ඩීමෝ නවතම WD-40 Specialist® නිෂ්පාදන පෙල හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමාගමක් වන ඩීමෝ විසින්, නවතම සහ වැඩි දියුණු කල ග්‍රීස්, ලිහිසි තෙල් සහ පිරිසිදුකාරක වර්ග ඇතුළත් WD-40 Specialist® නිෂ්පාදන පරාසය දේශීය වෙළඳ පොලට හඳුන්වා දෙයි. ශ්‍රී ලංකාව තුළ WD-40 සඳහා එකම බලයලත් බෙදාහැරීම් නියෝජිත වන්නේද ඩීමෝ සමාගමයි.

නවතම WD-40 Specialist නිෂ්පාදන පෙල සාමාන්‍ය සහ රථවාහන මාදිලියේ අවශ්‍යතා සඳහා විසඳුම් ඉදිරිපත් කරයි. සාමාන්‍ය භාවිතය සඳහා වන නිෂ්පාදන අතර, මිලි ලීටර් 360 වයිට් ලිතියම් ග්‍රීස් ඉහළ උකු බවකින් යුත් විශේෂයක් වන අතර, ඉහළ මෙහෙයුම් කාර්යසාධනයක් ලබා දෙයි.  මිලිලීටර් 360 සිලිකන් ස්ප්‍රේ තෙතමනයට එරෙහිව ආරක්‍ෂාව ලබා දෙන අතර, කුණු දුහුවිලි ආකර්ෂණය කර නොගන්නා ඉහළම ප්‍රමිතියකට අනුව නිෂ්පාදනය කර ඇත.360ml සහ 200ml කන්ටැක්ට් ක්ලීනර් මඟින් ඉලෙක්ට්‍රෝනික උපකරණ සහ විදුලි උපකරණ මත වූ තෙල්, කුණු, අවශේෂ, කඩිනමින්ම උපකරණයන්හි සෑම ස්ථානයක් වෙතම ගමන් කරමින් පිරිසිදු කරන අතර, ඉතාමත් ඉක්මනින් වියලීමද සිදු කරයි.  360ml Dry Lube වල PTFE (පොලිටෙට්‍රෆ්ලෝරෝඑතිලීන්) අඩංගු වන අතර, එමඟින් අපිරිසිදු දූවිලි හා තෙල් ආකර්ෂණය වීම වලක්වාලමින් ආරක්‍ෂාව ලබා දේ. මිලි ලීටර 450 ඩීග්‍රීසර් (Degreaser) වෙළඳ පොළට පැමිණෙන්නේ ගැඹුරු ලෙස කාවැදුණු ග්‍රීස්, තෙල්, අපිරිසිදුකාරක, තාර, මැලියම් සහ ඒ හා සමාන ද්‍රව්‍ය ඉවත් කරන හැකියාවත් සමඟින්ය. 

රථවාහන හා සම්බන්ධ නිෂ්පාදන පරාසය ගතහොත්,  මිලි ලීටර් 450 ක Brakes and Parts Cleaner, කුණු දුහුවිලි ඇතුළු අවශේෂයන්ගෙන්, පැල්ලම් සහ මලකඩ බැඳීම් වලින් රථ වාහන ආරක්ෂා කරගත හැකි, බ්‍රේක් සහ වෙනත් රථවාහන කොටස් සඳහා වෙන්වූ පිරිසිදු කාරකයකි. එය අනවශ්‍ය තිරිංග ශබ්දයන් වැළක්වීමට මෙන්ම, ක්ලච් ලිස්සා යාම වැළක්වීමට ද  උපකාරී වේ.  මිලිලීටර් 360 Chain Lube යනු ඉහළ කාර්ය සාධනයකින් යුත්, ලිහිසි තෙල් වර්ගයක් වන අතර එය Street සහ off Road යතුරුපැදි, Cart සහ ATV උපාංග සඳහා වඩාත් සුදුසු වේ.

මෙම නිෂ්පාදන පරාසය පිළිබඳ අදහස් දක්වමින්, ඩීමෝ හි අධ්‍යක්ෂ විජිත බණ්ඩාර මහතා මෙලෙස පවසයි. “ඩීමෝ හි අප සෑම විටම උත්සාහ කරන්නේ දේශීය  පාරිභෝගිකයින් හට ලොව පුරා පිළිගත් වෙළෙඳ නාම හා හවුල්කරුවන් වෙමින්, හොඳම තත්වයේ නිෂ්පාදනයන් තිලිණ කිරීමටයි. වැඩිදියුණු කළ WD-40 Specialist range කදිම නිෂ්පාදන පෙලකි. පාරිභෝගිකයින්ගේ වෙනස් වන අවශ්‍යතා හඳුනා ගනිමින්, ඒවා සපුරාලිය හැකි  හොඳම තත්ත්වයේ වැඩිදියුණු කළ නිෂ්පාදන වෙළද පොළට හඳුන්වා දීමට අප කැපවෙමින් ක්‍රියා කරනවා.”

තවද, WD-40 බහුකාර්ය නිෂ්පාදන පරාසය, ලෝහ මත ඇතිවන මලකඩ වලින් ආරක්ෂණ කරන අතරම, සිරවී ඇති කොටස් හරහා විනිවිද යයි. තෙතමනය අවම  කර ඕනෑම දෙයක් ලිහිසි කරයි.බොහෝ මතුපිට වල තැන්පත් වූ ග්‍රීස් ඇතුළු අනෙකුත් අපිරිසිදු ද්‍රව්‍ය පහසුවෙන් ඉවත් කරයි. මේවා මිලි ලීටර් 100 ක පහසු ඇසුරුම් වලින් මෙන්ම, 191ml, 333ml, 412ml කෑන් සහ 4L තොග කෑන  වශයෙන් ලබා ගත හැකිය. තවද, WD-40  aerosol ස්ප්‍රේ දශකයකට වැඩි කාලයක් තිස්සේ මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින්ට සිය එදිනෙද කාර්යයන් සඳහා උපකාර කර ඇත.

ලොව ප්‍රකට සන්නාමයක් වන WD-40, ලොව පුරා විසිරුණු කර්මාන්ත ශාලා, ව්‍යාපාර සහ නිවාස වල විවිධ ගැටලු සඳහා සාර්ථක විසඳුම් ඉදිරිපත් කරමින් සිටියි. දශක 8 ක ඩීමෝ විශ්වාසය සමඟින් වෙළඳ පොළට පැමිණෙන  WD-40 නිෂ්පාදන, දිවයින පුරා විහිදුනු සාමාන්‍ය වෙළඳ සාප්පු, ඔන්ලයින් වෙළඳ ජාලයන්, රථවාහන උපාංග වෙළඳ සැල්, හාර්ඩ්වෙයා සහ සුපිරි වෙළඳ සැල් හරහා පහසුවෙන්ම මිලදී ගැනීමේ හැකියාව හිමිවේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *