ඇන්ටන් ආමර් uPVC, හරිත ලේබල් සහතිකයෙන් පිදුම් ලබයි

ඇන්ටන් ආමර් uPVC සෙවිලි තහඩු, “හරිත ගොඩනැගිලි කවුන්සිලය වෙතින් පිරිනමන “හරිත ලේබල් සහතිකය සහ “ISO 9001:2015” ජාත්‍යන්තර තත්ත්ව සහතිකය හිමිකරගැනීමට සමත් විය.

“ඇන්ටන් ආමර් සෙවිලි තහඩු එහි වටිනාකම සහ ගුණාත්මකභාවය නිසා අවස්ථා කිහිපයකදීම පැසසුමට ලක්වූ අතර ශ්‍රී ලංකාවේ සෙවිලි කර්මාන්ත අංශයේ හරිත ලේබල් සහතිකයෙන් පිදුම් ලැබූ පළමු සන්නාමයද විය.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශාන්ත අන්තෝනි කර්මාන්ත සමූහයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලහිරු ජයසිංහ මහතා පැවසුවේ මෙවැන්නකි. “හරිත ගොඩනැගිලි කවුන්සිලය වෙතින් පිරිනමන “හරිත ලේබල් සහතිකය හිමිකර ගැනීමට ලැබීම අපිට ඉතාමත් ආඩම්බරයක් සහ අපගේ පාරිභෝගිකයින්ට පරිසර හිතකාමී ඇන්ටන් ආමර් uPVC සෙවිලි තහඩු ඇන්ටන් වෙතින් දැන් මිලදී ගත හැක.”

“සමාගමේ ලාභදායිත්වය පමණක් අරමුණු කර ගැනීම පසෙකලා අපි සැමවිටම අවධානය යොමු කරන්නේ පුද්ගලයින්ගේ ජීවිතවලට සහ පෘථිවි තලයට ධනාත්මක බලපෑමක් ඇති කරන්නේ කෙසේද යන්න පිළිබඳවයි. තවද අපගේ මෙහෙවර මෙන්ම “වැදගත් තැනක මුල්තැන” යන තේමා පාඨයද අපි දැඩිලෙස අනුගමනය කරන්නෙමු.” ජයසිංහ මහතා තවදුරටත් පවසා සිටියේය.

නිරන්තරයෙන් තිරසාරභාවය සහ නවෝත්පාදන අගයන ඇන්ටන් සමාගම, “ආමර්” යන උප වෙළඳ නාමය යටතේ uPVC සෙවිලි තහඩු මීට වසර කිහිපයකට පෙර හඳුන්වා දෙන ලදී. ඇන්ටන් ආමර් uPVC සෙවිලි තහඩු, අධික ශබ්ද, ගිනි පැතිරවීම සහ මල බැඳීම වළකන අතර දිගුකලක් නොවෙනස්ව පවතින වර්ණයන්ගෙන් තෝරාගත හැකිවීම සහ අඩු ස්ථාපන පිරිවැය වැනි ප්‍රතිලාභ රැසකින් සමන්විත වීමත් මෙම හරිත ලේබල් සහතිකයෙන් පිදුම් ලැබීමත් ඇන්ටන් ආමර්හි තිරසාරභාවය විදහා දක්වන ප්‍රබල සංකේතයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *