VIVO විසින් සෞඛ්‍යය අමාත්‍යංශය වෙත රුපියල් මිලියනයක වටිනා කමකින් යුත් ශල්‍ය මුහුණු ආවරණ පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින කොවිඩ් -19 අභියෝගය ජයගැනීමේ ජාතික ප්‍රයත්නයට ක්‍රියාකාරීව සිය දායකත්වය ලබා දෙමින්, ජාත්‍යන්තර  ප්‍රකට ජංගම දුරකතන සන්නාමයක් වන vivo විසින්  සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත රුපියල් මිලියනයක් වටිනා ශල්‍ය මුහුණු ආවරණ පරිත්‍යාග කිරීමක් පසුගියදා සිදු කෙරිණි.

VIVO හි #vivocares සමාජ වගකීම් වැඩසටහනේ එක් අදියරක් ලෙස ක්‍රියාත්මක කල මෙම ව්‍යාපෘතිය හරහා ශල්‍ය මුහුණු  ආවරණ 15,000 ක ප්‍රමාණයක් පරිත්‍යාග කරන ලද අතර දිවා රෑ නොබලමින්, ඉතා කැපවීමෙන්, වෛරසයට එරෙහි සටනේ නිරත වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව මෙම ව්‍යාපෘතිය හරහා අපේක්ෂා කරයි. 

මෙම ශල්‍ය මුහුණු ආවරණ තොගය VIVO මොබයිල් ලංකා හි අධ්‍යක්ෂිකා ඇලිසන් ජින් විසින් පසුගියදා (09)  සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ලබා දීම අමාත්‍යංශ පරිශ්‍රයෙදී සිදු කෙරෙණි.

vivo මොබයිල් ලංකා හි ප්‍රධාන විධායක නිලධාරි කෙවින් ජියෑං මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පැවසීය. “මුළු ලොවම මෙම පැතිර යන වසංගතය හමුවේ, සෞඛ්‍යමය වශයෙන් ඉතා අසීරු කාල සීමාවක් පසු කරමින් සිටිනවා. මෙහිදී අප විසින් ඉදිරි කාල සීමාව තුල පැවැත්වීමට නියමිතව තිබූ සියළුම නව නිෂ්පාදන හඳුන්වා දීම් ද ඉදිරියට කල් දැමීමට තීරණය කරා.  තවද මෙම තීරණාත්මක කාල සිමාවේ රට තුල සෞඛ්‍යමත් පරිසරයක් ගොඩ නැංවීමට අවශ්‍ය ක්‍රියා මාර්ග සඳහා රජයට අපගේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන අතර දැනට අප සැමගේ ආරක්ෂාව වෙනුවෙන් කැප වී ක්‍රියා කරන සියලුම පාර්ශවයන්ගේ කාර්ය භාරයන් අප අගය කොට සිටිනවා”. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *