෂ්පාදන වන අතර, සතුන් ආශ්‍රිත පර්යේෂණ සිදු නොකරයි. මෙය සමාගමේ ඉදිරි චින්තන භාවිතාවන් මෙන් ම පාරිභෝගික‍යා සදාචාරාත්මක හා පරිසර හිතකාමී තෝරා ගැනීම් කිරීමට සමාගමේ ඇති කැමැත්ත පෙන්වන මිනුමකි. සෑම ස්වදේශී නිෂ්පාදනයක්ම, සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) යටතේ ලියාපදිංචි කළ නිෂ්පාදන වේ. ස්වදේශී නිෂ්පාදන සඳහා යොදා ගන්නා සුවඳ ගන්වන, ජාත්‍යන්තර විලවුන් සංගමය (IFRA) මගින් අනුමත කර ඇති අතර, සෑම නිෂ්පාදනයක්ම, ISO 9001 – 2015 තත්ත්ව සහතික යටතේ නිපදවා තිබේ.

එසේම සමාගම විසින් ශ්‍රී ලංකාවේ අංක එකේ ශාකසාර සන්නාම වන, ස්වදේශී කොහොඹ ශාකසාර සන්නාමය හා රුව වඩන සදුන්  වන රාණි සදුන් නිෂ්පාදනය හා විකිණීම සිදු කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *